‘පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෝගයෙන් එකඟත්වයෙන් අපි මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘ යැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටු වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති නිතීඥ ලාල් විජේනායක මහතා විසින් අද (01) කථානායකවරයාට බාරදුන් අවස්ථාවේ ඔහු එසේ කීවේය.
‘අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ ජනතාවට ඕන වෙලා තිබුනා වර්තමානයට ගැළපෙන විදියට නව ව්‍යවස්ථාවක් හදා ගන්න එක, එහෙම නැත්තම් නව ව්‍යවස්ථාවක් හැදීම,ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාවක්, ඒ වගේම පාර්ලිමේන්තුවේ බලතල පැවරෙන ව්‍යවස්ථාවක් හදා ගන්න එක. ඒ නිසා මම විශේෂයෙන් පොරොන්දු වෙනවා මේ අවස්ථාවේදි පාර්ලිමේන්තුව වෙනුවෙන් අපි ඒ සෑම අදහසක්ම අවධානයට යොමු කරනවා කියලා‘ යැයි ද කථානායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාර්තාව අපිට බලාගන්න විදිහක් නැද්ද? (නි)
අවුරුද්දක් ගියා, කරපු දෙයක් නම් නැහැ (නි)
ඔච්චරයි අඩු අපිට දැන්. රටම සියල්ලෙන්ම සර්ව සම්පුර්ණයි. (නි)
යහපාලන ගිවිසුම් ප්‍රකාරවත්, යහපාලනයට ඡන්දය දුන් 62 ලක්ෂයකගෙ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන ලෙසත්, යහපාලනය ගෙනා තිරය පිටුපස බටහිර රටවල්වල අණ ඉටුවෙන ලෙසත්, අපිට ඉඩම්, පොලිස් බලතල සහිත ෆෙඩරල් පාලනයක් සහිත ව්‍යවස්ථාවක් දෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. (නි)
එ්ක තමයි මේ රටට දැන් අඩු. (නි)