
(යොහාන් භාසුර)
රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.
පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ෂුහයිර් එම්. එච්. දාර් ශයිඩ්, තුර්කි ජනරජයේ තානාපතිනි ඩෙමෙට් සීකර්සිඔග්ලු, බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස් අරිෆුල් ස්ලාම්, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ගුස්ටිනා ටොබින්, මැලේසියානු මහකොමසාරිස් හිෂාම් බීන් ඇඩම් සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමාත් ජීනා මහත්ම මහත්මිහූ එම හමුව සඳහා එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළ බවත් රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ජාතික ජනබලවේගය කීය.
රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළ බව ද එම පක්‍ෂය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්, සජිත්, බැසිල් වගේ ජාතික නායකයෝ ඉද්දී ඇයි මේ 3% මෙච්චර...!
ජෙප්පො කෙරුමලා සන්ධාන විධික්‍රම තාම හදාරලා නෑ වගේ. අයියෝ අනුර කතාව නම් බයිලාම තමයි...
හොඳයි සතුටුයි...!
දැන් කලබල වෙලා කුමන්ත්‍රණ කතා ගොතාවි, ඒවාට නොසැලී ඉදිරියටම යමු, ජයවේවා...!
කවදාවත් නැතුව මොකද්ද අප්පා මේ? අපි නොදන්නා දෙයක් මේ ගොල්ලෝ දැනගෙනවත්ද?
කස පුපුරන හඬ. දසත ඇසෙනවිට පාර දෙපස සෙනඟ පිරෙනවා. අනිත් කට්ටිය... සාකච්ඡා ඉල්ලන් පස්සෙන් දුවනවා. ජනතාව මෝඩයාට අන්දපු කාලය අවසන්..!
ඊළඟ මැතිවරණයෙන් මාලිමාව ජයගන්නා බවට තව දුරටත් තහවුරුයි.
දැන් ඉතිරිව ඇත්තේ අනුර කුමාර මැතිතුමා ජනාධිපති ධුරයේ ස්ථිර කිරීම පමණයි...!
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
මාර වැඩේනේ... මෙයා කොහොමද මේ අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කළේ...?
ඒ අයට සිංහල පුළුවන්ද?
අනු අයියා බයවෙලා වගේ ඉන්නේ. ඔහොම බෑ ජනාධිපති වෙන්න...
අනුරගේ කාලය දැන් ඇවිල්ලා වගේ... ඔය එන්නේ කසකාරයෝ මුලින්ම...
පව් පොටෝ එකක් ගන්න එන්න කියලා වද කරන කොට එන්නැති.
රටේ අනාගතය මාලිමාව !!!
ඔව්, ඔය පොටෝවලට ඉඳලා මුහුණ පෙන්නන්න දඟලන කෙනෙක් නෙමෙයි. අනිත් අය බල කරන්න ඇති. නැත්නම් ඕවාට කාලය අපතේ යවන්නේ නෑ...
ඔෆ්ෆිචේ පියුන් අස්වෙලා යනකොට ගත්ත පොටෝ එකක් වගේ.
වැදගතුන් එක්ක වැදගත් විදිහට ඉන්න බැරි උනාම කැපිල පෙනෙනවා.