IMG-LOGO

රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි

(අංජුල මහික වීරරත්න)

මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දිනපතාම රට පුරා වෙඩි තැබීම්,මිනිස් ඝාතන සිදුවන අතර මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය අල්ලාගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීය.

මේවා පාලනය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කී විපක්ෂ නායකවරයා මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනී මරුවන්ගේ අතට පත් කිරීමට බව කීය.

යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බව සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බව සඳහන් කළේය.

අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ සිටිය යුතු හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන තැනට ඒවි යැයි විපක්ෂ නායකවරයා කීය.

 සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.



අදහස් (1)

රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි

Mahajanathawa Saturday, 16 August 2025 05:27 PM

අඬන්න එපා.

:       7       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site