IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘රට හංවඩුව ඉවරයි‘

 

ලංකාවේ මානව හිමිකම් සුරැකීම සදහා වන දේශීය යාන්ත්‍රණයට සහාය දක්වමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව නිසා පසුගිය සමයේ ජාත්‍යන්තරයේ සැකකරුවෙක් ලෙස හංවඩු ගැහී සිටි ශ්‍රීලංකාවේ ධනාත්මක වෙනසක් ඇතිවූයේයැයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

එසේම ඇමරිකා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය මෙරටට හිමිවීමෙන් ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තොර අලුත් ශ්‍රීලංකාවක් ඉදිරියේදී ලෝකය හමුවේ බිහිවනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී පසුගියදා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ නවතම වාර්තාව පිළිඹදව අදහස් දක්වමිනි.

වැඩබලන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් සිදුවන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක සහයෝගීතාව ශ්‍රීලංකා රජය මෙරට මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට ක්‍රියාවට නැංවීමට යන දේශීය යාන්ත්‍රණයට ලබාගැනීම බවය.

මෙහි කිසිම රහස් ගනුදෙනුවක් නොමැති බවත් එය ශ්‍රීලංකා නීතියට යටත්ව සිදුකරන්නක් බවත් හෙතෙම කියා සිටියේය.

මෙවැනි ක්‍රියාවලියක් මෙතෙක් ලෝකයා හමුවේ සැකකරුවෙකුවූ අප රට එයින් මුදවාගත් අවස්ථාවක් වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.එසේම‍ ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවෙන් ශ්‍රීලංකාවටද සම අනුග්‍රාහකත්වය පැවැරී තිබීම නිසා පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට ශ්‍රීලංකාවට බලය පැවැරෙන බවද ඔහු පැවසීය.



අදහස් (0)

‘රට හංවඩුව ඉවරයි‘

සම්පත් වන්නිආරච්චි Monday, 28 September 2015 04:57 AM

මානව හිමිකම් ඉදිරියට දමා සිය අවශ්‍යතාවයට අනුව නැටවෙන පාලන බිහිකර ගැනීමට ඇමරිකාව ඇකුළු යුරෝපා රටවල් අනුගමනය කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පසුගිය කාලයේ මොනවට ප්‍රදර්ශනය වුණා. දැන් මානව හිමිකම් අවුල් නෑ කියන එකෙන් පැහැදිලි වෙන්නේ මේ අය ඒ බෙරපදයට නටන්න සූදානම් බව පමණයි. ඒක අපේ රටේ සාමාන්‍ය ජනතාවටනම් හිතකර නෑ.(බ)

:       0       0

ඉමේෂ් Monday, 28 September 2015 05:19 AM

ඔයාල අඩු කරපු බඩුමිල දැන් ටික ටික වැඩි කරනවා නේද? (අ)

:       0       0

චන්න බුවනක Sunday, 27 September 2015 08:31 AM

එක එහෙම උනාට දැන් මානව හිමිකම් කඩ කරනවා කියලා චෝදනා කරන්නේ අපේම අයනේ. (හේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 06:38 AM

සැබෑ පිළිතුරු සෙවිය හැක්කේ අනාගතය ලුහුබන්දිමෙන්වත් අතීතය තලු මරා වැමරිම වත් නොව වර්තමානයේ ජීවත්වෙමින් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. සුබ ගමන්. (අ)

:       0       0

පිටිගල Sunday, 27 September 2015 10:00 AM

රටට ලොකුම විපත සිද්ධ වුනේ රටේ ජාතික ධනය සොරකම් කළ නායකයින්ගෙන්. (හේ)

:       0       0

මහානාම -කඳාන Monday, 28 September 2015 07:36 AM

රට හංවඩුව ඉවරද මන්ද නමුත් රට නම් ඉවරයි (අ)

:       0       0

එරංග Sunday, 27 September 2015 10:21 AM

ඔබ තුමා කියන දේ හරි.(හේ)

:       0       0

සමීර Sunday, 27 September 2015 10:29 AM

ඇමරිකාවෙයි , බටහිර රටවලයි හොඳ හිත දිනා ගන්න රට බේරලා දීපු මහින්දව හමුදා සෙන්පතියෝයි තුට්ටු දෙකට දාන එක හරිම වැරදියි.(හේ)

:       0       0

ධම්ම Sunday, 27 September 2015 10:33 AM

එතකොට පකිස්තානය, රුසියාව, කියුබාව, චීනය ආදී රටවල් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මොකද?(හේ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 27 September 2015 11:02 AM

ධනය සොරකම් කළා නම් එය ගණන් බලන්න පුළුවන්. රට පාවාදුන්නා නම් කොහොමද ගණන් බලන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 27 September 2015 12:32 PM

හැමෝම කතාව විතරයි. තාම රටට ජනතාවට වුණ සුගතියක් නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 27 September 2015 12:43 PM

කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 27 September 2015 12:58 PM

පිටිගල,කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕවට තමා. (නි)

:       0       0

තුත්තිරිගම Sunday, 27 September 2015 01:05 PM

පිටිගල, ඔය කියන්නේ අර මහ බැංකු හොරකම ගැනද? (නි)

:       0       0

ද සිල්වා Sunday, 27 September 2015 01:37 PM

විදේශ රටවල් සමඟ ප්‍රශ්න ඇතිකර ගනිමින් අපේ රට ජාත්‍යන්තරයේ හුදකලා කර තවත් උතුරු කොරියාවක් කිරීමට සමහරු උත්සාහ ගනී. යුද්ධයෙන් පසු මෙවැනි පරීක්ෂණ කිරීම අපිට අලුත් දෙයක් නොවේ (නි)

:       0       0

මහානාම -කඳාන Monday, 28 September 2015 10:08 AM

නිමල් මහත්මයා මම ත් ජපන් වාහන ගෙන්වා අලෙවි කරන්නෙක්. ඩොලර් එක පා කිරීම හා බදු වැඩි කිරීම නිසා ලක්ෂ ගණන් පාඩුව වුණා. නමුත් වාහන බදු වැඩි කරන්නේ සීමිත ඩොලර් සන්චිතය ආරක්ෂා කර ගැනීමට හා වාහන ආනයනය සීමා කිරීමටයි. මොකද ලංකාවේ දැන් වාහන වැඩි යි . ඒවගේම දිනපතා වාහන එකතු වෙනවා මිස වාහන අයින් වීමක් නැහැ අනෙක් රට වල වගේ. (අ)

:       0       0

සිල්වා Sunday, 27 September 2015 01:59 PM

දැන් ඉතින් ගැලරිය පිනවන කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

නිමල් Monday, 28 September 2015 01:59 AM

විදේශ රටවල වාහන සඳහා බදු පනවන්නේ ඉතා අඩුවෙන්. අපේ රටේ පිටරටකට වඩා හය හත්ගුණයක් ඕනෑ වාහනයක් ගන්න රජය අය කරන අධික බදු මුදල් නිසා. වාහනයක් කියන්නේ අද කාලේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. ගරු ඇමතිතුමනි, මිනිසුන් සූරාකන වාහන බදු ක්‍රමය ඉවත් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site