
(නිමල කොඩිතුවක්කු)
විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් බලයට ඇති කෑදරකම නිසා දරුවන් ගැනවත් නොසිතා පාසල්, විහාරස්ථාන ඉදිරිපිට නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වේදිකාවල මතට තිත කියා මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්වලට ඇති කෑදරකම නිසා එවැනි දේවල් සිදු කරනා බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මෙම දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බැවින් තවදුරටත් දේශපාලන සූදුවලට හසු නොවී දැන්වත් දරු පරපුර සහ රටේ අනාගතය ගැන සිතිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 203 වැනි අදියර යටතේ ත්‍රිකුණාමලය සේරුවිල මොරවැව මහදිවුල්වැව ජාතික පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොදටම බයවෙලා, එයාගේ අවස්ථාවාදී කල්ලිය බාර් පර්මිට් වලටයි වාහන පර්මිට් වලටයි රනිල්ගේ කළිසමේ එල්ලෙන්න බලාගෙන ඉන්න නිසා. වේදිකා ගානේ ගිහිල්ලා අදෝනා නගලා පලක් නැහැ ලොක්කා, ඔහෙලගේ කැත නින්දිත දේශපාලනයේ හැටි ඔහොම තමයි ඒ නිසා තමන්ගේ ගෝලයෝ ටික හදා ගන්න බලනවා.......
ඉතින් ඒ වගේ දේවල් වලට එන අයත් එක්කද මේ ආණ්ඩු හදන්න යන්නේ...?
තමුන්නැහැ ලඟ බාර් කාරයො ඇත්තෙම නැද්ද ? තමන්ගෙ මහලේකම්ගෙ පවුලෙ හිතවත් අයට එහෙම ෆර්මිට්.දීල තියෙන බව කියවෙනව, ඇත්ත නැත්ත හොයන්න. රනිල් තමන්ගෙ ගෝලයන්ට ෆර්මිට් දීල බාගන්නවට.බයේ මේ ඇනුම්පද කියවන්නෙ.
මම බලයට පත් උනහම රටේ සියලුම සුරා සැල් වහනව කියල ප්‍රකාශ කරන්න. මේ බීමේ ආදිනව කියවල වැඩක් නැහැ ඕව හැමෝම දන්නවා