රටක අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ රටේ ජනතාවගේ දැන උගත්කම මත බවත් නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හා දර්ශනය නව තාක්ෂණික ලෝකය හා බද්ධ කරමින් නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ඇති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.
‘අද උපාධිධාරීන් විදියට ඔබ ලබන මේ විශිෂ්ට සහතිකයත් සමග ඔබේ ජීවිතයේ බලාපොරොත්තු රාශියක් තිබෙනවා. ඒ බලාපොරොත්තු තම ජීවිතය සමත් වීම පිළිබඳවයි. විභාග වලින් ලබන සහතිකය අපි ජීවිතය සමත් කරගැනීම සඳහා කොතෙක් දුරට උපයෝගි කරගන්නවාද, අධ්‍යාපන සහතිකයෙන් ලබා ඇති දැනුම ප‍්‍රායෝගික සමාජය තුළ තිබෙන්නා වූ විවිධ ගැටලූකාරී තත්වයන් මෙන්ම අභියෝගයන් සමග සාර්ථක ජීවිතයක් ගොඩනගන්න කළයුතු කාර්යයන් අප විසින් ඉටුකළ යුතු වෙනවා. ඒ කැපවීම ඔබට ලැබී ඇතැයි මම විශ්වාස කරනවා. ඒ කැපවීම රට ගොඩනගන්න, ඉදිරියට ගෙනයන්න මුළු මහත් මානව ප‍්‍රජාවගේ අනාගතය සඳහා උපයෝගි කරගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. පොත පතින් ලබන දැනුම සමාජයේදී අපි ප‍්‍රායෝගිකව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතිය යුතුයි. දේශන ශාලා තුළ, පුස්තකාල තුළ, විද්‍යාගාරයක් තුළ, අපි ලබන දැනුම ප‍්‍රායෝගික සමාජයේ දී භාවිතා කරමින් රට දියුණු කළ යුතුයි. පසුගිය දින වල ජී 7 සමුළුවට මා ජපානයට ගිය අවස්ථාවේදී ජපානයේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මා විමසා බැලූවා. අපේ රටේ සමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා තිබෙන ශ්‍රේණි වල තත්වයට ජපානයේ නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තරුණ දරුවෙක් ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වන අවස්ථාවේ සිට ඉන් පිටවෙන තෙක් උපාධිය ලබා ගැනීමට අති විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. චීනය වැනි රටක් ගත්විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තරුණ දරුවෙක් තමාගේ අධ්‍යාපනික කටයුතු සඳහා අති විශාල මුදලක් වැය කළ යුතු වෙනවා‘ යැයිද ජනපති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්කම රටක අනාගතය කියල පිළිගන්නවානම්, පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ උගතුන්. එහෙම නැතුව ඕක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. අඩුම තරමේ උසස්පෙළ විෂයන් 3 සමත් උදවිය. ජනාධිපති වෙන්න උපාධියක්වත් තිබිය යුතුයි. එහෙම නොවෙච්ච එකේ ප්‍රතිපල තමා දැන් අත්විදින්නේ (බ)
ජාත්‍යාලයක්,දේශානුරාගයක් නැති තනතුරු, බල පෙරේත උගතුන්ගෙන් රටට වැඩක් වෙන්නේ නැහැ. සිදුවෙන්නේ විනාශයක් පමණි. ඒ විනාශය තමා අද රටට වෙලා තියෙන්නේ. රටක අනාගතය සඳහා වැඩියෙන්ම අවැසි දේශානුරාගය සහ ජාත්‍යාලයයි. මේ දෙකම නැතුව ඉගෙනීම ඇති අවස්ථාවාදියෙක් වුණාට වැඩක් නැහැ. (නි)
හැමදාම හැමතැනම දාර්ශනික මත කිය කියා ඇවිදලා වැඩක් නැහැ. වැඩත් ඕනෑ (නි)
උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කියන්නේ ලංකාවේ තිබෙන හොඳම විශ්ව විද්‍යාලය කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්ව විද්‍යාලයට ආ දවසක කිව්වා මතකයි. (නි)
උගත් කම ගැන කතා කළාට, උගත්කම ලබාගත් අයට දෙන්න අලුත් රස්සාවල් ලංකාවේ නැහැ. ලංකාවෙන් උගත්කම අරන් පිටරට යන්නේ ඇයි කියන එක ගැන කතාකරන්න ඕනේ . අපි හැමදාම කතාකරන්නේ අනාගතයේ වෙන දේවල්. අද කරන්න ඕනේ උගත්කම ලබා ගත් අයගෙන් රටට වැඩ ගැනීමයි. ලංකාව ලෝකයේ වෙළදපොළක් වෙලා තියෙන්නේ. ලංකාවේ ස්වදේශ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ.අපේ රටේ සල්ලි පිට රට වලට යන එක නවත්වන්න ඕනේ. නිකන් කතා කියා කියා ඉඳල හරි යන්නේ නැහැ. (බ)
ඔබතුමා ඕවා අපිට කියලා වැඩක් නැහැ. ඒ වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 95% පමණ වූ නූගතුන්ව ඔතනට යැවීමෙන්ම, රටක අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ රටේ ජනතාවගේ දැනඋගත්කම මත බව අපේ රටේ මිනිස්සු ඔප්පු කරලා ඉවරයි. දකුණු ආසියාවේ ඡන්දදායකයා මොනතරම් නූගත්ද කියන එක මත ඔවුන්ගේ රැකියාව රඳාපවතිනවා මිසක් ඔතන වෙන මැජික් එකක් නැහැ. (නි)
සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ඔබතුමාට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හදාගැනීමට අපහසු වුයේ එකල නායකත්වයේ පැවති අධූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා බව ඔබතුමා පැවසුවා. එය එසේ නම් දැන් රටේ පාලකයා වශයෙන් ඔබතුමා ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? දැන් දැන් අපිට බොහෝ දේ මනාව පැහැදිලිවෙමින් තිබේ. (නි)
ග්‍රාමසේවක කෙනෙක් වෙන්න ඉගෙනගත්තත් මදැයි ධම්ම, ඔය සමහරු වගේ හොරෙක් වෙන්න වැඩිදුර ඉගෙනගන්නේ නැතුව. (නි)
ධම්ම කිව්වට අධර්මිෂ්ඨකම පිරිලා. ග්‍රාම සේවක කියලා එතුමාගේ චර්යාවේ මොකද්ද තියෙන අඩුපාඩුව? නූගත්බව ප්‍රදර්ශනය කරන්න එපා ධම්ම. (නි)
ඔබතුමාගේ හරවත් කතාව අගය කරනවා (නි)
රටක අනාගතය උගත්කම වුණාට මට නම් නැත්තෙත් එ්කම තමයි. (නි)
වින්සන්ට්, පද්මිණි, ඔබ හරි. ධම්මගේ අදහස් වලින්ම පේනවා උගත්කම හා උගත්කමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිතුමා කියන දේ හොඳටම අදාළ වෙන්නේ එයාට බව. (නි)
මගේ කතාව නොපිට තේරුම්ගත් අය පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
ඔන්න, ඔන්න, ඔබතුමා අපේ දේශපාලකයින්ට ඇනුම්පද කියන්න පටන් ගන්න වගෙයි හදන්නේ.. (හේ)
උගත්කම ට මෙයාල තැන දෙන නිසානේ මේවෙනකොට හතලිස් දාහක් විතර උපාධිධාරී පිරිසක් රස්සාවල් නැතිව ගෙදර ඉන්නේ (බ)
තමාගේ මාතෘභූමියේ ස්වාධීනත්වය අනෙකෙකුට හොරෙන් දීම සහ හොරකන් කරගෙන යනකන් බලා සිටීම ආනන්තරිය පාප කර්මයකටත් වඩා බරපතලයි.(ම)
‘උගත මනා සිල්පයමඊ මතු රැකෙනා‘ ආඩම්බර වීමට කාරණය තමයි අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ම උගත් බුද්ධිමත් පිරිසක් වීම ගැන (බ)
ඔබතුමා කියාපු දේ කට්ටියට තේරුනාද මන්ද? තවත් උද්ඝෝෂණයක් නම් ළඟදීම ආරම්භ වෙයි කියල හිතෙනවා. (බ)
ග්‍රාමසේවක කෙනෙක් වෙන්න ඉගෙනගත්තාම මදැයි. (බ)