(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බව කී අමාත්‍යවරයා නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගතකිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාර බර ඇරලා බාරගන්න. මෙයා හිතන්නේ පාස්පෝට් ගත්ත ඔක්කොම රට ගියා කියලා. රට ගිය සියලු දෙනාම රැකියාවලට ගියා කියලා...
ඔක්කෝම රට පටවලා අපි කමු බොමු. ලංකාවේ පුදුම 225ක් අපිට ඉන්නවා...
අයදුම් පතක ආකෘතියක් ,අවශ්‍ය සුදුසු කම්, අදාල කොන්දේසි එක්කම ප්‍රවෘත්තිය දැම්මනම් ගොඩක් වටිනවා