(විනීතා එම්. ගමගේ)
මාධ්‍ය හා ජනතාව කතා කරන මොන වීරයා විස්සයි විස්සේ මේ රට බාර ගත්තත් රටේ විප්ලවීය වෙනසක් නොකළහොත් රට ගොඩ ගත නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රට වැටෙන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ ආණ්ඩු 10ක් 15ක් පැවැතීම යැයි ද ජනාධිපතිවරයා කීය.
මේ තත්ත්වය වහා හදා නොගතහොත් රට කොහෙන් කෙළවර වේදැයි කිව නොහැකි වන බව ද සිරිසේන මහතා පැවසීය.
රාජ්‍ය ආදායම පුළුල් ලෙස රජයට ලැබෙන ආයතන කිහිපයක මහා පරිමාණයෙන් වංචාව හා දුෂණය පවතින බවත් බලයට පත්වෙන කිසිදු රජයක් ඒවාට අත නොතියන බවත් හෙතෙම සඳහන් කළේය.
එම ආයතනවල වංචාව දූෂණය නැති කළහොත් අයවැය පරතරය පියවා ගන්න ඒ සල්ලි ප්‍රමාණවත් වන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (28) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්නම් කියලා රට බාරගත්ත එක්කෙනා ඒ වැඩේ නොකර පක්ෂේ හදන්න ගත්ත - ඒ ඔක්කොම අනාගෙන දැන් හතර අතේ බනිනවා
රට ගැන හිතන පාලකයන් පිරිසක් පත් නොවීමයි එවන් පිරිසක් පත් කරන්න තරම් බුද්ධිමත් ජනතාවක් නොමැති වීමයි තමයි හේතුව.
හොටු පෙර පෙර අඩමින් ජනතාවට ප්‍රශ්න කියන්නද විධායක ජනපති කෙනෙක් ඉන්නේ ? අපි පුංචි කාලේ කොස්කොල වලින් ඔටුනු හදාගෙන සෙල්ලම් ගෙදර රජ වුනාම කවුරුහරි කියන දේ ඇහුවේ නැත්නම් අඩාගෙන අම්ම ලගට ගිහින් කියල අම්ම ලවා අනිත් අයව අවනත කර ගන්නවා. මෙයාට තියෙන්නේ කොස්කොල විධායක පට්ටමක්ද ?
රටේ විප්ලවීය වෙනස ආරම්භ විය යුත්තේ මහජන ඡන්දෙන් පත්වුණු පාලකයින්ගෙනි. ලංකාවේ පාලකයින් සැමවිටම කරන්නේ පත්වූ දින සිට තමන් සුර සැප විඳිමින්, මහජනයාට පටි තද කර ගන්නට යයි දේශනා කිරීමයි. එබැවින්, රට හැදෙන්නට නම් පාලකයින් කල යුත්තේ, ප්‍රථමයෙන් තමන් ආදර්ශයක් වී, ඉන්පසු අනුන්ට හැදෙන්නට යැයි කීමයි.
අම්මප රටක රාජ්‍යනායක විධායක ජනාධිපති කෙනෙක් ද මේ කතා කියන්නේ.
හොඳයි අපි හොයලා බලලා මොනවා හරි කරගන්නම්. ඔබතුමා සතුටින් 10 ට දොයියගන්නකෝ.
මේ කියන ඒවා සත පහක තේරුමක් නෑ.
ඒ කියන්නේ ඔය එයාගෙම මාධ්‍ය කතා කරන වීරයා මොන ජන්ජාල තිබ්බත් ෂුවර් එකටම එනවා කියන එක ස්ථීර කරන එකද? රටේ ආණ්ඩු දහයක් පහලවක් කියල කියන්නේ ඔබ තුමාගේ එකයි, පොහොට්ටුවේ එකයි, උතුරේ එකයි, නැගෙනහිරට එකයි කඳුකරයේ එකයි වගේද? අතට කඩුවක් ගත්තා, මඩු වලිගයක් ගත්තා, එල්ලුම් ගහක් ගත්තා. ඒ උනාට ඒ කිසි දෙයකින් කිසිම වැඩක් ගත්තේ නැහැනේ. එහෙම තියෙද්දී අසාමාන්‍ය විධායක බලතල සහිත තනතුරක් දරාගෙන නහයෙන් අඬන එක හරි නෑ වගෙයි. නැද්ද මන් අහන්නේ?
දෑන් ආයිත් යාලුයි වගේ. ඔන්න දෑන් බමුනා , පතුරු අරිනවා
ප්‍රදාන හේතුව. රටේ නීති ක්‍රමත් ඔයවගේ , ලොක්කට ,පොඩ්ඩට ප්‍රබු කියන, සල්ලි කාරයින්ට , මේක පුදුම නීතියක් පොඩ්ඩට විතරයි නිතිය අකුරට වැඩ කරන්නේ. මෙහෙම ගියොත් රටක් ඉතිරි වෙන්නේ නැහැ. ලොකු ආයතන බංකොලොත් කෙරුවේ රටේ ප්‍රදාන දේශ පාලුවෝ මිසක් එහි සේවකයෝ නෙමේ.
ඔක්කොම ඉතින් වග කියන්න ඕන.