උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය 2005/2006 කාලයේ මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායකයකු වූ එමිල්කාන්ත් සමඟ කාසච්ඡා කර ඇති බව විමර්ශනවලින් කියැවුණු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කීවේ තම සේවාදායකයා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් සාකච්ඡා කළ බව පිළිගන්නා බවයි.
එසේ කළේ රාඩා හිටපු සභාපතිගේ (ටිරාන් අලස්) උපදෙස් පරිදි බවත්, ඔහු නිදැල්ලේ සිටිය දී පොලිසිය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගන්නා බවත් නීතීඥවරු කීහ.
පොලිසියට කිසිම බලපෑමක් නැතැයි ද, සියලු සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණා බව ද විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා කීවේය.
සුනාමි නිවාස ඉදිකිරීමට වෙන් කළ රුපියල් කෝටි 12.7ක් වංචා කළැයි සැකපිට වික්‍රමසූරිය මහතා 19 දක්වා යළි රිමාන්ඩ් කැරිණි.
එකම ගෙයක්වත් හදා නැතැයි ද, එම මුදල් ඇඟළුම් කම්හල් දෙකක ගිනුම්වලට බැර කර ඇතැයි ද පොලිසිය කීවේය.
සැකකරුට ඇප ඉල්ලමින් ජනාධිපතිනීතීඥවරු කිහිප දෙනෙක්ම කරුණු කීහ. මෙවන් සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ දිනවලට පොදුදේපොළ වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සැකරකුවන් බොරු ලෙඩ ගන්නා බවයි.
මෙම පුද්ගලයාට ද අසනීපයක් ඇති බව නොපෙනේයැයි ඔහු කරුණු දැක්වීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ්
නීල් Tuesday, 12 May 2015 05:14 PM
ස්තුතියි ඔබ සැමට! (නි)
ආෂා කෝරළගේ Tuesday, 12 May 2015 07:39 AM
බදු මුදලින් අධ්‍යාපනය ලැබූ නිල දරුවනි ඹබේ නිවැරදි තීරනයට අපේ ස්තුතිය (නදී)
නාලනී Tuesday, 12 May 2015 08:45 AM
වැරැද්දක් කළොත් දඬුවම් ලැබෙනවාමයි (නි)