‘මම ඔබට විදුලිය දුන්නේ කළුවරේ ඉන්න නොවෙයි. ඔබ අදුරෙන් එළියයට එන්න ඕනෑ යුගය ඇවිත්. වෛරය ක්‍රෝධය පතුරුවන්න ලේසියි. ජාති වාදය ආගම් වාදය පතරුවන් ලෙසියි. ඒ පතුරවන අයගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා බැලුවොත් ඒ අය ඉන්නේ එංගලන්තේ, ඇමරිකාවේ හෝ කැනඩාවේ. මම මේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පළාත දියුණු කරන්න රට දියුණු කරන්න අපත් සමග අත්වැල් බැද ගන්න කියා. ‘ මහින්ද රාජපක්ෂ ජනපති අද කිලිනොච්චියේ රැලියක් අමතමින් පැවසීය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද පැමිණ සිටියේය.
‘අපි දුක් වින්දා ඇති. අපේ අම්මලා නැතිවෙලා, තත්තලා නැති වෙලා ඉන්නවා. අපට නැතව එවැනි යුගයක් ඕනෑද කියා හදවතින් හහලා බලන්න. දැන් සංවාර්ධන ඇරැඹුණා. ඔබේ දරුවාට හොද අධ්‍යාපනයක් දෙන්න අපි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. තරුණයන් එක්ලක්ෂ පනස් දහසකට රැකියා දෙන්න මම කටයුතු කර තිබෙනවා.
අපි සියලු දෙනා අත්වැල් බැදගෙන මේ ගමන යන්නේ ඔබේ ජීවිතය සැපවත් කරන්නයි. ඔබට ලබා දිය යුතු දේ ලබා දෙනවා. ඉඩම් ඔප්පු, රත්තරන් ලබා දුන්නා වගේ අපි ක්‍රමානුකුලව වැඩ කටයුතු කරගෙන යනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න සියලු දෙනා එකතු වෙන්න.(හේ)
හැම දෙයක්ම වැරදියට හිතන්නේ ඇයි.(හේ)
නමුත් අද පොදු අපේක්ෂක මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති එළිදක්වෙද්දී විදුලිය විසන්ධි කලානේ. මේක වෛරය ක්‍රෝධ දේශපාලනය නැවෙයිද? (අ)
කතාවේ නම් පුදුම විනිවිද බාවයක් තියෙන්නේ. (හේ)
දුෂණයෙන් හා වංචාවෙන් තොර ලස්සන ශ්‍රි ලංකාවක් බිහිවේවා.(හේ)
අපි මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය සඳහා එකතුවෙමු. (නි)
මෙවැනි යුගයක් තිබුනොත් හොඳද කියලා හදවතින්ම අහලා බලන්න (නි)
ජාතිවාදය පතුරන අය ඉන්නේ කොහෙද? ආණ්ඩුව තියෙන්නේ පාට පක්ෂ බේදයෙන් තොරව වැඩ කරන්න නේද? (නි)
ඔබ ඇත්තෙන්ම අවංකයි (නි)
ලස්සන කතාවක්. හදවතටම වදිනවා (නි)
කතාව විදියට වැඩත් වෙනවා නම් අපි හරි සතුටුයි (නි)
අපි ඔබ සමඟයි (නි)
මේ රැස්වීම් වල හැමතැනටම ආලෝකය පැතිරෙනවා. (නි)
ඔය කියන ආලෝකය සමහරුන්ගේ රැස්වීම් වලදී නැත්තේ මොකද කියල මම මේ කල්පනා කරන්නේ. (නදී)
තමන්ගේ පැත්තේ අයට විතරක් ආලෝකය නොදී හැමෝටම දුන්නොත් නේද හොඳ ? (නදී)
ජනපතිතුමා එක්ක එකතු වෙන්න.(හේ)
අන්න අනුර කුමාර දිසානායකගේ කතාවක් යු ටුබේ එකේ තියෙනවා.පුලුවන්නම් බලන්න. (අ)
ජනතාවගේ අවශ්‍යතාවයන් කරන්න නේන්නම් ඔබ තුමාලව පත් කරගන්නේ. මම අරක දුන්නා මේක දුන්නා කියා කියා ඉන්නත් දෙයක්ද? ජනතාවවෙනුවෙන් වැඩ කරන එක ඕනෙම පක්ෂෙක දේශපාලකයකු කලයුතු දෙයක්. යුතුකමක්. (අ)