ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධයෙන් වසර හතක් පුරා කරණ ලද පරීක්ෂණයකින් පසු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවත්වන ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී මේ දිනවල පැවැත්වේ. මෙරට සිටින මිරිදිය මසුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල ඡායාරූප මෙහි ඇතුලත්කැර ඇත. ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව මත්ස්‍ය විශේෂ හතරක් හා මෙතෙක් වඳවී ගියායැයි සිතා සිටි මත්ස්‍ය විශේෂ තුනක ඡායාරූප ද මෙහි දැක්වේ. සිකුරාදා සිට ඉරිදා දක්වා උදෑසන අටේ සිට රාත්‍රී අට දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය නොමිළයේ පැවැත්වෙන්නකි. මිරිදිය මසුන් පිළිබඳ කරණ ලද ගවේෂණයකින් පසු සියළුම මිරිදිය මසුන් සම්බන්ධ තොරතුරු හා ඔවුන් සංරක්ෂණය කරණ ආකාරය පිලිබඳ දත්ත ඇතුලත් ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් නමැති පොතක් ද පසුගිය දා එළිදැක්වූයේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට ඉතා වැදගත්. (නි)
මාර ලස්සන මාළු ඉන්නවනේ අපේ වැව් වල. හරිම හොඳ වැඩක් (නදී)