IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා

( පද්මසිරි ගාර්දියවසම්  )   

රජයට අයත් බව කියන  වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් සිය බාරයට ගනු ලැබූහ . 

මෙම වාහනය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙක්  භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය . 

එම හිටපු උප සභාපතිවරයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නාමයෝජනා ලබා දී තිබේ . වාහනය මේ වන විට බෙලිඅත්ත පොලිසියට ඉදිරිපත් කර ඇත . 

 



අදහස් (7)

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා

, අරවින්ද මොනරවිල Friday, 11 October 2024 03:43 PM

ආ.. ඕවා. මේ... මාලිමාවේ සංදර්ශන නොවැ.

:       98       35

pakeerFriday, 11 October 2024 08:02 PM

අරවින්ද මොනරවිල... මාලිමාවේ ඉතිරි වැඩ ටික පෙන්නන්න ඉන්න මැතිවරණේ ඉවරවෙනකන්... ඔබලා වගේ හොර තක්කඩි... මොනරවිල තුමාටත් නින්දාවක්...

:       2       12

සෙනෙවිරත්න Friday, 11 October 2024 04:02 PM

අයාලේ ගිය රටක්, ඕනම කෙනෙකුට පදිතහැකි, ඒ වගේ මේ අය රට ගැන හිතුවේ. දැන් පීල්ලට වැටෙනකොට. හෙමිහිට මගහරිනවා. වහාම මේක හෙලිකරලා දඬුවම් දෙන්න.

:       4       93

හේවාවසම් Friday, 11 October 2024 06:39 PM

ඔය උප සභාපතිතුමා පොහොට්ටු පක්ෂයේ කෙනෙක් බව මොනරවිල උන්නැහේ හොඳින්ම දන්නවා. එහෙම දැනුවත් කෙනෙක් ඇයි මේ මාලිමාව එතැනට ගාවන්නේ? සභාපතිතුමා කරපු වැරදි වැඩේ, පොලිසියෙන් අල්ලපු එකට, මාලිමාව මොකද කරන්නේ...? වැරැදි වැඩේ මාට්ටුවුණු එකට මොනරවිල උන්නැහේගේ හිත හොඳටම රිදිලා. සොරි මෑන්...!

:       4       48

සෙනෙවිරත්න Saturday, 12 October 2024 06:38 AM

මොනරවිලගේ උපහාසය ඔබට වැටහී නැත. ඔහු අදහස් කලේ සමහරු එසේ කියනා බවයි.

:       0       7

ජයනාත් Friday, 11 October 2024 07:13 PM

දැන් තැන තැන අතරමං වෙන වාහන සෑහෙන හමුවෙනවා. අතුරුදන් වාහන 4000ක් තියෙනවා...

:       0       28

නන්දසේන Saturday, 12 October 2024 04:00 PM

දැන් ඔක්කොම බයෙන් සැකෙන් ඉන්නේ කොයි වෙලාවේ හරි හවුවෙයි කියලා. ඒ නිසා ආණ්ඩුවේ අය වැරැදි කරනවා කියා අහින්සක අයට චෝදනා එල්ල කරනවා කියලා බොරුවට කෑ ගහනවා... ඒ අස්සේ තමයි නීතිය තදින් ක්‍රියාත්මක වෙමින් පවතින බව පේන්න තියන්නේ ඒ අයට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site