IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘රට සුවපත් කරන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සැමට සහෝදරත්වයේ හස්තය දිගු කරන අතර සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යැයි ජනාධිපතිවරණ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට සුවපත් කිරීමට නම් සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අලහප්පෙරුම මහතා කීය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා:-

තවදුරටත් ජනාධිපති ධුරය ආභරණයක් විදියට ගෞරවයක් විදිහට වත්කමක් විදිහට සලකලා නෙමෙයි අප ජනාධිපතිවරණයට කණ්ඩායමක් විදිහට ඉදිරිපත් වුණේ.

පක්ෂ පුද්ගල න්‍යාය පත්‍ර වෙනුවට ජාතික න්‍යාය පත්‍රයක් කේන්ද්‍ර කර ගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබාදීම සඳහාත් ජනතා පරමාධිපත්‍ය පාවා දෙමින් නිදහස ලැබූ දින සිට අප අත්විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාව පෙරදැරිව අප මේ කටයුත්ත කළා.මේ ඉලක්කම් වලින් ලැබූ පරාජය පරාජයක් ලෙස නොව ධෛර්ය සම්පන්න මග පෙන්වීමක් ලෙස අපට උදව් කළ සහ සුබ පැතූ සියලු දෙනාට ඉදිරිපත් කරන්න කැමතියි.

අපේ වුවමනාව තිබුණේ ඉතිහාසයේ පළමු ප්‍රායෝගික සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැඟීමයි.

ප්‍රතිඵලය කුමක් වුවත් සම්මුති වාදය මුළු ලෝකයට ම වටිනා පරමාදර්ශයක් සපයා තිබෙන බව කිව යුතුයි.ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් කැපවීම් කළා. බොහෝවිට අවවාදයට වඩා ආදර්ශය උතුම් බව රටට පසක් කරමින් පෞද්ගලික අභිමතාර්ථයන් පසෙක දමා ජනාධිපති ධුරයට මා නිර්දේශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් එය ස්ථිර කරමින් ශක්තියක් වු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පක්ෂ රාශියක් කැපකිරීම් කළා.ජරාජීර්ණ බෙදීමෙන් තොරව අප එකට එකතු වුණා.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන අතර ම අරමුණු වෙනුවෙන් කැපවූ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට පෞද්ගලික ගෞරවය පුද කරනවා.එමෙන්ම මිලියන ගණනාවක ජනතාවගේ ගෞරවය පුද කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැවසූ සේම අද අප ගත කරන්නේ නිදහසින් පසු අමාරුම කාලයකයි.දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් පාර්ලිමේන්තුවේ පිළිබිඹු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් මා මිත්‍ර අනුර දිසානායක මහතාත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා.මෙි මොහොතේ ඡන්දය පාවිච්චි කළ සැමට අපේ කණ්ඩායම වෙනුවෙන් සහෝදරත්වයේ හස්තය දිගු කරන්න කැමතියි.සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යි.රටකට නැවත නැගිටින්න පුළුවන්.රෝගී රටකට නැවත නැගිටින්න බැහැ.එනිසා අප සියලු දෙනාගේ සහයෝගය ඊට අවශ්‍යයි.අප හැම විටම සිතුවේ දියවන්නා දූපතේ සිටින පවුල් 225 ගැනයි. අප බැලුවේ දියවන්නාවෙන් පිටට සිටින පවුල් පිළිබඳවයි .අප ඔවුන් වෙනුවෙන් එකට සිට ගත යුතුයි.

 



අදහස් (7)

‘‘රට සුවපත් කරන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි‘‘

sharm warn Wednesday, 20 July 2022 04:01 PM

ප්‍රජාතන්ත්‍රවාදය? ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ව පිටිපස්ස දොරින් පාර්ලිමේන්තුවට අරගෙන, මන්ත්‍රීවරුන් ඒ මනුස්සයාව රටේ නායකයා කරපුවාම ඒකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..? ඔහෙලගේ අන්ත දූෂිත කෑම ඔහෙලා ලෝකෙටම පෙන්නලා ඉවරයි.

:       79       13

GIVE-UP Wednesday, 20 July 2022 05:08 PM

දැන් ඉතින් ඉවසුවා ඇති...! සුගතානන්ද, ජීවන්ත පීරිස්, නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි සැම දෙනාටම ඕගොල්ලෝ ඔය අරගල කරන එක නවත්තලා දැන් රට පැත්තෙන් හිතලා රටට ඩොලර් ආදායම ගෙනදෙන සංචාරක ව්‍යාපාරයට දිරි දෙන්න කියලා...! නැතිනම් ඩ්‍රෝනාවලින් ඒ අයව පිළිගනී කියලා...!

:       0       0

ganegoda Wednesday, 20 July 2022 05:30 PM

අලියෙකුට වගේ බඩක් තියෙන හින්දා මෙහෙවරකම් කරලා හරි ඕක පුරවා ගන්න ඕනෑ නේද?

:       45       11

Bimba Wednesday, 20 July 2022 05:53 PM

මෙලෝ රහක් නැති දිගු කතාවක් කළා විදුහල්පති කෙනෙක් වගේ... හොඳ වෙලාවට නොතේරුණේ...

:       3       46

Hip Wednesday, 20 July 2022 07:36 PM

රට ලෙඩ කරපු අය අල්ලන්න ඕනෑ නැද්ද?

:       1       17

දාස Thursday, 21 July 2022 03:38 AM

මේ මනුස්සය දේශපාලනේට ගෙනාවෙ මංගල සමරවීර මහත්තය , ඔහු කිව්ව මෙයා හැසිරෙන විදිය ගැන දැක්කම මොහු දේශපාලනයට ගෙන ඒම ගැන දුක් වෙනව කියල.

:       0       0

වර්ණකුලසූරිය Thursday, 21 July 2022 02:04 PM

දූෂිත පාලක කණ්ඩායමක් නියෝජනය කළත් මෙතුමා දූෂිතයෙක් නොවන බවට ජනතා පිළිගැනීමක් තිබෙනවා. එහි ගෞරවය මෙතුමා ලබනවා. දූෂිත මංකොල්ල කරුවන්ගේ බලය තවදුරටත් යටපත් කිරීමට තරම් බලවේගයක් රටේ නිර්මාණය වී නොමැත. කොහොම වුණත් මහින්ද රාජපක්ෂ මහතා මෙතුමා වෙනුවෙන් බවට ප්‍රකාශ වුණා. එය ජනතාවට ගැටළුවක්. එවැනි තත්ත්වයකදි මෙතුමා වෙනුවෙන් පෙනිසිටිය රාජපක්ෂ විරෝධීන් මෙතුමාට සහාය දැක්වීම ගැන අපහසුතාවයකට පත් නොවන්නේද? ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 584 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site