
( පද්මසිරි ගාර්දියවසම් )
රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් සිය බාරයට ගනු ලැබූහ .
මෙම වාහනය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙක් භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය .
එම හිටපු උප සභාපතිවරයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නාමයෝජනා ලබා දී තිබේ . වාහනය මේ වන විට බෙලිඅත්ත පොලිසියට ඉදිරිපත් කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. ඕවා. මේ... මාලිමාවේ සංදර්ශන නොවැ.
අයාලේ ගිය රටක්, ඕනම කෙනෙකුට පදිතහැකි, ඒ වගේ මේ අය රට ගැන හිතුවේ. දැන් පීල්ලට වැටෙනකොට. හෙමිහිට මගහරිනවා. වහාම මේක හෙලිකරලා දඬුවම් දෙන්න.
ඔය උප සභාපතිතුමා පොහොට්ටු පක්ෂයේ කෙනෙක් බව මොනරවිල උන්නැහේ හොඳින්ම දන්නවා. එහෙම දැනුවත් කෙනෙක් ඇයි මේ මාලිමාව එතැනට ගාවන්නේ? සභාපතිතුමා කරපු වැරදි වැඩේ, පොලිසියෙන් අල්ලපු එකට, මාලිමාව මොකද කරන්නේ...? වැරැදි වැඩේ මාට්ටුවුණු එකට මොනරවිල උන්නැහේගේ හිත හොඳටම රිදිලා. සොරි මෑන්...!
දැන් තැන තැන අතරමං වෙන වාහන සෑහෙන හමුවෙනවා. අතුරුදන් වාහන 4000ක් තියෙනවා...
දැන් ඔක්කොම බයෙන් සැකෙන් ඉන්නේ කොයි වෙලාවේ හරි හවුවෙයි කියලා. ඒ නිසා ආණ්ඩුවේ අය වැරැදි කරනවා කියා අහින්සක අයට චෝදනා එල්ල කරනවා කියලා බොරුවට කෑ ගහනවා... ඒ අස්සේ තමයි නීතිය තදින් ක්‍රියාත්මක වෙමින් පවතින බව පේන්න තියන්නේ ඒ අයට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ..!