මොරටුව අඟුලානේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 525ක් ළඟ තබාගත් සැකකරුවකු කසිප්පු සමග තවත් සැකකරුවකු හා වරෙන්තු ලබා සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුටව ගත් බව පොලිසිය කියයි.

එළු කොටුවේ කසිප්පු කොටුවේ

බණ්ඩාරගම වැලිතුඩාවවත්ත බොල්ගොඩ ගඟ රක්ෂිතයේ එළුවන් ඇතිකරන මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමග රුපියල් 150,000ට වැඩි වටිනාකමක් සහිත ගෝඩා සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හලාවත දූපතේ කසිප්පු වටලයි

හලාවත මැරවල දූපතක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොලක් වැටලූ සුරාබදු නිලධාරීන් රුපියල් ලක්ෂ පහකට වඩා වටිනා මත්පැන්, ගෝඩා ඇතුළු උපකරණ තොගයක් සමග එක් අයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

වෙන්නප්පුවේ කුලී නිවසක කසිප්පු පෙරලා

වෙන්නප්පුව උතුරු කම්මල කුලී නිවසක පවත්වාගෙන ගිය කසිප්පු ගබඩාවක් වවටලා කසිප්පු බෝතල් 150ක් සොයාගත් බව වෙන්නප්පුව පොලිස් දූෂණ මර්ධන අංශය පවසයි. අත්අඩංගුවටගත් කසිප්පු බෝතල් පිට පළාත්වලට බෙදාහැරීමට සූදානම්කැර තිබූ බව ද පොලිසිය පවසයි.