(යොහාන් භාසුර)
විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සළකා බලන කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් මස 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කැබ්නට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළ අතර පනවා ඇති ආනයන සීමා හේතුවෙන් මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පමණි.
ඒ අනුව පරිසර හිතකාමී විද්‍යුත් වාහන ගෙන්වීමට විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබී ඇති අතර ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විදේශගත ශ්‍රමිකයින් නිවැරදි මාර්ග ඔස්සේ මෙරටට එවනු ලබන විදේශ විනිමය දිරිගැන්වීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පසුගිය වසරේ හඳුන්වා දුන්නේය.
එහිදී විදේශගත ශ්‍රමිකයින් පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේදී එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර දීම සිදු වුවද, එම කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණඩල අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් විදෙස් සේවයේ සිට විදෙස් විනිමය ඩොලර් ලක්ෂ ගණනින් එවා ඇති අයට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව දෙන්නේ නැද්ද? එසේ නොදුන්නොත් නමින් ඇති මුදල් ආපසු විදේශවලට ඇදගන්නවා...
බේරෙ වැවට තාම බැස්සේ නෑනේ...
හොඳ වැඩක්...
නැහැ.. නැහැ.. කාලය දික්කරන්න ඕනෑ නැහැ...