ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් වැඩි කර ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය කියයි.

අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 15ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 දක්වා ද, ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 25ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 35 දක්වා ද ඉහළ දමා ඇත.

පසුගිය 11 වැනි දා ද ලොකු ලූනු හා අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කළේය. ඒ ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 15කින් හා අර්තාපල් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 10 කිනි.