‘අද අවශ්‍ය වනුයේ දේශපාලන බලය රැක ගැනීම නොව රට රැක ගැනීම යැයි ද, ඒ සඳහා කළ යුතු එකම දේ දේශපාලන පක්ෂ, වාද බේද අතහැර සමඟ වීම බව ද මෛත්‍රීපාල සිරිසේන ජනපති හම්බන්තොට දී පැවසීය.
මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කරමින් ඔහු එසේ කීවේය.
හම්බන්තොට සුදු දිසාපතිවරයකු වූ ලෙනාඩ් වුල්ෆ් සමයේ සිට හම්බන්තොට ඉපැරණි කෞතුක වස්තු එහි ඇත.
සර්ව පාක්ෂික ජාතික හෝ හවුල් යන කවර නමකින් හැඳින්වුවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනුයේ එවැනි ආණ්ඩුවක් බව ජනපති අවධාරණය කළේය.
කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාපක්ෂ සහ නිරූපමා රාජපක්ෂට ද ඇරැයුම් කර තිබුණත් ඔවුන් පැමිණ සිටියේ නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කෙනක් හදපු එක තව කෙනෙක් විවෘත කරන එක වැරදිනම්, මේ ගොඩනැගිල්ල විවෘත කරන්න ඕනෑ මේක හදපු මේසන් බාස්. මොකද එයානෙ මේ ගොඩනැගිල්ල හැදුවේ. කව්රු හැදුවත් මේවා රටේ සල්ලි. හොද දෙයක් නම් කවුරු විවෘත කළත් කමක් නැහැ. (නි)
රට හදන්න අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික ප්‍රතිපත්තියකි.රටක් දියණු වීම සදහා ප්‍රබල විපක්ෂයක් අත්‍යවශ්‍ය කරුණකි.මේ ජාතික ආණ්ඩු ඇති කිරීම සදහා උත්සහ කරන්නේ රැවුල සහ කැඳ දෙකම බේරාගැනීම සදහා පමණි. තමන්ට බලයට ඒමට උදව් වූ එක්සත් ජාතික පක්ෂයත් දැනට සභාපතිකම දරන නිදහස් පක්ෂයත් යන දෙකෙන් එකක් තෝරා ගැනීමට නොහැකිව ඒ සදහා යොදන උපක්‍රමයකි ජාතික ආණ්ඩුව.රට යුද්දයෙන් වැනසෙන අවස්ථාවල ඇති කිරීමට නොහැකි වූ ජාතික ආණ්ඩුවලින් දැන් පලක් නැත.(බ)
ඔබ තුමාගේ අදහස ඉතා හොඳයි. අපි රටට වගේම ඔබ තුමාටත් ආදරේය. (බ)
ජාතික ආණ්ඩුවක් හදමු එතකොට වංචා දුෂණ හොයන්න කවුරුත් නැහැනේ රිසි පරිදි රිසි සේ කටයුතු කරන්න පුළුවන්.(හේ).
ඔබට බුදුසරණයි ජනාධිපති තුමනි,(හේ)
ඇයි මෙච්චර කල් රට රැකුණේ නැද්ද? (ම)
වෙන දේ බලමු ඉදිරියට.(හේ)
ජාතික ආණ්ඩුවක් යනු විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවකි. (හේ)
අපේ රටට ගැලපෙන්නේ ජාතික ආණ්ඩුවක් පමණයි.(හේ)
නැවත රාජපක්ෂලා ගාවා ගන්න එපා (නදී)
රට නියම තලයට ගේන්න (නදී)
අපට අවශ්‍ය රට පාවා නොදෙන ආණ්ඩුවක්.(හේ)
ජාතික ආණ්ඩුවක් යනු විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවකි. එහිදී රටට අහිතකර දෙයකදී එයට විරුද්ධ වීමට විපක්ෂයක් නොමැති හෙයින් රටේ ආරක්ෂාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ වැටෙයි.(හේ)
එල්ටීටීඊ යුද්ධ කාලෙවත් නොතිබුණු ජාතික ආණ්ඩු දැන් මොකටද? (නි)
කතාව ඇත්ත (නදී)
ප්‍රජාත්‍රන්තවාදය පවතින්න හොඳ විපක්ෂයක් අනිවාර්යයි (නි)
කොපමණ දේ කිවුවත් අපි ඇත්ත තේරුම්ගෙන සිටිමු (නි)
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිසිදු රටක දිගුකාලීනව ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන ගොස් නැත. එය හුදෙක් ජාතික ආපදා අවස්ථාවකදී හෝ යුද්ධයකදී හෝ ඉන් ගොඩඒමට තාවකාලිකව යොදා ගැනෙන්නකි. විරුද්ධ පක්ෂයක් නොමැති පාර්ලිමේන්තුවක් ඇති නිසා ආණ්ඩුවට ජනමතය නොතකා තමන්ට සිතුවක් කිරීමට හැකිවන හෙයින් මෙහිදී ඉබේටම ඒකාධිපති පාලනයක් ඇතිවෙයි. එවැන්නක් ජාතික ආපදාවක් හෝ යුද්ධයක් හෝ නොමැති රටකට ස්ථාවර යාන්ත්‍රණයක් සේ යොදාගැනීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් බලවත් සේ බාධා පැමිණෙයි. (නි)
සිංහල මිනිස්සු ජාතික ආණ්ඩු ගැන කතා කරනවා. කොටි එකතුවෙලා ඊලමක් හදන්න කතාකරනවා. ලංකාවේ ජීවත් වෙනකොට ඕවා පේන්නේ නැහැ. ලංකාවේ සංවර්දනයට දැන් වෙලා තියෙන දේ බලන්න. ලංකාවේ සුළු ජාතීන්ට උවමනා සියලුම ව්‍යාපාර එයාලගේ අතේ තියාගන්න. සිංහල මිනිස්සුන්ට එය පේන්නේ නැහැ. (නදී)
ඔබ තුමාගේ කැප කිරීම් වලට අපේ ප්‍රණාමය මැතිඳුනි , ජයවේවා !(නදී)
මේ රටේ සාමය ඇති කරන්න පුළුවන් ජාතික ආණ්ඩුවකින් පමණයි. ඒත්, හොරුන්ට උවමනා වෙලා තිබෙන්නේ,ජාතිය භේද බින්න කරලා උන්ගේ පවුල්වාදය රජ කරවන්න. මේ සත්‍ය මේ රටේ බහුතර ජනතාව තේරුම් අරගෙන තිබෙන්නේ. අපට කියන්න තිබෙන්නේ හොරුන්ට, හොරුන් සමගම නැගිටින්න නොවෙයි වැලලෙන්න කියලා. (නදී)
ජාතික ආණ්ඩුවේ හෙළුව දැන් මුළු ලෝකයාම දන්නවා.(නදී)
ජාතික ආණ්ඩුවක් තුලින් තමයි රට ගොඩගන්න පුළුවන් එකාදීපති වියරුවෙන් රට ගොඩගන්න බැහැ ඒ තුලින් වෙන්නේ එක පවුලක් රටේ ලේ උරා බොන එක පමණයි ජනතාවගේ බදු මුදල් වලින් යැපෙමින් රටේ සම්පත් සුළු පිරිසක් බුක්ති විදීමයි !! (නදී)
දෙපැත්තේම ඉන්න හොරුන්ට ගැලවෙන්න තියෙන එකම මග.(නදී)
ඔන්න ඉන්දික ගොනා ගොන් කතාවක් දාලා. (නදී)
මාතර සම්පත් තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. මහා බැංකුවේ පෙරහැර ගියා වගේ ඇගට නොදනේන්නම. (නදී)
හිටපු දුෂිතයන් සමඟ පිහිටුවන, කියන විධියේ ආණ්ඩුවකින් රට රැක ගැනීමට හැකිවේවිද? ජනතාවට එය සිහිනයක් විය හැකිය. (බ)
මේක අපේ රටේ ගොඩාක් දෙනෙකුට නොතේරෙන එකයි ප්‍රශ්නේ මේ ලංකාවේ හැටි ජනපති තුමනි. නැත්නම් අපේ රට දියුණුවෙලා ගොඩාක් කල් අපේ අය හිතන්නේ තමන්ගේ බඩ වඩා ගන්න ලේසිම ක්‍රම...(හේ)
සන්ධානය කියන්නෙත් හවුල් ආණ්ඩුවක්. ඉතින් ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් හදන එකේ කිසිම වැරද්දක් නැහැ. (හේ)
සියලු දෙනාගේ එකමුතුවෙන් රට හදන්න පුළුවන්.(හේ)
දැන් දමයි නියම නිදහස් ශ්‍රී ලංකාවක් තිබෙන්නේ මහජනතාවට ඕනත් ජාතික ආණ්ඩුවක්. (හේ)
පිටකොන්දක් නැති අය තමයි මගහැරල යන්නේ , ඕක රජ පරපුරේ ගතිය (බ)
ඇත්ත ඒ කතාව.(හේ)
දින 100 දී සහ ඉන්පසුවත් කරන්නේ ගිය ආණ්ඩුව හදපු දේවල් විවෘත කරන එක විතරයි. (ත)
රාජපක්ෂලාට දැන් මිනිසුන් ඉදිරියට එන්න කොන්දක් නෑ. (ත)
මෙයා මේ රට ආයේ හරවන්න බැරි මට්ටමටම අමාරුවේ දානවා (නදී).
ඒ කට්ටියට අලි හෙම්බිරිස්සාව හැදිලා ඇති දැන් අකුණු එක්ක වහින නිසා. ගණන් ගන්න එපා එයාලව. (නදී)
හිතුවට වඩා ප්‍රගතියක් රට පෙරට ගෙනයන්න ශක්තිය ආශීර්වාදය පතමි. (නදී)