බහරේන් රැකියාවට ගොස් සිටි බෑණා කටුනායක ගුවන්තොටේ සිට පසුගිය සෙනසුරාදා හෝමාගම නිවසට රැගෙන ආ මාමා කැපුම් තුවාල ලබා ගෙදර බිම වැටී සිටි බව ඔහුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක සඳහන්වී යැයි බැහැරට ගොස් සිටි ඔහුගේ බිරිය පොලිසියට කීවාය.
බෑණා එනතෙක් එදින උදේ 7.30 පමණ වනතෙක් ගෙදර සිටි නැන්දා නුගේගොඩ වැඩට ගියාය. බෑණා 23 හැවිරිදි යෝගනාදන් බුවනේන්ද්‍ර බවත් ඔහුගේ සිරුර විදුලි පංකාවක එල්ලෙමින් තිබූ බවත් පොලිසිය කියයි.
පොලිසිය විශ්වාස කරනුයේ මමාට පිහියෙන් අනින්ට ඇත්තේත්, බෑණා මරණයට පත්වන්නට ඇත්තේත්, සෙනසුරාදා උදේ 7.30 හා දහවල් 11 අතර කාලයේදී බවයි.
බෑණාගේ ගමන් බෑගයද කාමරයේ තිබූ බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට ඉහතදී ලංකාදීප පුවත් පත අන්තර්ජාලය හැර අපට කියවීමට හැකි වුවත් දැන් ඒ සඳහා ලියාපදිංචි වීමත් මුදල් අය කෙරීමත් සිදුවේ. අප හට පැරණි පත්‍රයක් බැලීමට වුවද අපහසුවන බැවින් අඩුම වශයෙන් පැරණි පත්තරවත් නොමිලේ බැලීමට අවස්ථාව සලසා දෙන මෙන් කරුණාවෙන් ඉල්වමි. (බ)
අයියෝ සල්ලි කියුවලු (දී)
මොකක්ද මේ ? (නදී)
තර්ක විතර්ක ඕන නැහැ මාමා ගෙන් අහන්න මොකද උනේ කියලා.(නදී)
දුක හිතෙන කතාවක් (නදී)