විදෙස්ගතවන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුරක්ෂිත බව හා සුබසාධනය පිළිබඳ නොසලකන ඕනෑම රටක් පිළිබඳව තීන්දු තීරණ ගන්නා බවත් එම රටවලට මෙරට ශ්‍රමිකයන් යැවීම නතර කිරීමට පසු නොබසින බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (27) විදේශ සේවා කාර්යංශයේ වන්දි ප්‍රදානයකට එක්වෙමින් පැවසීය.

‘වන්දි ලබාගන්නා අයට උපරිම සාධාරණය වෙනුවෙන් කැප වනවා. රක්ෂණ මුදලකට හිමිකම් ලැබෙන්නේ වසර දෙකකට පමණයි. ලියාපදිංචි කාලය අවසන් වුණාම නැවත ලියාපදිංචි වීම සියලු දෙනාගේ වගකීමක්‘ යැයි ද ඇය කීවාය.

IMG_5751 IMG_5787 IMG_5802-(1)