කල් තබා ගැනීම සඳහා නෙළා ගත් ලොකු ලූනු පවනේ වේලීමට එල්ලා තැබිය යුතු නමුත් කිලෝව රුපියල් 90 ගණනේ මාතලේ දිසාවේ ගොවීන්ගෙන් ගත් පැළවීමේ හා කුණුවීමේ තර්ජනයට ලක්ව ඇතැයි ගබඩා පාලකවරු කියති.
මේ අතර රජය සතොස ලවා මෑතදී ලොකු ලූනු කිලෝ තිස් ලක්ෂයක් පමණ මිලට ගත්තේය. මේ අතර රටින් ගෙන්වූ ලොකු ලූනු තොගයක් කුණුවී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස වළ දමා ඇත. අඩි 15ක් පළල අඩි 10ක් ගැඹුරැති වළක දැමූ කුණු ලූනු වලින් හමා එන ගඳ මුළු පළාතේම පැතිරී ඇතැයි අවට වැසියෝ කියති.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසූයේ මෙම කුණුවළ පවත්වාගෙන යන අයට එරෙහිව නඩු පවරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ මුදල්.(හේ)
මේවාට ඍජුවම වගකියන්න ඕනෑ කවුද? (නි)
මේවාට ගෙවන්නේ ජනතාව.(හේ)
ඒ කියන්නේ ලූනුත් ගණන්යයි වගේ (නි)