කුරුණෑගලදී අද (14) පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවකදී මෙරට සිදුවන දූෂණ වංචා හෙළි කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස ඇමතීය.
ළඟ හිටපු අය මහ රජාණනි කියල ගීත ගයන කොට මහින්ද රාජපක්ෂ මහත්තයට හිතෙන්න ඇති ඇත්තටම රජෙක් වෙන්න. රාජකීය හීනයක් තිබුණට මේ රටේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. එතුමට ඒක අමතක වුණා. ඒක අපිට අමතක කළ නොහැකි නිසා රාජිත ඇමතිතුමා, මම හොරකම, නාස්තිය, දූෂණයට විරුද්ධව එළියට බැස්සා.
අද කරන සංවර්ධන වැඩ අපි එකක්වත් නවත්වන්නේ නෑ. මීට වඩා විනිවිදභාවයකින් යුතුව මේ මුදල්වලින් මීට වඩා තුන් ගුණයක් වැඩ අපි කරනවා.
ව්‍යාපෘතියක් හදද්දී ඇස්තමේන්තු කරන්නේ 2/3 ක් ඇරලා. ඒවා පැත්තක සිටින අයගේ සාක්කුවට. උතුරු දුම්රිය මාර්ගය හදන්න මුලින්ම කිලෝමීටරයකට රුපියල් මිලියන 44 ක් තමයි ඇස්තමේන්තු කළේ. ඒ වෙනුවට රුපියල් මිලියන 340 ක් දාලා අලුතින් ඇස්තමේන්තු හදල තමයි ඒක හැදුවේ.
අපි හදන අලුත් ආණ්ඩුව හැම රජයේ සේවකයකුටම ඔළුව උස්සල ඉන්න පුළුවන් විදියට ස්වාධීනව ඔළුව උස්සන ආර්ථිකයක් හදනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන ලක්ෂ 24 ට අපේ අලුත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප් ලබා දෙනවා. අවම වැටුපක් ලබා දෙනවා. විදෙස් ශ්‍රමිකයන්ට ස්ථිරවම විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.
අද රණවිරුවන් පිඟන් හෝදනවා. ගල් කඩනවා, ලොක්කන්ගේ ගෙදර තණකොළ කපනවා. අද රණවිරුවා කම්කරුවෙක් කරලා. නිල ඇඳුමට ගරුත්වයක් දී ත්‍රිවිධ හමුදාවේ සැමදෙනාටම සැබෑ ගෞරවය අපි දෙනවා. ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට ගරුත්වයක් සහිතව වෘත්තීයේ නියැලෙන්න ඉඩ සලසනවා.
තාරුණ්‍යයට හෙටක් බාලගිරි දෝෂය වගේ. තාරුණ්‍යයට අදක් නෑ හැමදාම හෙටක් විතරයි. අසරණ ජනතාවගේ සල්ලි වලින් කෝටි දහස් ගාණක් වියදම් කර ඇඹිලිපිටියේ අලුත් ජනාධිපති මන්දිරයක් හැදුවා. අලුත් හෙලිකොප්ටර් 6 ක් ගෙනාවා. වෙනම එක එක්කෙනාට පයිලට්ල වෙන්කරගත්තා. රටක ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම ජීවිතය පූජා කරන්න ලෑස්තිවෙලයි මේ සටනට බැස්සේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සංවර්ධනය නම් වූ සංදර්ශනය අපි බලාගෙන හිටියා. හොඳට බැලුවහම පේනවා වියදම ගොඩක් වැඩියි කියලා. ප්‍රතිලාභය ගොඩක් අඩුයි. පැහැදිලි නාස්තියක් දකිනවා. අපි එය හෙළා දකිනවා. (නි)
මගේ නමින් විරුද්ධ අදහස් දාන එක මෛත්‍රී මහත්තයගේ යහපාලනයේ අංගයක්නම් ඉතින් 9 වෙනිදා වෙනකම් ඒ යහ පාලනයට ඉඩ දීල අපි පැත්තකට වෙන්නම්..9 වෙනිදට කට්ටියට වෙන්නේ ඔය එස් එම් එස් ජනපතිත් එක්ක වලන් කටු කැලි සමව බෙදාගෙන අනුභව කරන්න තමයි..හැමදාම හැම චන්දෙකදිම එසැන පුවත් වලින් අන්තර්ජාලයෙන් ජනපතිලා හදන ආණ්ඩු පෙරලන අය්යල ටික අර මගේ අනාවැකිය ආයේ මතකේ තියාගන්න.මහින්ද 56% .මයිත්රී් 41 යි ..වෙනත් 3%යි..බොරු වුනොත් ඩුප්ලිකේට් බන්දුල පෙරේරා ඉදිවී..ඔර්ජිනල් එක එසැන පුවත් වලින් යාවි (බ)
කථාව නම් ඇත්ත තමයි ඒත් මේවා කරන්න පුලුවන් නම් මමත් ගොඩක් පිං කරලා ඇති කියලා හිතනවා.. මොකද අපේ රණවිරැවෝ දැන් මොනවාද නොකරන්නේ.. දන්න මිනිස්සු දන්නවා... රණවිරැවා හිගන්නෙක් තරමට දාලා තියෙන්නේ දැන්... කලින් ආමි නේවි එයාර්පෝස් කිව්වත් තිබුණ තත්වයයි දැන් තියෙන තත්වයයි වෙනස කොහොමද... වැරදි කරන අය ඉන්නවා නෑ කියන්නේ නෑ. එත් 95% හොද මිනිස්සු ඉන්නේ්... දේශපාලනය තමයි මේවා විකුණගෙන කාලා තියෙන්නේ.... (නදී)
මේක වහාම නවත්වමු. අපි එක්වී නැඟීසිටිමු. (නි)
අපිට තියන ප්‍රශ්නය තමා ඔබතුමා ඕව කියන්නේ, ඔබ ලග ඉන්න අය ගසා කෑම, , දුෂණ ,වංචා, නොකරපු. අතිපිරිසිදු අය කියල සහතික කරලද ? (නදී)
තුවක්කුව අරගෙන හමුදා භටයින් යුද්ධයට යනවා වගේම අනෙක් අවස්ථාවේදී ඒ ඒ අවස්ථාවන් අනුව ක්‍රියාකරනවා.ඒක හමුදා භටයාට ලැජ්ජාවක් නෙමෙයි. හමුදාවක සම්ප්‍රදායන් වෙනස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. (නි)
රටේ දුෂණය, කොමිස් ගැහිලි නවතා අනාගත දරුවන්ට රටක් ඉතිරි කර දිය යුතුයි (නදී)
බන්දුල පෙරේරා, මේක මකරුන් පන්නන වෙලාව. පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි ලඟට දැන් ඉන්නේ චීන්නු. කළු චීනෙක් වෙන්ඩ එපා (නදී)
රණවිරුවන් රටේ සංවර්ධනයට දායකවීමේ වරදක් මම දකින්නේ නැහැ (නි)
රණවිරුවෝ බේරේ වැවේ ජිවිත 5ක් බේරාගෙන, ඉතින් ඔබගේ ක්‍රමයට මේවා අයිති වැඩද ? නැද්ද ? (බ)
අනේ ඔව් ජගත්, ඒක පරිගණක විජ්ජා වලට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ නේද? (නි)
මොලයක් තියෙන මිනිස්සු මේ පාර වෙනසකට වැඩ කරන්නේ (නදී)
රණවිරුවා දැන් දායකවෙලා ඉන්නේ රටේ සංවර්ධනයටයි. ඔවුන්ගේ සේවය අවතක්සේරු කරන්න එපා. හැමෝම බලය ගන්නතුරු විතරක් සාධාරණයක් ගැන කතාකරන එක හරිම කණගාටුවක්. (නි)
දැනටම රට විකුණලා ඉවරයි රටම හුරගෙන කාල තියෙන්නේ ජනතාව හොදට හිතල තමන්ගේ මනාපේ දෙන්න. (බ)
ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත රටවිරුවන්ට අත්විඳින්න සිද්ධ වී ඇති තත්ත්වයද ඛේදනීයයි. සෑම දිනකම ගුවන් තොටුපොළේ මොනතරම් රටවිරුවන් අසරණ වෙනවාද කියලා ගිහිල්ලාම බලන්න ඕනෑ. (නි)
දූෂනයට එරෙහිව නොබියව රටේ අනාගතය වෙනුවෙන් හඩ නගන මෛත්‍රීපාල මැතිදුනි ඔබට ජය නියතයි. (බ)
මගේ නෑදෑයින්,හිත මිත්‍රයින්, ව්‍යාපාරිකයන් මෛත්‍රී මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම දැනුවත් කළත්, කියන්නත් කලින් ඔවුන් හොඳටම දැනුවත් වෙලයි ඉන්නේ. (නි)
ජගත්,රටේ භාරකාරයා වීමෙයි රටේ අයිතිකාරයා වීමෙයි වෙනස මතයි ජනතාවගේ කැමැත්ත තීරණය වෙන්නේ. (නි)
බන්දුලගේ අදහස් ඒ ගමන වැඩිවෙලා නේද? කඩේ යන බන්දුලත් ඒ අය අතරේම ඉන්නවා. (නි)
මේ ලිපි ශීර්ෂවලට අදහස් දක්වන සැමටයි. හිතවතුනි, අප සැවොම පුද්ගලිකවම අපේ රටට ආදරය කරන බව පැහැදිලියි. නායකයෝ ආදරය නොහදුනන වංචාවට ලැදි අය වෙති. බොරු යුද්ධය ඉදිරියට මවාපාමින්, කුමන්ත්‍රණනකාරීන් රට පාවාදීමට සුදානම් යැයි පවසමින් රට කෑමට ඉදිරිපත් වෙයි. අපේ ගරු ජනාධිපති තුමා තවත් වසර දෙකක් රට පාලනය සදහා තිබියදී නැවත ජනාධිපතිවරනයක් කැදෙව්වේ කාගේ කුමන්ත්‍රණයකට හසුවෙලාද? මේගැන ඔබතුමන්ලාගේ අදහස මෙත් සිතින් කාරුණිකව දන්වන්නකෝ. (බ)
බන්දුල පෙරේරා, ඇත්ත තේරුම්ගන්න ඔයා තවම ලාමක වැඩියි (නි)
බන්දුල පෙරේරා වැනි කළෙහිගුණ දත්තන් 8 වෙනිදට ජනාධිපති දිනවා ඔවුන්ගේ අඹුවන් දරුවන් මව්වරුන් කැසිනෝ , සමාජ ශාලා වල රැකියාවට යවා කෙලෙහි ගුණ දක්වති අපි බලාපොරොත්තු වෙමු (බ)
මහින්ද මහත්තයෝ දැන් ඇති (නදී)
කවුරු කවුරුත් තම මත ඉදිරිපත් කරනවා. මම නම් වෙන්නේ මොකක්ද කියලා සාවධානව බලා සිටිනවා (නි)
මහින්ද චින්තනයේ තාරුණ්‍යයට හෙටක් බාලගිරි දෝෂය වගේ. තාරුණ්‍යයට අදක් නෑ හැමදාම හෙටක් විතරයි. මේ පොඩි දේවල් හොදින් තේරුම් ගන්න දරුවනේ! (ම)
තමාගේ අදහස් ප්‍රකාශ කරන ගොඩක් දෙනෙක් රටේ තිබෙන සුළු සුළු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අපිට රටක් තියෙන්න ඕනෑ සියල්ලටම පෙර. පොදු අපේක්ෂකයාගේ පැත්තේ ඉන්න සෑම නායකයෙක්ම සූදානම් වෙලා හිටියේ රට කොටස් කරන්න කියලයි මම නම් කියන්නේ. රට ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවේ රටට හොඳක් වෙන විදිහට ප්‍රශ්න විසඳුවේ නායකත්වයට දක්ෂ මේ ජනාධිපතිතුමායි. (නි)
කවුරුත් බලන්නේ යටිහිතින් මගේ බලය රැකගන්නේ කොහොමද කියලනේ! (නි)
බන්දුලට බත් හරියන්නේ නැහැ වගෙයි.ජය ජය වේවා සිරිසේන මහත්තයාට. (නි)
අපේ නංගි කළමනාකරණ උපාදිය අරගෙන තවම ගෙදර ඉන්නේ. නමුත් මේ ලඟදි අපි දන්නා ගැහැණු ළමයෙක් ඒ ලවල් දෙපාරක් අසමත් නමුත් බැංකුවේ වැඩට යනවා ඉහලින් ආ නියෝගකින්. (නදී)
මහින්ද මහත්තයා හොඳ කෙනෙක්. නාස්තියත් ,දුෂණයත් ගැන සොයාබලා නීතිය සැමට සමානව ක්‍රියාත්මක කළා නම් අපි සතුටුයි (නි)
පුදුමේ කියන්නේ මහින්ද මහත්තයා රට දිනු හමුදාවට සලකපු විදිය මතක නැති එක. මේගොල්ලෝ කොහේ ජීවත් වෙනවද මන්ද? සිවිල් ආරක්ෂක බලකාය ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හැදුවෙත් අපේ ජනපති. (නදී)
වෙන රට වල ජනාධිපති අපේක්ෂකයෝ කරන කතා වලයි අපේ අය කරන කතා වලයි අතර වෙනස නම් අහසට පොලොව වගෙයි. අවුරුදු 2500 ක සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සෝදා පාලුවට ලක්වෙලා ගිහිල්ල වාගේ. අවුරුදු 415 ට විතර කලින් රොබට් නොක්ස් "සිංහලයා ඉතා විනීතය. සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය " කියලා තමයි ලියල තියෙන්නේ. (නදී)
අපි බලමුකෝ ජනවාරි 09 වෙනිදාට මොකද වෙන්නේ කියලා (බ)
බලේ තියනකොට මොලේ නැහැ.මොලේ තියනකොට බලේ නැහැ. අගමැති කමට කෑදර කෙනා විධායක ජනාධිපතික්‍රමය අතහරිද? වංචා දූෂණ හෙළිකිරීම වරදක් නොවෙයි. ඒත් මම හිතන්නේ නැහැ ඔය කියන තරම් වැඩියි කියලා. කවුරු ආවත් ඔක කරනවා. ආර්ථිය, රුපියල අව ප්‍රමාණය වීම ආදිය ගැන බලලා තමයි මිල තීරණය කරන්නේ. එදා හදපු ගණන් අදට වලංගු නැහැ මගේ දැනීමේ හැටියට. හරියට විශ්ලේෂණවය කරලා කියන්න. අගමැති කම ලැබුණානම් ඔහොම කතා කරයිද? අපිට මෝඩි කෙනෙක් වැඩක් නැහැ (බ)
බන්දුල පෙරේරා නම් මොනවා කියවනවද කියලා එයාවත් දන්නෙ නැතුවා වගෙයි (නි)
රටට බබලන්නේ ජනවාරි 8 වෙනිදට. එ්කයි සැබෑ නිදහස සියලු ලාංකිකයන්ගේ. (නදී)
සමන් මහත්තය මොන්ටිසෝරියේ ඉදල ආයේ ඉස්කෝලේ යන්න. ඔය මොලේ ටිකක් වර්දනය වේවි එතකොට. මේ රටේ ඉන්නේ මැට්ටෝ මීහරක් විතරක් නම් 9 වෙනිදට මයිත්‍රී මහත්තයා යහපාලානේ ඇති කරාවි. ප්‍රශ්නේ තියෙන්නේ බහුතරය මැට්ටෝ මි හරක් නොවන එක. ඔය පොඩි එව්වෝ බය කරලා නලවන්න කියන සුරංගනා කතා මෙතන නොකිය ගෙදර පොඩි එකාට කියල බලන්න අඩු ගානේ ඌවත් බය වෙනවද කියල (නදී)
තිලක්ගේ කතාව හරි.අපේ හුග දෙනෙක් අද හරිම අසරණයි.පොලිය මේ විදිහට අඩු වෙලා ,බඩු මිල වැඩි වෙලා.අඩුම 10% වත් වෙනවනම්.බැංකු වලින් රජය ණය ගන්න නිසයි මේ තත්වය ඇති කරලා තිබෙන්නේ.(හේ)
උපුල්, මේ රටේ දැන් තියෙන්නේ සුළු ප්‍රශ්නද? (නි)
කණගාටුයි! ඔබතුමා ඔහොම මඩ ගොහොරුවට බැස්සොත් නම් බව ගණනාවකදී වත් අපිට ගොඩ එනවා බොරු. "........ අනේ මන්දා???(හේ)
රණවිරුවනි, ඔබට යහපත් හෙටක් උදාවෙනවා සත්තයි (නි)
රට දිනාගත් බහුතර රණවිරුවන්ට අද ආගිය අතක් නෙහැ , සමහරු රජයේ ඇමති වරුන්ගේ හමුදාවේ ලොකු ලොක්කන්ගේ ගෙවල් වල කම්කරුවන් හෝ කුස්සියේ වැඩට දලා , සමහරු රටින් පිට පැනලා යන්න බලාගෙන ඉන්නේ , රණවිරුවන්ගේ කර උඩින් ඔවුන්ගේ නම විකුණා කොටසක් සුර සැප සහ රජ සැප විඳිනවා , මේක තමා සත්‍ය කතාව , මගේ මනුස්සයත් ඔය කියනා රණවිරුවෙක් , එහෙත් නමට පමණයි රණවිරුවා , ජීවත්වන්නේ සිඟන ජිවිතයක් .(හේ)
කුමාර්, විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් හදන්නේ කොහොමද ?තමා විසින් හම්බ කරනා මුදලින් යමක් ඉතිරිකරගත යුතුයි නේද / එහෙම නැතිනම් යම් අරමුදලකට දායක විය යුතුයි .දේශ පාලකයෝ ත්‍රී ව්හීල් වලට මීටර් සවිකලා මතකද ?කීපදෙනෙකුට රජයේ මහජන මුදල් වලින් මීටර් දුන්නා.(හේ)
රණවිරුවන් රටේ සංවර්ධනයට දායකවීම යනු රණවිරුවා කම්කරුවෙක් කරන එකද?.අද රටේ සිදුවෙන මහා පරිමාන දුෂණය වංචාව,බලය රැකගන්න වියරු නාස්තියට හමුදා භටයින් රට නිදහස් කරගත් එක හිලවු කරන්න එපා (හේ)
කතාව ඇහුවා. අතිවිශිෂ්ට කතාවක්. ජයවේවා! (නි)
රට නිදහස් කරගත්ත ,රට නිදහස් කරගත්ත ඕකනේ හැමදාම ගහන පරණ පදේ ..අපි කියමු මෙහෙම ගගක ගිලෙන කාන්තාවක් මරණයෙන් බේරගත්ත කියල පිරිමියෙක් එයාට අයිතියක් තියෙනවද එම කාන්තාව දූෂණය කරන්න ..අන්න එකම තමා මෙතන වෙන්නේ (බ)
ජීවා, ඔබේ කතාවට මම එකඟයි (නි)
සුරංගනා කතා අපිට එපා. (නි)
නියමයි මැතිතුමනි, ජයවේවා! (නි)
ඉතින් රණවිරුවන් මොනවද කරන්න ඕනෑ එතකොට? ඔවුන් රටේ සංවර්ධනයට දායකවෙන්න හොඳ නැද්ද? (නි)
ජගත්, එක පාරක් අගමැතිකම හරි ජනාධිපතිකම හරි වෙනත් වගකිව යුතු නිලයක් හරි බලා පොරොත්තු වෙන එක කෑදර කමක් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි තුන් හතර පාරක් එකම තනතුරක් බලාපොරොත්තු වෙන එහෙම නැතිනම් ජීවිත කාලයම ඒක අල්ලා ගෙන ඉන්න හදන කෙනා නම් කෑදර පැත්තට වැටෙනවා කියන එකයි මගේ පුද්ගලික අදහස .(හේ)
එතකොට සිරිසේන මහත්තයා රණවිරුවන්ට මොනවා කරන්නද දෙන්නේ? (නි)
අනේ මටත් හෙලිකොප්ටෙර් එකක් දෙන්න බැරිද?. අපි යුද්දේ දින්න නිසා, හොර ඡන්දත් එක්කම ඔබ තුමාට දැම්මා. අපි පැදලා ගෙනත් දෙන්නම් (නදී)
මෑතකදී කළ සියලුම මහා පරිමාණ ව්‍යාපෘති අසාර්තක වී තිබෙනවා. . නොරොච්චෝලේ බලාගාරය, සිනමා ගම්මානය, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, නෙලුම් පොකුණ. පෙරේදා මම දැක්කා හම්බන්තොට. එකම නැවක්වත් නෑ පේනතෙක් මානෙකවත්. ගුවන්තොටුපළත් එහෙමයි. 4 දෙනෙක් බැස්සා. 9 දෙනෙක් නැග්ගා. මේවා රටේ සල්ලි. (නදී)
මහින්ද මහත්තය රට බේරා ගත්තු නායකයා කියල හැමදාම එයා කරන හැම දෙයක්ම අනුමත කරන එක වැරදියි. (නදී)
ඔබතුමාට ජයවේවා! (නි)
මෛත්‍රීපාල මහත්තය හමුදාව ගැන දන්නේ නැහැ. හමුදාවල්වල ඉන්නවා උසස් නිලධාරින්ට ආවතේව කරන්නම ඉන්න සෙබළු පිරිසක් ඔවුනට කියන්නේ බැටාල කියල. උසස් නිලධාරින් කන පිගාන හෝදන්න වෙනම භටයන් ඉන්නවා. එ්ක ඔවුන්ගේ රාජකාරිය. සරත් පොන්සේකා මහත්තය ඔය බැටාල ගැන හොදින් දන්නවා. ඒක හමුදාවේ සම්ප්‍රදාය. ගුවන් හමුදාවේ විතරයි බැටාල නැත්තේ. ඔබතුමා ඒ බැටා සම්ප්‍රදාය වෙනස් කරන්න හිතනවානම් ඉතින් එ්ක විහිළුවක්. අනෙක හමුදා භටයෙක් කියන්නේ ඕනෑම දේකට මුහුණ දිය යුතු ඕනෑම අභියෝගයක් පිළිගන්න පුළුවන් පුද්ගලයෙක්..තුවක්කුව අරන් යුද්දේට යනවා යුද්දේ තියෙන කොට ..අනෙක් අවස්ථාවේදී ඒ ඒ අවස්ථාවන් අනුව ක්‍රියා කරනවා.. ඒක හමුදා භටයාට ලැජ්ජාවක් නෙමෙයි..ඔබ තුමාට ලජ්ජා උනාට..ගිය සති අන්ත පත්තරේක තියෙන විදියට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු පාත් කරනවා වගේ ලේසි නැහැ හමුදාවක සම්ප්‍රදායන් වෙනස් කිරීම..(බ)
බුද්ධිමත්ව සිතන්න කාලයයි මේ (නි)
මෛත්‍රී ආගමනයත් සමඟ ශ්‍රී ලංකා දේශපාලනයේ ගුණාත්මක වෙනසක් සිදුවෙමින් පවතිනවා. එකිනෙකා හතුරන් ලෙස සැළකු පක්ෂ කිහිපයක් අද පොදු අරමුණක් වෙනුවෙන් එකම වේදිකාවක හමුවෙනවා. මේ සමගියේ ඇදකුදු සොයනවාට වඩා මේ එකමුතුකම දෙස ධනාත්මකව බලන්න අපි පුරුදු වෙන්න ඕනෑ. (නි)
ඔබ තුමාගේ කතාව 1000% හරි (දී)
වෙනසක් වෙන්නම ඕනෑ.දීලා බලමු මොකද වෙන්නේ කියලා. (නි)
රටේ හමුදාවෙ ඉන්නෙ තරුණයින්. ඒ අය රටේ සංවර්ධනයට දායක කරගන්න එකේ වරදක් නැහැ. (නි)
ඩුප්ලිකේට් බන්දුල පෙරේරාට මම අභියෝග කරනවා තමන්ගේ නමින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. (නි)
ඔය කවුරු මොනවා කිවුවත් මිනිසුන්ට බොරුකරන්න බැහැ. (නි)
අපේ රටේ මිනිස්සු හිතන විදිහ හරිම පුදුමයි.අති දැවැන්ත යුද්ධයකින් පස්සේ රටේ ආරක්ෂක හමුදා අත්රික්තය සමාජයට මුදාහැරියොත් වෙන බරපතලකම වටහාගන්න හොඳම නිදසුන තමා , වියට්නාම යුද්ධයෙන් පසු මුදාහැරි අමෙරිකානු සෙබළුන් නිසා වැඩිවුණ අපරාධ ප්‍රමාණය. අනිවාර්යයෙන්ම කිසියම් වෘත්තියක් සඳහා පුහුණු නොකර ඔවුන් සමාජයට ගියහොත් අපරාධ වල අතකොළුවක් වීම වළක්වන්න බැහැ. (නි)
ඔය දූෂණ වංචා නතර කිරීමට තවමත් පමා නැහැ. ඔය දේවල් ගැන මුළු රටමත් ලෝකයත් දන්නවා. (නි)
ප්‍රියා, ඔබට මෙම සති කිහිපයට මෙය අමතක වුවද, මෙතුමා මෙම රජයේ හිටපු මහ ලේකම් බව ශ්‍රී ලාංකිකයින් වන අපට තවමත් අමතක වී නැත. එමනිසා මෙතුමා කියන දේවල් බොරු නම්, ඒ බව ඔප්පුකර පෙන්වීමේ වගකීම අනෙක් පාර්ශවය සතු බව මෙම රජයට බදු ගෙවන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම අවසාන වශයෙන් මතක්කර දෙමි. (නි)
ආයෙත් යුද්ධයක් පටන් ගන්න හිතාගෙන ඇති.(හේ)
මෛත්‍රීපාල මහත්තයටා ජය පතමි. ඔබ අද කියන වචන අනාගතයටත් වලංගු වෙන්න ඕනේ.(හේ)
ඔවුන්ට නියමිත රාජකාරී කටයුතු පැවරියයුතු බව මමද පිළිගනිමි (නි)
රට වෙනුවෙන් සියළු දේ කිරීමට කැපවී ඇති ඔහු පිළිබඳ අපි ආඩම්බර වියයුතුය (නි)
කාට කාටත් කතා කරන්න පුළුවන් රටක් හදලා දීලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා. නැත්නම් මේ වෙනකොට ඔය රැස්වීම් වලදී කී දෙනෙක් ජීවිත පූජා කරලද?8 වෙනිදායින් පස්සෙ ආපස්සට හැරිලා බලන්න, මොකක්ද ජනතාව දෙන උත්තරය කියලා. (නි)
ඉස්සර කාලේ ඉඳලාම වැඩක් කරන මිනිහාටමයි කට්ටිය මඩ ගහන්නේ (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
හමුදා සෙබළුන් කුමක් හෝ ශාස්ත්‍රයක් මෙවැනි දේවල් මඟින් ඉගෙනගන්නවා. කඳවුරු වලම රැඳී සිටීමෙන් ඵලක් නැහැ. හමුදාවෙන් විශ්‍රාමගිය දවසක හෝ මේ කළ දේවල් රැකියාවක් කරන්න උදව් වේවි. (නි)
අද රටේ සිදුවෙන මහා පරිමාන දුෂණය වංචාව නැවත්වීම සදහා අපි සියලු දෙනා 100% මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවිය යුතුයි
ඕනෑම අභියෝගයක් කිව්වේ රටේ බලවතුන්ට බැලයන් වෙන එකද බන්දුල ? (බ)
මෛත්‍රීට ජය (බ)
ඔය සේරම කියන්නේ එලියට ආවට පස්සේද, කලින් දැකල නොදැක වගේ හිටියද ?.. ජනාදිපතිතුමාට මඩ ගහලා ආණ්ඩු අල්ලන්න බැහැ. (නදී)
අපි රනිල් මහත්තයා සමඟින් අලුත් හොඳ රටක් හදමු (නි)
දැන් ඉතින් ඕන කෙනෙකුට වීරයෝ වගේ කියවන්න පුලුවන් ජනාධිපතිතුමා රට නිදහස් කර ගත්ත නිසා. (නදී)
ඔයාලා හැමෝටම මේ කියන්නේ. වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා.ඒක නිසා තමන්ගේ මතය තමන් තියාගන්න. මවුබිම පරදවන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ අපි. (නි)
මගේ පියත් රජයේ සේවකයෙක්. රජයේ සේවය කියන්නේ පොදු සේවයකට. ඔවුන් වැඩ කරන්නේ ජනතාවට. (නි)
දැන්නම් ජයග්‍රහණයේ සුබ ළකුණූ පෙනෙනවා (නි)
මේකේ ප්‍රතිචාර දක්වා තිබෙන බහුතරයකෙ තේරෙන්නේ නැද්ද එතුමා කියලා තියෙන්නේ කුමක් ගැනද කියලා? එතුමා කියලා තියෙන්නේ පිඟන් හෝදන්න දෙන්නේ නැහැ කියලයි. නැතුව රටේ සංවර්ධනයට දායක කරගන්නේ නැහැ කියලා නෙමෙයි. (නි)
මේ කතාවනම් 100% ම සත්‍යයි. (ර)
මේ ඇත්තම බන්දුල, නම් මට හරි සතුටුයි. මොකද පාට කන්ණාඩි වලින් අන්ද වෙලා හිටි ඔබ රට ගැන අවංකව හිතන්න පටන් අරගෙන. හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ වේවා.! (ර)
මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ කතාව මම අගය කරනවා (නි)
අද රණවිරුවන්ට වෙලා තිබෙන ඉරණම දැක්කම දුක හිතෙනවා. අනේ මේ ඉන්නේ අපේ රට නිදහස් කර ගත්තු රණවිරුවන් නේද කියල දුකත් හිතෙනවා. (ර)
හඟුරන්කෙත සිරිනිමල් මහත්මයාණෙනි, ඔබේ අදහසට මේ නිමල් ලාලිතගෙන් දහස් වරක් පින්. (නි)
මහින්ද මහතා ජනාධිපති වුණා. එම නිසා අපි ත්‍රස්තවාදය පරාජය කළා. සමහර වෙලාවන් වලදී අනුන් කළ වැරදිත් අපිට පිහිටවුණා. මම කියන්නේ ඇත්ත (නි)
මෛත්‍රීපාල මැතිතුමාට ජයවේවා! මිනිස්සු මේ පාර වෙනසකට වැඩ කරන්නේ. ජනතාව හොඳට හිතලා තමන්ගේ මනාපය දෙන්න (නි)
දීපාල් සහ වසන්ත කියන දෙදෙනාටම මේ කියන්නේ. ඇතුලේ ඉඳගන වැරදී පෙන්වාදෙන තත්වයක් මෙම රාමුව තුළ එනම් ඒකාධිපති ක්‍රමය තුළ නැති බවත් එසේ කිරීමට ගිය කෙනාට අත්වන ඉරණමත් මෙම රටේ හැම දෙනාම දන්නවා. එ් වගේ ම ජනාධිපති තුමා රට බේරා ගැනිමේ සටනට උපරිම සහය සහ නායකත්වය දුන් නිසා අප හැමෝම එතුමාට උපරිම ගරු කරනවා වගේම දැන් ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති වෙනස් වී ඇති නිසා නව සාධාරණ ක්‍රමයකට අප රට ප්‍රජාතන්ත්‍රවාදීව රැගෙන යාමට මෛත්‍රි තුමා ඇතුලු කණ්ඩායමට පාලනය බර දිය යුතුයි (බ).
අනාගත දරුවන්ට රටක් ඉතිරිකර දියයුතු මෙන්ම, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයද ස්ථාපිත වියයුතුයි (නි)
පොඩි මිනිසාගේ දුක අදුරන මෛත්‍රී මැතිදුනි ,,,,ඔබට ජයෙන් ජය (බ)
නුසුදුස්සා බලෙන් ඉහළට ඔසවා තබන්න කොතෙක් උත්සාහ කළද එය කවදාවත් සාර්ථක වෙන්නේ නැත (නි)
දීපාල් එලියට ඇවිත් ඒවා ගෙන කතා කරන එක තමයි වැදගත් වෙන්නේ. ඇතුලේ ඉගෙන ඒවා ගැන කතා කලා එත් වැඩක් උනේ නැහැ කියල එතුමා කියනවා නේද? එතුමා හරි වෙලාවට එලියට ඇවිත් කතා කරනවා. අනික කරපු වැරදි කියන එක කොහොමද මඩ ගහනවා වෙන්නේ? ඒවා මඩ ගහනවා කියනවනම් ජනතාවට ඔප්පු කර ඕන පෙන්වන්න මඩ නෙමේ කියල. නිකන් බොරුවට මෙන්න මට මඩ ගහනවෝ කියල බොරුවට කෑ ගහල වැඩක් නැහැ. එහෙම බොරුවට කෑ ගහන්නේ ඒවා ඇත්ත නිසා. මොකද මෙතුමා කියන එක දෙයක්වත් බොරු කියල ආණ්ඩුව ඔප්පු කර පෙන්නුවාද ? (බ)
දකුණු ආසියාවේ අනාගත ලිබියාව බවට ශ්‍රීලංකාව පත් කිරීම සඳහා චන්දය දෙමු (නදී)
මෛත්‍රී මහතා සැබවින්ම රටට ආදරය බව කතාවෙන්ම පෙනෙනවා (නි)
කවුරු කොහොම දිනුවත් අන්තිමට කල්පවතින්නේ සාධාරණ ජයග්‍රහණයක් පමණයි. මේක හැමෝටම වලංගුයි. බන්දුල පෙරේරාතුමෝ, මතක තියාගනු මැනවි. (නි)
මේ කියන ආකාරයේ රටක් අපිට ඇත්තටම ලැබෙනවා නම් හදවතින්ම සතුටුවෙනවා (නි)
වසන්ත,දීපාල් ආණ්ඩුවෙන් හොදට ගෙවනවා ඇති නේද. ඔබටත් ඔබේ දරුවන්ටත් හෙටක් එපාද රටක් එපාද. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා හොඳයි. රජකාලේ නම් සැමට මරණ දඬුවම.(නදී)
රණවිරුවන්ට නිසි ගෞරවයක් දීමේ අදහස මම ඉහළින්ම අගය කරනවා (නි)
පිස්සු තමයි (නදී)
රට නිදහස් කළාට එහි ගෞරවය එතුමාට ඇතුළු ජීවිත පුජාකළ සෙබළුන්ටත් ලැබෙනවා. සාධාරන අවංක පාලකයෙක් රටට ඕනෑ වෙලාවක් මේ අවස්ථාව. (නි)
මෙතැන් පටන් වත් දුෂණය නවතීවි කියල හිතනවා. ජනාදිපති රට යුද්දෙන් බේරගත්ත කියලා හැමදාම රට එයාට දෙන්න තිබ්බා.(නදී)
ජීවා, ඔය කියන විදියේ සහතිකයක් ගන්නේ නැතුව නේන්නම් අපි ගිය පාර ඡන්දෙ දුන්නේ. ඒකෙ විපාක නම් දැන් එළිපිට තිබෙනවා. (නි)
ඇත්තම කියනවා නම් දැන් රණවිරුවන් වහලුන් වෙලා ඉන්නේ (නදී)
දීපාල් ඔබට තේරෙන්නේ නද්ද ?(නදී)
එතකොට ඔබතුමාගේ රජයක් යටතේ සෙබළුන්ට කරන්න වෙන්නේ මොනවාද? (නි)
මෙදා පාර අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා...ඒක ජනතාව තීන්දු කරලා අවසන්..(නදී)
වසන්ත හොඳයි ඔය නිදහස් කරගත්ත රටේ දැන් නිදහසක් තියනවද කියල කියන්නකෝ. මිනිසුන්ට කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇහුන්කන් දීමේ නිදහස කෝ ? (නදී)
බන්දුල පෙරේරාට නම් ගැළපෙන සදාකාලික විවෘත පුරප්පාඩු දෙකක් තිබෙනවා, මොන පක්ෂය බලයට ආවත්. එකක් කුස්සියේ,අනෙක ලොන්ඩරියේ! (නි)
බන්දුල ඔබේ කියමන 100 - 10000% ක් ඇත්ත(නදී)
එහෙමම කියන්නත් එපා. යුද්ධය නොමැති කාලවල විශේෂයෙන් සමාජවාදී රටවල හමුදාවන් ගොවිතැනට උදවුකළා. (නි)
යද්දෙ දිනන්න නායකත්වය දුන්නා. අපි දන්නා මහින්ද මහ්තයයි එ්කට සහය දුන්න කට්ටියි එකට එම මතයේ සහ සහ එම ආකල්ප වලම හිටියනම් රට හුගක් වෙනස් නිදහස් රටක් වෙන්න තිබුනා.(නදී)
ඔබතුමා ඕවා දැක්ක දවසෙම ඉවත්වෙලා හෙළිකළා නම් ඡන්ද ටිකක් වැඩි කරගන්න තිබුනානේ! (නි)
හිතේ අමාරුවට කියවෙන ඒවා. . එතුමාට කොපමණ ජනප්‍රසාදය තිබුනත් වටේ ඉන්න අය නිසා ඔක්කොම නැති වුනා. (නදී)
රණවිරුවාට කෝ මෝටර් බයික්.(හේ)
වසන්ත ඔය කියන දේවල් තනියම කරගත්ත දේවල් නෙවෙයි. ඒක සාමුහික ප්‍රයත්නයක් ඒ නිසා ඒ ගැන අපේ තියෙන ගරුත්වයත් නැති වෙන විදියේ පටු ප්‍රකාශ කරන්න එපා. (නදී)
බන්දුල පෙරේරාගේ මතය හරියටම හරි. අවස්ථාව අවාම එළියට ආපු එක හරි. ඇතුලේදී ඕව කතාකලාට වැඩක් නැහැ (බ)
මගේ ඡන්දය ඥාති සංග්‍රහයෙන් සහ බලය අපයෝජනයෙන් තොර පාලනයකටයි. (නි)
"මුලින්ම කිලෝමීටරයකට රුපියල් මිලියන 44 ක් තමයි ඇස්තමේන්තු කළේ. ඒ වෙනුවට රුපියල් මිලියන 340 ක් දාලා අලුතින් ඇස්තමේන්තු හදල තමයි ඒක හැදුවේ".මේ කතාව ඇත්ත. මේ විදිහට මිලියන 8500ක් ගසා කාල තියෙනවා කියල අන්තර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දෙනවා. (බ)
ධනංජය,අපි ඔක්කොම එකතුවෙලා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවියයුතු අවස්ථාවක් මේක. පටු විදිහට හිතන්න එපා. (නි)
චන්ද්‍රිකා මැතිනිය කරපු වරදට ,එතුමිය පමණක් නෙමෙයි මුළු රටම විදවනවා. (බ)
රට නිදහස් කරගත්තා එ්ක අැත්ත..එ්ත් එක තනියම නෙමේ කළේ....කමක් නැහැ එහෙම කරා කියමුකෝ. එහෙම කියලා මේ වෙන මහා පරිමාන දුෂණයට කව්ද වග කියන්නේ (බ)
සෙත්මි, ඔවුන්ගේ ගරුත්වයට හානියක් නොවන වෙන ඕනෑම දෙයක් කමක් නැහැ නේද? (නි)
රණවිරුවන් පිගන් හෝදන,එළවලු කිරණ,කානු සුද්ද කරන දේවල්නම් මටත් අනුමත කරන්න බැහැ. (බ)
"ඇඹිලිපිටියේ අලුත් ජනාධිපති මන්දිරයක් හැදුවා. අලුත් හෙලිකොප්ටර් 6 ක් ගෙනාවා. වෙනම එක එක්කෙනාට පයිලට්ල වෙන්කරගත්තා"....මේවා අහනකොට මොලේ කළදක් තියෙන මෝඩයෙකුට වුනත් සත්‍ය තේරෙනවා. (බ)
මේ ඇත්තටම ඔබමද බන්දුල පෙරේරා මහත්තයෝ? මට නම් අද කන්ට ඕනෙත් නැහැ. යුද්දෙකින් දිනුව වගේ. මගේ රටට ජය වේවා!!! (බ)
ලංකාවේ රණවිරුවන්ට වෙලා තියෙන නස්පැත්තිය දැක්කම වනේ වන හතුරෙකුටවත් මෙහෙව විපතක් නම් සිද්ද කරන්න එපා දෙවියනේ කියල හිතෙනවා. (බ)
ඇත්තටම ඔය කියන විදියේ ගසා කෑමක් වෙනවා නම් ඒක ඔය සුළු දෙයක් කියල හිතල නිකම්ම හිටියොත් ඉදිරි කාලයේදී විශාල උද්ධමනයකට මුහුණ පාන්න මිනිසුන්ට සිද්ධවේවි. මොකද ඕවා ගෙවන්න වෙන්නේ ජනතාවට. ඒ නිසා මේවාට එරෙහිව මීට වඩා දැවැන්ත හෙලිකිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි. (බ)
මේ තරම් කාලයක් බන්දුල නිදාගෙන හිටිය වගෙයි මටත් දැනෙන්නේ. මම අද ඉන්නේ ටැන්සානියා වල. කාලෙකින් ප්‍රවෘත්ති බලන්න පුළුවන් වුනෙත්. කොහොම හරි මෛත්‍රීපාල මහත්තය කියනා කතාව ඇත්ත (නදී)
මේ කියන විදියේ රටක් අපිට ලැබෙයිද එතකොට? (නි)
ඒ කතාවනම් සම්පුර්ණ ඇත්ත.(හේ)
මාද්‍ය නිදහස, කථා කිරීමේ නිදහස නෑ කියන ගමන් රටේ ජනාධිපතිට බනිනවා. මොකද මෙතුමා කියන කියන එක ඔප්පු කර කර එන්න මෙතුමා කව්ද? ආණ්ඩුවට වෙන වැඩ නැද්ද? (නදී)
කෝ අර හිටිවන බොරු කියන ශ්‍යාමා කුමාරි රත්නමල්ල ? දැන් ඒ පාර මෙතන පච ලියන එක නවත්තලා පෝස්ටර් අලවන්න ගිහිල්ලද දන්නේ නැහැ. (නදී)
මෛත්‍රීපාල තුමාට ජයවේවා (නදී)
තෙවරක් බුදුන් වහන්සේ වැඩිය රටකට හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බැහැ. වීරවරු බිහිවෙන්න ඕනේ කාලයක්. (නදී)
මේ කියන ඒවා මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියන්නේ රටේ අවාසනාව. (නදී)
අහිංසක රණ විරුවෝ යුද්ධ කරලා රට දිනුවා. ඒත් අද ඔවුන්ට මොනවද ලැබුනේ ? (නදී)
කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
දීපාල් , රට නිදහස් කරගත්ත හමුදාපතිට වුනේ මොකක්ද ? (නදී)
ඔහේ පලයන්. බන්දුල මේ ඔයාද ? (නදී)
වසන්ත, රට නිදහස් කර ගැනීමෙන් පසු රට ඉදිරියට යා යුතුයි නේද ? අනෙක ඔය ජයග්‍රහණයට දිවි හිමියෙන් ඇප කැපවූ බොහෝ පාර්ශවයන් ගැන කතා නොකර ඒක තනි පුදගලයෙකුගේ වැඩක් ලෙස ඇයි අර්ථ දක්වන්නේ ? (නදී)
ඇතුළේ ඉඳගෙන වැරදි පෙන්නල දුන්නම ආණ්ඩුව විවේචනය කරන්න විපක්ෂය ඉන්නව කියල කට වහපු බව මුලින්ම කිව්ව නේ ද? භාරත ඝාතනය හෙළා දැකල කතා කළ විට එන්න කියල බැනල තිබෙන බව දන්නේ නැද්ද? (නදී)
"විදෙස් ශ්‍රමිකයන්ට ස්ථිරවම විශ්‍රාම වැටුපක් ලබා දෙනවා", මේ වැඩේ කරනවානම් මමත් ඡන්දෙ දෙනවා. (බ)
එසේනම් ඔබ සියලු දෙනා එක්වී ඡන්දය හංසයාට දෙන්න. එවිට සැනසිල්ලේ අපිට ඉන්න පුළුවන් වේවි (නි)
බන්දුල පෙරේරා නමින් පළවී ඇති ප්‍රතිචාර බන්දුල පෙරේරා මහතා ගේ අදහස්ද යන්න සැකසහිතය. ඒ මහතා විසින්ම කරන ලද ප්‍රතිචාරයක්නම් ඇත්ත වශයෙන්ම අගය කළ යුතුය. (බ)
රජය ඇතුලේ ඉඳන් වැරදි පෙන්වනවා කියන්නේ , තමන් බෙල්ලේ වැලක් දාගෙන දිවි නැති කරගන්නවා වාගේ , එකයි ඇතුලෙන් එලියට ඇවිත් ඇතුලේ සිදුවුන සහ තවමත් සිදුවන දේවල් ලෝකයට කියන්නේ , එ්කාධිපති ක්‍රමයක් තුළ ඇතුලේ සිට කිසිවක් කරන්න බැහැ (බ)
අපේ ඡන්දය ස්ත්‍රී දුෂණ ළමා අපරාධ නතර කරන කෙනෙකුට!!!! (බ)
සෙත්මි , රටට ණය නැති එක් කෙනෙක්ව කුදලාගෙන ගිහින් හිරේ දැම්ම වගේ දේවල් නැතිව ඕන දෙයක් අපිට නම් කමක් නැහැ. (බ)
ඔබට ජයෙන් ජය (බ)
එළියට ඇවිල්ලා ආඩපාලි කියන්න එපා මහත්තයෝ. ජනාධිපතිතුමා නැත්නම් අද රටකුත් නැහැ. (නි)
ජනාධිපතිතුමා රට බේරාගත් රණවිරුවන්ට නායකත්වය දීපු නිසා අපි තව කොච්චර කාලයක් මේ දුෂණ ඉවසන්නද? තව පරම්පරා කීයක් ණය කරවන්නද? (බ)
යුද්දය ජයගැනීම සාමුහික ප්‍රයත්නයක් . එල් ටී ටී ය දෙකඩ කිරීමත් යුද්දය දිනවීමේ ප්‍රයෝගය. යුද්දය මෙහෙයවීමත් අමාරු වැඩ බව දන්නේ යුද්දයට ඉස්සරහට ගිය අය. (නදී)
මොනවා කිවත් මහින්ද මැතිඳුන්ට ලංකාවේ කළගුණ දන්නා මිනිස්සු ඉන්නකම් රටේ නායකයා තමයි (නදී)
මේ වගේ කතා කියනකොට ඇත්තටම දේශපාලනය ගැන කළකිරෙනවා. ඇයි මේ අය ඇතුළේ ඉන්නකොට මේ දේවල් කියන්නේ නැත්තේ? පෙනෙන්නේ නැත්තේ? (නි)
මීට අවරුදු 5 කට කලින් 18.5% ගෙවපු ස්තිර තැන්පත් වලට අද ගෙවන්නේ 6% ක්. අවසන් කාලය සතුටින් ගත කරන්න කියල "රට විරුවන්","විශ්‍රාමිකයන්" 6% ඉදිරයේ අද නනත්තාරම වෙලා. රටේ කඩ වැටීම එ්කෙන්ම පෙන්නුම් කරනවා. (නදී)
සිරිසේන මහත්තයා " සුභ සහ යස " නාට්‍ය රඟපානවා. (නදී)
දුලාන් එක පාරද තුන්පාරද තීරණය කරන්නේ ජනතා කැමැත්තෙන්. ජනතාව කැමති නම් මැරෙන කම් උනත් ඉන්න පුළුවන්. වෙනත් රටවලට ඕනෑ විදිහට අපේ රට වෙනස් කරනවාට බුද්ධිමත් ජනතාව කැමති වෙයි කියලා මම හිතන්නේ නැහැ (නදී)
කෝ ඔබගේ ඔෟෂධ ප්‍රතිපත්තිය ? (නදී)
මනෝජ් අපි බෝම්බ කන්නේ නැතිව සැනසිල්ලේ හිටියේ පහුගිය අවුරුදු 4 .මේ සන්ධානයේ සැක කටයුතු පාර්ශව ඉන්නවා ඔවුන් එක්ක හමුදා විසුරුවිම ,උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම වගේ එකඟතා තිබෙන්න පුළුවන් කවුරුත් දන්නේ නැති (කවුරුවත් කියන්නේ නෑනේ මොනවද අත්සන් කළේ කා එක්කද කියල )එහෙම උනොත් අනිවාර්යෙන්ම අපේ සැනහිල්ලෙන් හිඳිම සිහිනයක් පමණක් වේවි (බ)
එලියට බැහැල පාවා දෙන එක නම් එතරම් හොඳ ගතියක් නෙවේ. ලස්සන වැඩේ කියන්නේ මේ මහත්තය දීපු ඇමතිකම එපා කියල කිවුවේත් නැනේ ඇමති වරප්‍රසාදත් ගත්තනේ. දුෂිත පුද්ගලයෙක්ගේ අත අල්ලලා සුබ පතන්න බැරිනම් දුෂිත පුද්ගලයෙක් දීපු ඇමතිකම ගත්තේ මොකටද (බ)
සමන්තිගේ කතාව හරි.(හේ)
ඇතුලේ ඉදන් කිව්වොත් දන්නවනේ වෙනදේ එතුමා හරි වෙලාවට එලියට අාවේ ඔබට ජය (බ)
හමුදා සෙබලා ගැන කථා කරනවා එදා ත්‍රස්තවාදින් හමුදා කදවුරු ළගට ඇවිත් කෝචොක් කරලා යන විදියේ කටයුතු කර මිලෙනියමි සිටි වාගේ සිද්ධින් මත හමුදා සෙබලාගේ මනසිකත්ව වටිටපු සහ ජුලි වර්ජකයන්ගේ සුලු වැටුප් වැඩිවිම සමිබන්ධයෙන් ලොකු මර්ධනයක් කර තමන්ගේ පාලනය යටතේ රජයේ සේවකයන් සේවයෙන් ඉවත් කිරිමට කටයුතු කළ රනිල් සමග සංධානතවි සිටින මෙතුමා රනිල්ට සර් කියමින් ඕවා කරයිද හමුදා සෙබලා සහ රජයේ සේවකයා රැකගත්තේ වර්ථමාන ජනාධිපතිවරයා මිසක් ඔය පුරාජේරැ ගහන අය නොවෙයි (බ)
බන්දුල පෙරේරාට ආප්ප කැවිලා නම් නොවෙයි. මේ තීරුවට ලියලා අනෙක් කට්ටියගෙන් බැනුම්ම අහලද කොහේදෝ අන්තවාදියෙක් වෙලානේ. (බ)
කෙසේවෙතත් ජනාධිපතිධුරයේ බලතල අඩුකර පාර්ලිමේන්තුවට බලය පැවරීමයි අවසානයේ සිදුවිය යුත්තේ. එවිට මේ ආකාරයේ මනාප වියරු නවතීවි.
ජනාධිපතිතුමාට මඩ ගහලා ආණ්ඩු අල්ලන්න බැහැ. ජනාධිපතිතුමයි රට නිදහස් කර ගත්තේ ගරු ජනාධිපති තුමනි අප ඔබ සමගයි.. ජයවේවා (බ)
දැන් තමයි සේරම වැරදි හෙළිකරන්නේ. (නදී)
තව අවුරුදු දෙකක් තියද්දී දැන් ජනාධිපතිවරණය තියන එක හොඳයි. ජනතාවට තීරණයකට යන්න පුළුවන්නේ. මෙතුමා කියන විදියට ප්‍රභකරන් ආයුධවලින් අවුරුදු 30න් කරපු විනාශය මේ රජය අවුරුදු 4න් කරල තියන්නේ. මේ පාඩුව සේරම දරන්න වෙන්නේ මහජනයාට (බ)
අපි බලමුකෝ ජනවාරි 09 වෙනිදාට මොකද වෙන්නේ කියලා (නි)
දීපාල් වගේ කඩේ යන මිනිස්සු ඉන්නකම් මේ රටේ හොරකම් දුෂණ ඕනෑතරම් වේවි.. ලජ්ජවෙන්න ඕන මේ වගේ අය. (නදී)