IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රට වැහුවොත් පඩියත් නැති වෙයි

 

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

එවැනි තත්වයකට රට පත් නොකිරීමේ වගකීම ඇත්තේද ජනතාව සතුව බවත් ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමුවී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වා ලිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වයිරස් ප්‍රභේදයද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා බොහෝ පුද්ගලයන්ගේ හැසිරීම ගැන සතුටු විය නොහැකි බවද සඳහන් කළේ‍ය.

සමාජය තුළ පැතිර පවතින විවිධ මිථ්‍යා මත නිසා තෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට සමහරුන් මැලිකමක් දක්වන බව පෙනී යන බවත් එවැනි මිත්‍යා මතවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

කොවිඩ් ආසාදිතයන් 942ක් පෙරේදා වාර්තා වූ අතර එවැනි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තාවීම සිදුවූයේ මාස හතරකට පමණ පසුව බවද හෙතෙම පැවසීය.

ඔමික්‍රොන් වයිරස් ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේයැයි ද, කොවිඩ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදි ආකාරයට පිළිපැදීමට සැමදෙනා හිතට ගත යුතු යැයිද හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඩ් තුන්වැනි මාත්‍රාවමෙතෙක් නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත ගන්නා ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (12)

රට වැහුවොත් පඩියත් නැති වෙයි

Rexi Sunday, 30 January 2022 02:20 PM

සර් කරුණාකරලා සියලුම රැස්වීම් අවලංගු කරන්න. එය රජයේ, විපක්ෂ, ක්‍රීඩා, ආගමික හෝ පෞද්ගලික වේවා... ඔබේ බලතල අනුව ක්‍රියාකරන්න. ලොක්කන්ට එක විදිහකුත්, පොඩි සාමාන්‍ය ජනතාවට එක විදියකුත් එපා. නීතිය සැමට පොදු වෙන්න ඕනෑ. රටේ ඉහළම අයට කරන්න පුළුවන්.., නමුත් පොඩි සාමාන්‍ය ජනතාවට කරන්න එපා කියලා විතරක් කියන්න එපා... අවවාදයට වඩා ආදර්ශය උතුම්..!

:       0       38

මහසෙන් Sunday, 30 January 2022 02:36 PM

ඇයි බියගම මැෂිම කැඩිලාද? සල්ලි අච්චු ගහන... අනේ ඔබතුමාට අදාල දේ කතා කරන්න. යන්න ඕන හැමතැනම යන්න ඉඩදීලා දැන් කියනවා පරිස්සම් වෙන්නලු...

:       10       42

anuraSunday, 30 January 2022 04:12 PM

අනාගතයේ ජනාධිපති දවල් හීන දකින දේශපාලුවන්ගේ බසට රැවටී මැටි කතා නොකියා වැදගත් පුද්ගලයෙකු දෙන අවවාද පිළිපදින්න...

:       16       20

මහසෙන්Sunday, 30 January 2022 06:22 PM

අවවාද පිළිපදින්න.. හා.. හා..! මැටි තියෙන්නේ කාළඟදැයි පැහැදිලියි..

:       10       13

Pradeep Kumara Sunday, 30 January 2022 02:41 PM

පුදුමය කියන්නේ බොහෝ අය පළමු සහ දෙවන එන්නත් ලබාගන්න පෝලිම් වල ගහමරා ගත්තා.. වෙනත් වෙනත් ප්‍රදේශ වලටත් ගිහින් එන්නත ලබා ගත්තා. නමුත් බූස්ටර් එක ගමටම ඇවිල්ලා දුන්නත් ගොඩක් අයට ඒ ගැන වුවමනාවක් නෑ. මාස්ක් දාන්න වුවමනාවක් නෑ. දුරස්ථ භාවය ගැන හැඟීමක්වත් නෑ. උත්සව, විනෝද ගමන් සංවිධානය කරන්නේ කවදාවත් ඒවා කරලා නෑ වගේ උනන්දුවකින්... මේ වෙලාවේ ජේ. ආර්. මහතාගේ තියරියටයි වැඩ කරන්න ඕන. "තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න" මේ වගේ වසංගතයකින් වෙනත් කෙනෙකුට බෑ ඔබව ගලවා ගන්න. ඔබගේ උනන්දුව සහ පරිස්සම නැතුව...

:       1       36

RaveendraMonday, 31 January 2022 05:53 AM

එහෙම කොහේද? අපි කරන්නේ අපිට ඕන දේ... මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්? බලයේ ඉන්න "හරකුන්" දැනගන්න ඕනේ ලෙඩරෝග බෝවීම සම්පූර්ණයෙන්ම වළක්වන්න.. පිනටම කන්න පුරුදුවෙලා ඉන්න... අපේ පඩි නැවත්තුවොත් අපි දන්නවා කරන දේ... අපි විපක්ෂේ ඉන්න මීහරකුන් සමග සැමදාම පාරේ උද්ගෝෂණ, වැඩවර්ජන කරනවා.. ඒක අපේ අයිතීන්... තේරුණාද? අපෙන් රටට වියයුතු වගකීම්, යුතුකම් තමයි විපක්ෂයේ මී හරකුන් කියන කියන විදියට දෙකට තුනට නැවිලා සිටීම... ඒ නිසා අපිට ඔය එන්නත්, දුරස්ථභාවයන්, මාස්ක් ඕනෑ නැහැ, අපි ඉහළ බුද්ධියක් තිබෙන පොල් බුරු ජනතාවක් තේරුණාද? ඒ නිසා අපිට ඔබගේ ඔය අදහස් අවශ්‍ය නැහැ..

:       1       0

Shan Sunday, 30 January 2022 04:44 PM

රට වහන්න ඕනෑ නැහැ. මිනිස්සුන්ට කන්නත් නැති වෙලා ඉවරයි දැනටම. වැහුවොත් චීනයේ අයියා ඇවිත් ඇරලා කරගෙන යයි.

:       7       16

Dewa Sunday, 30 January 2022 06:50 PM

මෙයාලා රටට ඕනෑවට වඩා නිදහස දීලා....

:       4       6

Gamini Sunday, 30 January 2022 11:41 PM

අයියෝ එව්වා කොහේද? බෝඩ් උස්සගෙන පාරවල් වහලා ඉල්ලීම් දිනාගන්න මිනිස්සු එනකල්... අන්තිමට දින්නා නෙමෙයි, ගත්තා කියලා කියන්නේ...

:       0       0

සෙන්දේ Monday, 31 January 2022 02:53 AM

තව රටපුරාම සංගීත සංදර්ශන තියන්න අවසර දීලා නීති දාන්න ඕන තැනට නීති⁣ නොදා මිනිස්සුන්ටම වැරැද්ද පටවලා ඉමු.. ගන්න පඩියට වැඩක් නොකරන තමුන්නාන්සෙලට කර්මය පඩිසන් දෙද්දි බේරගන්න නඩුකාරයෝ නැති වෙයි...

:       0       0

kasun Monday, 31 January 2022 08:56 AM

මෝඩ උගත්තු..., රට හැමතැනම සංගීත සංදර්ශන. පෝර්ට් සිටි පෝලිම්. අත්‍යාවශ්‍ය පෝලිම් රට පුරා. ඒවට විසඳුම් නැහැ. හම්බවෙන එකම සොච්චමට කෙළින්න හදන්නේ.. ඒ ගොල්ලන්ට නම් කොරෝනා කියන්නේ වසන්තයක්... පඩිය 40000කින් වැඩිකරගත්තනේ... කොරෝනා වාට්ටුව ඇතුළටවත් යන්නේ නැතුව අමතර දීමනා ඔක්කොම හම්බවෙනවනේ... පුදුම රටක්...!!!

:       0       2

sharm warn Monday, 31 January 2022 10:42 AM

මෙයාට ලොක්කා කිව්වට දන්නේ නැහැ. පඩි කපන්න වෙනවා කියලා වක්‍රව හීනියට කියලා දාන්න කියලා... මෙච්චර ඉන්ධන අර්බුදයක් තියෙද්දී නිදහස් සැමරුම් උත්සවේ පෙරහුරුවට ගුවන් යානා යවනවා. මේ මොන රටක්ද මම අහන්නේ? වෛද්‍යවරුත් පුද්ගලික සේවයේ යෙදෙන ගමන් ලස්සනට අතිකාලෙ එහෙමත් ගන්නවනේ.. අනිත් මිනිස්සු වැඩකරලා පඩිගන්නකොට...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site