IMG-LOGO

‘රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේනවා‘

‘පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෝගයෙන් එකඟත්වයෙන් අපි මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘ යැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටු වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති නිතීඥ ලාල් විජේනායක මහතා විසින් අද (01) කථානායකවරයාට බාරදුන් අවස්ථාවේ ඔහු එසේ කීවේය.

‘අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ ජනතාවට ඕන වෙලා තිබුනා වර්තමානයට ගැළපෙන විදියට නව ව්‍යවස්ථාවක් හදා ගන්න එක, එහෙම නැත්තම් නව ව්‍යවස්ථාවක් හැදීම,ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාවක්, ඒ වගේම පාර්ලිමේන්තුවේ බලතල පැවරෙන ව්‍යවස්ථාවක් හදා ගන්න එක. ඒ නිසා මම විශේෂයෙන් පොරොන්දු වෙනවා මේ අවස්ථාවේදි පාර්ලිමේන්තුව වෙනුවෙන් අපි ඒ සෑම අදහසක්ම අවධානයට යොමු කරනවා කියලා‘ යැයි ද කථානායකවරයා කීය.

webishDSC_1436



අදහස් (0)

‘රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේනවා‘

ලසිත් Wednesday, 01 June 2016 12:37 PM

මේ වාර්තාව අපිට බලාගන්න විදිහක් නැද්ද? (නි)

:       0       0

රත්නායක Wednesday, 01 June 2016 12:54 PM

අවුරුද්දක් ගියා, කරපු දෙයක් නම් නැහැ (නි)

:       0       0

ඇසළ Wednesday, 01 June 2016 01:11 PM

ඔච්චරයි අඩු අපිට දැන්. රටම සියල්ලෙන්ම සර්ව සම්පුර්ණයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 01 June 2016 01:20 PM

යහපාලන ගිවිසුම් ප්‍රකාරවත්, යහපාලනයට ඡන්දය දුන් 62 ලක්ෂයකගෙ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන ලෙසත්, යහපාලනය ගෙනා තිරය පිටුපස බටහිර රටවල්වල අණ ඉටුවෙන ලෙසත්, අපිට ඉඩම්, පොලිස් බලතල සහිත ෆෙඩරල් පාලනයක් සහිත ව්‍යවස්ථාවක් දෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

නිම්මිි Wednesday, 01 June 2016 03:06 PM

එ්ක තමයි මේ රටට දැන් අඩු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site