රට යන ක‍්‍රමය ගැන කිසි සේත් සතුටුවිය නොහැකි බවත්, අල්ලස, දුෂණය, ඥාති සංග‍්‍රහය රජයන බවත්, මේ ක්රමය වෙනස් විය යුතු යැයි මහජනයාටද දැන් දැන් හැඟීමක් ඇතිවීම හොඳ ලකුණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද, නැතිනම් පොදු අපේක්ෂකයකුට සහාය දෙන්නේද යන්න ගැන තවම අවසන් තීරණයකට එළඹ නැතැයි ද දිසානායක මහතා ලංකාදීප ිඑසැණ හමුවේ‘ දී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට දැන් විශාල පිරිසක් එක්වෙමින් තිබෙන බවත්, පක්ෂය කඩාගෙන ගිය කුමන්ත‍්‍රණකරුවන් හැර ජවිපෙන් ගිය සෙසු පිරිස් සම්බන්ධ කර ගැනීමට සාකච්ඡුා පැවැත්වෙන බවත් ඔහු කීවේය.
අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ... රට හරි මඟ ගෙනියන්න පුළුවන් කට්ටිය මේ.... බන්දුල මහතා බොහොම හරි... අදටත් මේ රට වැඩිපුරම පස්සට අදින්නේ මේ අනත දේශපාලකයන් මේ අයගේ ගෝල බලයින් තමා.... බලයට තියෙන තණ්හාව....(අ)
ජේවීපි එක විශ්ව විද්‍යාලයෙන් ඉවත්වුණ දාට, මම ඒගොල්ලන්ගේ පැත්තට යනවා. අනුන්ගේ වැරදි පෙන්වන එක හරිම ලෙහෙසියි. මට හොඳ විශ්වාසයක් තියෙනවා ජේ වී පි එක පොරොන්දු කඩ කරන්නේ නැති බව.ඒ මොකද ඒ පොරොන්දු ඉෂ්ට කරන්න පළමුව රජයක් පිහිටවන්න ඕනෑනේ. (නි).
බන්දුල මතක් කරලා දීල තියෙන දෙයම කරුණා එල්.ටී.ටී. එකේ ඉද්දි කලා.නමුත් ඔහු අද කැබිනට් ඇමති වරයෙක්.අතීතයේ කළ වැරදි අවබෝධ කරගන නිවැරදි මගින් ඉදිරියට එන කෙනෙක්ව හැමදාම අතීත වැරදි මතක් කරමින් ඔවුන් පාගන්නෙත් කුහක කමට.අද රට කරවන්න භාර දීම කෙසේවෙතත් අද රටට උවමනා ජේ.වී.පී. එක වගේ ප්‍රබල විපක්ෂයක්.නැත්නම් මේ කොළ පාට නිල්පාට කවුරු විපක්ෂයේ හිටියත් අපිට කොලේ වහල දෙගොල්ල බෙදාගන කන එකයි කෙරුවේ.හෙටත් එහෙමයි.අනුර කුමාර පාර්ලිමේන්තු සංවාදයකදී ඔය උගත් ,කුලවත් යැයි කියාගන්නා ඇමතිවරු වගේ කුණුහරුප කියන්නේ නැහැ.සංඛ්‍යා ලේඛන ඇතුව හරියට පොයින්ට් එකට කතා කරන්නේ.එහෙම අයගෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. (අ)
සෙනෙවිරත්න මහත්තයෝ, අනුන්ගේ මෝඩකම් කාටවත් නැතිකරන්න බැහැ. 21 වනදාට බලන්නකෝ වෙනස කොහොමද කියලා (නි)
අනේ බන්දු මහත්තයෝ ඔයා මේ කියපු දේවල් අනුව ඔයාගේ දේශපාලනය හා දැනුම ගැන හෙඳට තේරෙනවා.ඔයා වගේ අය නිසා තමයි ධනපති දේශපාලුවන් මේ තරම් රට කන්නේ.ජේවීපී දේශපාලනය කියන්නේ බඩ වඩාගැනීමෙන් තොර ස්වේච්ඡාවෙන් කටයුතු කරන තැනක් බව ඔයාලට තේරුම් යන තුරු ධනපති දේශපාලුවන්ට මරු මරු මරු.(අ)
එහෙම කියලා ආණ්ඩුවට ඡන්දෙ දෙන්නද යන්නෙ?(අ)
සාලිය මහත්තය ගැන දුකයි. ජනතාව බලයක් නොදෙන පක්ෂයකට ප්‍රති පත්ති ප්‍රකාශන හදන්න බැරිද ඕන ඕන විදියට. බලය ලැබෙන පක්ෂයකට තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන කොට දෙපාරක් හිතන්න වෙන්නේ. (නදී)
රජය වෙනුවෙන් ප්‍රශස්ති ලියන අනිත් හැමදෙනාටම ගරහන බන්දුල මහත්තයෝ, රට යන හැටි හරිද ?තවද දේහ ලක්ෂණ වලින් චරිතය කීම නුතන මනෝවිද්‍යාව පිළිනොගන්න යල් පැනගිය සංකල්පයක් බව ඔබ දන්නේ නැද්ද? (නි)
ජේවීපී එකේ කෙරුවාවල් ගැන නොදන්නා බොහෝ දෙනෙක් බන්දුල පෙරේරා අල්ලාගෙන. සමහරු වැල යන පැත්තට මැස්ස ගහනවා. (නි)
ඉතා හොඳ පක්ෂයක්.(අ)
මේ බන්දුල,71/89 ඇති වුණේ මෙයලගේම වරදින් නෙවි .එවකට හිටපු පාලක පක්ෂත් වගකියන්න ඕනේ.අනික 89/71 ගැනම තෙපර බබා ඉන්නේ නැතිව 2001 ඇමතිකම් අරගෙන කරපු හොඳ වැඩ ගැනත් කතා කරන්නකෝ . කොයි කෙසේ වෙතත් ජ.වී .පෙ කියන්නේ අනිත් පක්ෂ වලට වඩා විනයක් හා කැපවීමක් තියෙන පක්ෂයක් (අ)
මේගොල්ල තමා 2005 උඩ පැනල මහින්ද මහත්තය ජනාධිපති කරේ ,(අ)
ජවිපෙට ජය වේවා! (නි)
මිනිස්සුන්ට තේරුම් කරන්න හරිම අමාරුයි. මිනිස්සු කැමති මංත්‍රීලා ලොකු වාහනවල කාපට් පාරවල් වල යනවා බලලා සතුටු වෙන්න. (නදී)
බන්දුල පෙරේරා වැනි අය නිසා තමයි රට විනාශ වෙලා තියෙන්නේ (නි)
88/89 කාලයේ අපි කරපු කැපවීම් ඔය අද ඉන්න සෝබන නායකයෝ කරලා තියෙනවද? අඩු ගානේ එක පෝස්ටර් එකක් අලවලා තියෙනවද ? (නදී)
එයාලා කරපුවා දැන් එයාලටම මතක නැහැ (නි)
බන්දුල පෙරේරා, අලුත් දෙයක් හිතන්න බලන්න (නි)
අනේ අනුර මහත්තයෝ, ඔයා හරි. රට යන විදිහ හොද නැහැ. ආපහු ඔය ගොල්ලන්ට එකතු උන කොල්ලෝ ටික 88/89 කාලේ වගේ පාරවල් අයිනේ මරලා දාන්න ක්‍රමයක් කල්පනා කරන්න. (නදී)
බන්දුල පරණ කාලේ දේවල් නොවෙයි. අද ගැන හිතන්න. කොටි ගණන් වියදම් කල එකදු වියපෘතියකින් වත් වැඩක් නැහැ. මේ බොරු දේවල් නිසයි බඩු ගණන් යන්නේ. වල් වැදිච්චි ගුවන් තොටු පොලවල් නවීකරණය කලාට කමක් නැහැ අඩු වියදමකින්. කරන්න ඕනා. ඔක්කොම ගිහින් හම්බන්තොට හදල හරි යන්නේ නැහැ. රටේ සිද්ධවෙන දේ තේරුම් ගන්න බලන්න කරුණ කරලා. (නදී)
බන්දුල පෙරේරා මල්ලිගේ දේශපාලන කෙටිකතාව ඉතාමත් රසවත්,අර්ථවත්,කාලීන ,සරල, සත්‍ය කතාවක් බව මම යෝජනා හා ස්ථීර දෙකම කරමි ! (නි)
දිනේෂ් මහත්මයා, බන්දුල පෙරේරාව ගණන් ගන්න එපා. (නි)
බන්දුල මහතාගේ අදහසට ගරුකරමි (නි)
අද රටේ වෙන හොරකම, දුරාචාර, අවනීතිය ගැන තම ජීවිතය පරදුවට තබා කතාකරන අනුර කුමාර වැනි අය නැත්නම් අපේ රට දැනටමත් සෝමාලියාව, බොලිවියාව පරදආ. බන්දුල, සඳුනිලා ආවඩන්නේ එහෙව් අයට. අපි නම් රටින් පිටවෙලා ගොඩක් කල්. නමුත් සාමකාමී ශ්‍රී ලංකාවක් එනතරු අපිත් බලා ඉන්නවා. (නි)
සදුනි,අනුර ඩබ්ලිව් සෙනෙවිරත්න මහත්මයා කිව්වා වගේ,පරණ දේවල් මතක් කර කර වමාරාගෙන කෑම දැන්වත් නවත්වන්න.ඔයාටයි, බන්දුල පෙරේරාටයි අනිත් අය, අතීතයේ කළ දේවල් අමතකවීමයි පුදුම. (නි)
අහෝ බන්දුල, නොයමි කඩේ ....... අනුර, ඔබට ජය!!! (නි)
බන්දුල පෙරේරාගේ සුපුරුදු විරිඳු සුරල් හඬ සමඟින්....... (නි)
යමෙකුගේ අදහසක් දිහා බලනකොට දේශපාලන රාමුවෙන්ම බලන්න එපා. (නි)
බන්දුල මහත්තයෝ, අතීත කතා කාටත් තියෙනවා. වර්තමානය ගැන අනුර දිසානායක කියනදේ ඇත්තද බොරුද කියලා හිතන්න ඔබේ මොළෙන් ටිකක් ඉතුරුව ඇති කියා සිතනවා. (නි)
ජේ. වී. පි. එක හෝ වෙන ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාර අවබෝධ කරගතයුතු සත්‍යය නම් බන්දුල පෙරේරා වැනි මිනිසුන් මේ රට ධර්ම රජයෙන් අාශ්චර්යට ගෙනයන බැව් පමණි... බහුතරයක් මෙවන් මිනිසුන් චිරාත් කාලයක් මේ පාලකයන් සමග ජීවත්වීමට සූදානම් බව උෟව ඡන්දෙන්ද අායෙමත් මනාව ඔප්පු වෙනු ඇත... "මිනිසුනේ හැටියට ඔවුන්ගේ පාලකයන් පත්වෙනු ඇත" බුද්ධිමතුන් සිටි ආසියාව පොත්කියවන උගතුන් කරවා සුද්දන් බිනේතුවෙන් අවුරුදු 500 කිරීමට බැරිවූ දෙය අද ඉටුකරගනිමින් සීටී.. (අ)
1988 - 89 වකවානුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් ආරක්ෂා කරගැනීම සඳහා හිමිදිරි උදෑසන සිය ඡන්දය පාවිච්චි කිරීමට පෙළගැසී සිටි මේ රටේ අහිංසක ඡන්දදායකයින් කෘර ලෙස ඝාතනය කරපු සමහරුන්ගේ අත්වල ඇගිලි කැපුවේ ඔය දැන් උජාරුවෙන් කතා කරන ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කරන්නද? රටම පිළිගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා, රටේ ප්‍රවීන කලාකරුවන්, දේශපාලන නායකකාරකාදීන්, විශිෂ්ඨ වෘතිකයන්, අනෙකුත් පක්ෂ වලට හිතවත් අහිංසක මිනිසුන් මැරුවේ, තුන්ඩු කෑල්ලෙන් කඩ වහන්න කිව්වේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නද? මේ රටේ ග්‍රාමීය ආර්ථික මර්මස්ථාන වන විදුලි උප පොළවල්, රජයේ කෘෂිසේවා ආයතන, ලංගම ඩිපෝ, තැපැල් කාර්යාල, සහ බස් රථ, කෝච්චි පෙට්ටි ගිනි තිබ්බේ, විනාශ කළේ ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කරන්නද? මේ ගොල්ල ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන තැන්පත් කරන්න රාජ්‍ය ලේඛනාගාරයේ වෙනම අංශයක් තියා ගන්න වේවි. රටේ තුන් වැනි බලවේගය දැන් හතරට බැහැලා. වික්‍රමසිංහ, පිලිප්, ඇන්. ඇම්.,කොල්වින් වැනි උගත් බුද්ධිමත් පිරිසටවත් බැරි වුනා මේ රටේ නිදහස් සමාජවාදී රජයක් පිහිටුවන්න බලය ගන්න. දැන් ඒ පක්ෂවල ශක්තියත් හීනවෙලා. මේ ගොල්ල දැන් අවුරුදු 43 ක් තිස්සේ තාම දඟලනවා. මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ. (අ)
ජනතා විමක්ති වැරදි කළා තමයි. එහෙත් ඔවුන් මේ ආණ්ඩුව පවත් වා ගෙන යන්ඩ උදව් වුණා. එදා ජයග්‍රහණයට සහයෝගය දුන්න. ඔවුන් දැන් කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වා දී ඒ මගින් ජනතාවට සේවයක් කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම රටේ වැරදි කරන පාලකයින්ට පමණක් තර්ජනයක්. (අ)
අනේද කියන්නේ ගයාන් මෙයාටත් අර එයා කඩේයන ලොක්කට 18 ගේන හදිස්සියට ඔක්කොම අමතක වුනා නම්, මේ නිකම්ම නිකම් සොක්කන්ට මේකේ කියන දේවල් අමතක වෙලා,(ස)
මේ අයට ඕනේ කරන්නේ 1971 කාලයේ වාගේ කාලයකට රට ගෙන යන්නද ? මොවුන් කල විනාශය ජිවිත වැනසීම තවත් කවුරුත් මේ වන තුරු කර නැත (නදී)
අනේ බන්දුල, දීපාල් මහත්වරු වාඩිවෙනකොට හිමින් වාඩිවෙන්න, රටක් වටිනා මොළ දැක තැලෙයි. (ස)
මේ ගොල්ලන්ට රට කරන්ඩ බැරිද පුලුවන්ද කියන දේ නෙමේ කාරණය. කියන දේවල් සියයට සීයක්ම ඇත්ත. බන්දුල මහත්තයලට මේක තේරෙන්නේ නෑ දාගෙන ඉන්න කණ්ණාඩියේ පාට නිසා. රටේ මිනිස්සු පුදුම දුකක් විදින්නේ ජීවත් වෙන්න. (නදී)
මේ කට්ටියගේ සමාජවාදී ආර්ථික ක්‍රමයට මමත් කැමති නැහැ. හැබැයි මේ අය පාර්ලිමේන්තුවේදී කියන දේවල් 100% ක් ඇත්ත. රජයේ මගඩි මේ අය බය නැතුව එලි කරනවා. මේගොල්ලෝ එලි කරන රජයේ දුෂණ වංචා බොරු නම් ඒ අයට නඩු දාන්ඩ පුළුවන්. නමුත් ඒ අය එහෙම කරන්නේ නැහැ. ඒවා මග ඇරලා ජනතා විමුක්ති පෙරමුණේ පරණ වැරදි කියනවා. මේ දුෂණ වංචා ඇත්ත නිසා මේ අයට නඩු දාන්න බැහැ. පරණ වැරදි හොය හොය ඒවා පිට දාල දුෂණ වංචා මග අරිනවා. තව තවත් ගසා කනවා. මේගොල්ලෝ මේ දුෂණ වංචා චෝදනා වලින් ගැලවෙන්න කරන කපටිකමක් විදිහට තමයි ජේ වී පි එක පරණ වැරදි තැටිය ගහන්නේ. (ස)
සදුනි, 87-89 රට යවපු හැටි අපිත් දන්නවා ඒවා අමතක වෙලා නැ අපිටත්. (ස)
71/88/89 කැපවීම් කරපු විරුවන්ටත් ලජ්ජා කරන සෝබන නායකයා. රෝහණ වීජෙවීර, ගමනායක වැනි නායකයන් ගිය පාරකවත් මේ අයට යන්න දන්නේ නැහැ. (නදී)
ජේ වී පී එක ආණ්ඩුවක් පිහිටෙව්වත් නැතත් විසාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරනවා. (නදී)
බන්දුල පෙරේරා ඇතුළු දෙන්නෙක් නිතරම ලංකාදීප පත්‍රයේ ජවිපෙ සම්බන්ද නිවුස් වලට වයිරි සහගත පහත් පෙලේ චෝදනා කරන්නේ අතියෝක්තියෙන් බව කිව යුතුයි. ඔබලා මොන තරම් මඩ ගැසුවත් අද ජනතා විමුක්ති පෙරමුණ වටා මුළු ලොව පුරාම විසිරි සිටින ශ්‍රී ලාංකික ජනතාව ඉතා සුභවාදිව ඒ වටා එකතු වෙමින් සිටින බව කිව යුතුමයි. හේතුව අන්තර් ජාලය හරහා රටේ සැබෑ තත්වය ජනතාව තේරුම් ගන්න නිසා. . ඒ නිසා ජවිපෙට ඉතා නුදුරු දිනක රටේ වගකීම පැවරෙන බව නම් ස්ථිරයි. ජවිපෙන් තොරව රටට අනාගතයක් පේනතෙක් මානෙක නැහැ. ලාංකිකයිනි ජවිපෙ ගැන දේශපාලන සතුරන්ගෙන් නොව ජවිපෙන් අසා තොරතුරු දැන ගන්න. එය වඩාත්ම නිවැරදි ක්‍රමයයි. (නදී)
ජේ වී පී ක්‍රියාකාරකම් නිසා සියල්ල අළුවී අසීරුවෙන් ජීවිත ගලවාගත් පවුලක් අපි. කිසි වරදක් නොකරපු ජීවිතය ගෙනියන්න පුංචි වෙළදසැල විවෘත කරපු වරදට කරපු දේ මතක තියෙනකම් අපෙන් නම් කිසිම සමාවක් නැහැ. එක අභියෝගයක් කරනවා. මේ රටේ නායකයා පත් වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින්. එ්ක මහජනතාව කරාවි. පුලුවන්නම් තනියම ඉල්ලලා ජනාධිපති වෙන්න අපේ ජීවිත කාලේ තුලදී. කවදාවත්ම බැහැ මේ රටේ ඡන්ද දායකයෝ එච්චර මෝඩ නැහැ. (නදී)
බන්දුල පෙරේරා ඔබ නිවැරදියි. ඔබට විරුද්ධව අදහස් දක්වන අයට මේවා තේරෙන්නේ නෑ (නදී)
රටක් ගොඩ නගන්න පුළුවන් රටේ මහජනයාට පමණයි. දැන් ඔයාලා කියන්නේ ජේ වී පි එකට එ්ක කරන්න පුළුවන් කියලද. වාමාංශික ක්‍රමය නම් මහජනතාව පොහොසතුන් කිරීම නොව,එක හා සමාන කිරීමයි. වාමාංශික රජයක් අවොත් වෙළද ව්‍යාපාර බිඳ වැටෙනු ඇත. රැකියාවල් අහිමි වෙනු ඇත. එතකොට රජයට වැඩි බරක් උහුලන්ට වෙනු ඇත. රටකට පුද්ගලික ආයතන තිබීය යුතුය. (නදී)
වටිනා ජීවිත පරාල ඇන ඔලුවට ගසා විනාශ කරපු අය ආණ්ඩුවේ හිටියට කමක් නැත්ද? (නදී)
මහියංගණයේ අද ඉඩම් බලපත් 150ට වැඩිය දුන්නා කියලා ආරංචියි. මාධ්‍යයට ආවරණය කරන්නත් ඉඩ දුන්නේ නැතිළු. මේවා මැතිවරණ නීති උල්ලංඝනයක් නේද ? (ස)
මිනී මරපු අය දැන් බන කියනවා (නදී)
බන්දුල පෙරේරා මේක අහල නෙමෙයි උත්තර දීල තියෙන්නේ (නදී)
ජවිපෙ ආණ්ඩුවක් අවොත් ඡන්දත් නැහැ. වැරදි කියල දෙන්න පත්තරත් නැහැ. හරියට උතුරු කොරියාවේ වියට්නාමයේ වගේ, ඔය කියන දියුණුවත් නැහැ. අන්තර්ජාලයේ දත්ත අරන් බලන්න. (නදී)
මේ අදහස් දාලා තියෙන දෙපළ මේ ලෝකේ ඉදපු අය නෙවේ. හොදට හිතලා බලන්න ජේ.වී.පී නැතිනම් මේ රට මෙහෙමවත් ඉතිරි වන්නේ නැහැ. එ්ක නිසා බොරුවට මෝඩයෝ නොවී ඇත්ත කතා කරන්න. (නදී)
දීපාල් සහ බන්දුල මහත්තයෝ පරන දේ මතක් කර කර වමාර වමාර කන්න එපා. මේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු පුටුවල ඉන්න අයගේ උගත් කම මැනලා කතා කරන්න. ඔය විශ්ව විද්‍යාල වලට ගිය අය. ඔයාල මෙච්චර කල් ඡන්දෙ දුන්න පාටි දෙක මිනිස්සු මැරුවේ නැතිද? මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කන්නේ නැතිද? මුලින්ම අපේ රට විනාශ කරේ නැතිද. මම ජේ.වී.පී නෙවෙයි. මම ලියන්නේ මිනිස්සුන්ගේ මෝඩකම නැතිකරන්න. (නදී)
ඔව්,රටට දැන් වෙනසක් අවශ්‍යම කාලය. ජවිපෙ ට ජයවේවා! (නි)
පොදු අපේක්ෂකගේ නම හෙළිකළොත් හොඳයි කියලා හිතනවා. (නි)
ඔබේ ප්‍රතිපත්තිවලට මගේ උපරිම සහයෝගය (නදී)
ගුණරත්න, ඔබ කියන දේ රටේ ඉන්න අනිත් අයට තේරෙනවද මන්දා (නදී)
ලොකු විනාශයක් රට වෙලාගෙන තියෙනවා (නදී)
"හාල් මිල වැඩියි. ගන්න අමාරුයි. කුලී වැඩක් කරලා හරි, ණයට හරි හාල් කිලෝ එකක් ගෙනාවොත් ඒක දිහා බල බලා තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. මුරුංගා කරල් උයන වෙලාවෙ ඒවා වැඩියෙන් උයනවා. හාල් හුණ්ඩුවක් විතර උයනවා. බත් හැඳි බාගයක් දාගෙන මුරුංගා මාළුව වැඩියෙන් පිඟානට බෙදා ගන්න කොට හුඟක් දුක හිතෙනවා". අාස්චර්යයේ තරම (නදී)
රෑට නාලිකා වලින් "හෝදන මොළ ටික" සත්‍ය හෙළිකරලා ප්‍රකෘති තත්වයට පත්කරන්නේ ජවිපෙ විසින් (නදී)
ජවිපෙට පින්සිද්ධ වෙන්න අපි අද ලංකාවේ පය ගහලා මෙහෙමවත් වේලක් හරි කාලා ජීවත්වෙන්නේ. නැතිනම් මේ වෙනකොට කන්න අදින්න නැති ඉතියෝපියාවක් සෝමාලියාවක් වෙලා ඉවරයි. (නදී)
ජවිපෙ කියන්නේ "කපන්න කපන්න මුවහත් වෙන" පක්ෂයක්. (නදී)
අනිවාර්යෙන්ම ජේ.වී.පී ආණ්ඩුවක් අවොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා දෙවරක් හිතන්න ඡන්දය දීමට පෙර ඔබගේ අද තීරණය හෙට රටේ දියුණුව වේ (නදී)
87-88 පැරණ තැටියම ගහන්න එපා. ජේ.වී.පීයටත් අවස්ථාවක් දීල බලන්න රට වෙනුවෙන් කැපකිරීම් කරපු මිනිස්සු ඕකේ ඉන්නේ (නදී)
බිමල් රත්නායක සහෝදරයා ඉන්ජිනේරුවෙක්. කළුතර දිස්ත්‍රික්කයේ නලින්ද ජයතිස්ස සහෝදරයා ගත්තොත් වෛද්‍යවරයෙක්. විජිත හේරත් සහෝදරයා ගත්තොත් කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට කෙටි කාලයක් සේවය කරපු කෙනෙක්. අනුර කුමාර සහෝදරයා ගණිත අංශයේ උපාධිධාරියෙක්. හඳුන්නෙත්ති සහෝදරයා වාණිජ අංශයෙන් උපාධිධාරියෙක්. මේ හැමෝටම තියෙන්නේ පෞද්ගලික අරමුණක් නෙවෙයි. පොදු අරමුණක්. ඒ අරමුණ තමයි මේ දුෂ්ට සමාජ ක්‍රමය වෙනස් කරන එක. (නදී)
මේ තීරුවේ පලවී තිබෙන අදහස් බලනකොට ගොඩක් කට්ටිය ජවිපෙට කැමතියි වගේ. එ්ත් දෙයියනේ තාම පාලන බලය තබා විරුද්ධ පක්ෂයේ මුල් තැනටවත් ඇවිල්ලා නැහැනේ. කවුරුත් කතා කරන්නේ බඩ ගැන පමණයි. මොන ආණ්ඩුව ආවත් ජිවන වියදම අඩු කරන්නට බැරි බව ඉතිහාසය තවමත් සාක්ෂි දරනවා. නොවෙන දෙයක් ගැන කතා කර කර ආණ්ඩු පෙරලලා නිහීන සතුටක් ලබනවාට වඩා අපේ දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කරගන්නට කල්පනා කරනවා නම් මිට වඩා වටිනවා කියලා මම හිතනවා. මමත් මගේ සැමියාත් රජයේ සේවයෙන් ලබන්නේ සුළු වැටුපක් උනත් අපි පවුලක් වශයෙන් අමාරුවෙන් හරි ජිවත් වෙන්නේ සතුටින්. අපේ ජිවිතයේ කාටවත් දොස් කියන න්‍යායයක් නැහැ. පින පව් දෙක අනුව සසර ගෙවෙන බව පමණයි අපි හිතන්නේ. (නදී)
දොස් කිය කියා රට වටේ යනවට වඩා රට ගොඩ නගන ඔබේ සැලසුම රටට ඉදිරිපත් කරන්න. එම ඉලක්ක සපුරා ගන්න මුදල් උපයන විදියත් කියන්න. විපක්ෂයේ පක්ෂ ඔක්කොම ආණ්ඩුවට දොස් කිව්වට එයාලගේ සැලසුම් රටට කියන්නේ නැහැ. (නදී)
බන්දුල පෙරේරා දන්නා දෙයක් කතා කොරන්න. ජේ වී පී කාලේ ඔබ ඉපදිලාවත් හිටියද දූෂණය අල්ලස පටන් ගත්තේ කොයි කලේද කියල කියල දෙන්න පුළුවන්. නමුත් ඒවා මෙහි පලකොරන්නේ නැහැ. (නදී)
බන්දුල මහත්තයෝ, මම ඔබතුමාගේ අදහස් හොදට බලල තියෙනවා. ඔබ තුමා රජයට කඩේ යන කෙනෙක්. ඔබතුමාට ජීවත් වෙන්න හොදට සල්ලි තියෙනවා කියල තේරෙනවා. එ්ත් මේ රටේ 42% ක මිනිස්සුන්ගේ දවසක වැටුප රුපියල් 250 ට අඩු ගණනක්. ඉතින් ඒ මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ ඔබතුමාලා වගේ මිනිස්සුන්ට. මම ඉංජිනේරුවෙක්. මම අද මෙතනට ආවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න. මට ඉස්සර බස් එකේ යන්න සල්ලි තිබුනේ නෑ. අද මට සල්ලි ප්‍රශ්න නෑ. එ්ත් අපි අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ලංකාවේ ඉන්නවා මම කලින් කිව්වා වගේ අසරණ මිනිස්සු. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? අපි එකතු වෙලා හම්බ කරන ධනය, ඉතා සුළු කොටසක් විසින් පොදී බැදගන්නවා . මේ ක්රමය වෙනස් කල යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ අන්න ඒ දේ. එ්ත් මිනිස්සු එ්ක තේරුම් ගන්න තව කල් ගනියි. එ්ත් , කවදාක හරි මිනිස්සු ඒ දේ තේරුම් ගනියි. එදාට ඔබතුමාලා වගේ අයට , හැංගෙන්න තැනකුත් නැති වේවි. (නදී)
අනෙ බන්දුල නොදිටි මොක්පුර (නදී)
බන්දුල ඔය වගේ කතා වලට මිනිස්සු රැවටුන කාලෙකුත් තිබුනා. නමුත් ඇස් පේන කන් ඇහෙන හෘද සාක්ෂියක් ඇති මිනිසුන් ලෙස සත්‍යයට අපි ගරු කරනවා. පක්ෂ බේදයකින් තොරව. (නදී)
බන්දුල පෙරේරා මහතාගේ අදහස කියෙව්වම අර කියපු ඉරිසියාව , ක්‍රෝධය, කුහක කම ඇත්තටම තියෙන්නේ කොතනද කියලා හොඳටම පැහැදිලි වෙනවා. මම ජ.වී.පෙ. එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි අනුර කුමාර ගේ නායකත්වය පැහැදිලි අරමුණක් කරා යන බව පෙනුනත් ඒ කතාවල් අදහස් තේරුම් ගන්න අය මෙන්ම තේරුම් ගන්න ඕන අය සමාජයේ විරලයි. බලයට පත් උනොත් මේ රට තුල සැබෑ වෙනසක් පෙනේවි. හැබැයි එ්ක කවදා වෙයිද නම් මම දන්නේ නැහැ. (නදී)
දැන් එතකොට ඔය සැමටම සමාන සමාජ ආර්ථිකයක් ගැන කෑගගහා ඉඳලා දැන් අනිත් පැත්තට කරණමක් ගහලා, කොළඹ හතේ වගේ ඉන්න අය ගැන මොකද කියන්නේ? (නි)
දිනේෂ් මහත්මයාණෙනි, ඔබගේ අදහස් වලට ගරු කරනවා (නි)
89-90 ගැන විවේචන කරන අයියලා, අක්කලා, නංගිලා 89-90 ගැන කාගෙන්ද ඉගෙනගත්තේ? එතනට රට පත් කළේ කවුද?ජවිපෙට බලය ලැබුණා නම් අද අද මේ සොරාකෑම්, වංචා, දූෂණ නැහැ. එහෙනම් අද රට ණය බරින් මිරිකිලා නැහැ. (නි)
සාලිය හරි. (ස)
බන්දුලට නියම වදනක් දීල තියෙනවා. අපි නව රටක් ගොඩනගමු. (ස)
බන්දුලට ලැබෙන ජරාව නැතිවෙයි කියල බය අැති. (නදී)
ජය වේවා .!!!!! (ස)
බන්දුල වගේ කඩේ යන කෙනෙක් මම නම් දැකලම නැහැ. (නි)
කුමාරන, ඔබ ඒ ගොල්ලන්ගේ සැලසුම් ගැන අහනවා. දැන් මේ අය වැඩ කරන්නේ මොන සැලසුම් වලටද කියලා ඔබ දන්නවා වගෙයි. ජේවීපී සැළසුම් දැනගන්න ඕනෑ නම් ඒ ගොල්ලන්ගේ නායකයෙක් හමුවෙලා සාකච්ඡා කරන්න. (නි)
මේ රට ගොඩ ගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මන්ද යත් උගත්, මහජන බදු මුදලින් තම බඩ නොවඩා සහ නොගත් තරුණ පිරිසක් ඔවුන්ගේ පක්ෂය වටා ගොනු වීමත්, නාස්තිය දුෂණය කවදත් රටට හෙලිකල එකම පක්ෂය වීමත් ය. නමුත් බහුතර මහජනයා තවම තේරුම් නොගත් එක මහජනයාගේ අවාසනාව මිස ජ .වී පෙ. අවාසනාව නොවේ. (ස)
අපේ අම්මල තාත්තලට සහ එම පරම්පරාවේ අයට අපහසුයි අමතක කරන්න 88-89 කාලේ උන දේවල්. එ්ක එයාලගේ වරදක් නොවෙයි. එත් මට කියන්න පුළුවන් අපේ පරම්පරවේ අය ජේ.වී.පී ප්‍රතිපත්ති වලට ගරු කරලා ඡන්දෙ පාවිච්චි කරාවි ඉස්සරහට කියලා. (නදී)
අනේ දිනේෂ් මහත්තයෝ. ජේ වී පි එක කවදද දෙයක් ඇති කලේ තියෙන දේ විනාශ කලා මිසක. ඔබ තුමාගේ දර්ශනය ගැලපෙනවා අර කොමිනිස්ට් වාදේ මුල් බැස ගත්ත යුග වලට.(නදී)
අර්ෂා දුවේ හොද කියමනක් ජය වේවා. (නදී)
කවදත් ජනතාව වෙනුවෙන් හඩක් නගන, ජනතාවගේ දේපල හොරකන් නිකරපු ජනතාවාදී නායකයෙක්. ඔබට ජය නියතයි. රතුපස්වල ජල ප්‍රශ්නෙදි ඔබ තුමා පාර්ලිමේතුවේදී කල කතාව විශිෂ්ටයි. (නදී)
බන්දුල , මෙතන ඉරිසියාව කුහක කම ගැන නම් කතා කරන්න එපා. මේ සභාවේම ඉන්න ලොකුම කුහකය ඔබ. ඔබ කඩේ යන තැනට ඇරෙන්න වෙනත් අදහසක් මෙතන පල කරන අයට කියන්නේ ම ඔන්න ඔය එකම කතාවම තමයි. (අ)
ජේ.වී.පී කියන්නෙ ප්‍රතිපත්තියක් තිබෙන එකම පක්ෂය. ඒකෙ ඉන්න මිනිස්සු තමන්ට සැප විදින්න ඕනතරම් අවස්ථාව තියෙද්දි රට වෙනුවෙන් කැපවීමක් කරන පිරිසක්. රට වෙනසකට යායුතු කාලයයි මේ. ජය වේවා.(අ)
පේන කීම හෝ, සිහින දැකීම අපගේ ඉදිරි දැක්ම සඳහා ආශිර්වාදයකි. (නි)
පොඩි මිනිස්සුන්ට ජිවත් වෙන්න දෙයක්, ජිවිතයක් ලැබෙනවා නම් ජේවීපී එකෙන් තමා. මොකද අනුර කුමාර හොද මනුස්සයෙක්. (නදී)
විමල් සහෝදරයව හදල දුන්නෙත් අපි තමා. බලන්ඩකෝ ලස්සනට කතා කරලා දේශීය අභිමානයෙන් කට්ටියව රැකලා දෙන හැටි. (නදී)
මම කියන්න කැමතියි අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ මනුස්සයා කියනදේ හරිද වැරදිද කියලා. පාට පාට කණ්නාඩි ගලවල ඇහුවොත් තේරෙයි කියන්නේ ඇත්තද බොරුද කියලා. කෙනෙක් සත්‍ය ප්‍රකාශ කරන කොට ඔහු නියෝජනය කරන පක්ෂයේ අතීත වැරදි නිසා ඔහු අද කියන සත්‍ය බොරු වෙන්නේ නැහැ. අනිත් කාරණය අපි ජේ වී පි එකට විරුද්ධව ඉදිරිපත් කරන තර්කය අැයි අනිත් පක්ෂවලටත් අදාල නොවෙන්නේ. අද ආණ්ඩු පක්ෂයේ ඉන්න මැති ඇමතිවරුන්ගෙන් කි දෙනෙක් වංචා දුෂණ අපරාධ කරලා තියෙනවද? එතකොට ඒවාට අපි විරුද්ද වෙන්නේ කවද්ද? (නදී)
ජවිපෙ නායකයන් සමග සසදන විට ලොවට විමුක්තිය සොයාගත් නායකයන් පවා දෙවන තැනට දාන්න වෙනවා.(නදී)
හැමදාම සජීවීව දේශපාලනය කරන්නේ ජ වී පෙ පමණි. ඔබගේ ආණ්ඩුවක්, ජනතාවට බලය සහිත නිදහස් සමාජයක් ඉක්මනින් අපට ලැබේවා.(නදී)
අනේ බන්දුල මහත්තයෝ ඔබේ මොලේ කචල් උනා කියලා පිස්සුව එලි පිට පෙන්වනවා. ඔබ මඩ ප්‍රචාර ලියන්නේ හොඳ පඩියකට බවයි පේන්නේ. බලාගෙන ඕක ඉතාම තාවකාලික රස්සාවක් බවයි පේන්නේ. ඔයිට වැඩිය හොඳ නැත්ද යහපත් රැකියාවක් කරා නම් (නදී)
මෙයාල රට බාරගෙන කරන්න පුළුවන් අය වගේ ලොකු කතා තමා හැමදාම බොරු සෝබන කතා (නදී)
බන්දුල ඔයා හරි. මෙයාලා 87-89 රට යැව්ව අත අද හුග දෙනෙකුට අමතක වෙලා. (නදී)
ජේ වී පි එක මේ රට නැති කරපු ඒවා අනෙක් අය එදා ඉදල අල්ලස, දුෂණය, ඥාති සංග‍්‍රහය වලින් කල විනාශයට වඩා ගොඩක් වැඩයි මහත්තයෝ..ඒ වටිනා තරුණ ජිවිත වගේම විනාශ කරපු මහජන දේපල වල වටිනා කම් මුදලින් මනින්න බැහැ. අදටත් මේ රට ආපස්සට අදින්න දත කන්නේ වැඩ වර්ජන මගින් ජන ජිවිත කඩා වැටෙන්න සලස්වල මල මිනි මතින් තම අරමුණු ඉටු කර ගන්න හදන්නේ සරසවියට යන සිසුවට නිදහසේ තම කාර්යය කරගෙන එලියට එන්න ඉඩ නොදෙන්නේ එදා ඉදල තිබුණු ඔය කුහක කම ඉරිසියාව. රටට දෙයක් වෙනවට දියුණුවක් වෙනවට තියෙන අකමැත්ත නිසා. අවුලක් නැති රටක තමන්ට පැවැත්මක් නැති නිසා..ජේ වී පි දේශපාලනයට පැවැත්මක් තියෙන්නේ අවුල් තියෙන තරමට ..අවුල් ඇති කල තරමට..මොන හොද දේක වුනත් මොවුන් දකින්නේ ඇදක් නරකක්. ගමක උනත් ඉන්න ජේ වී පි කාරයෝ දිහා හොදට බලන්න. අනුන්ගේ දියුණුවට ඉරිසියා කර කර ඉන්න එව්වෝ නෙමෙයිද කියල වැඩි වශයෙන් පෙරමුණ අරගෙන ඉන්නේ.ජේ වී පි එකේ හිටපු නායකයෝ අද ඉන්න තැන් බලන්න.71/89 පොළොවට පස් නොවුණු අය. වැඩි පිරිසක් කෝටී ප්‍රකොටිපතියෝ නෙමෙයිද කියලා. මේ ඉන්න නායකයා දිහා බලන්න. දේහ ලක්ෂණ දිහා බලන්න. හොදට මුණ දිහා බලන්න කතා විලාශය බලන්න..ඔය ටික බලල දේහ ලක්ෂණ වලින් චරිතය කියන පොතක් ලිපියක් කියවල බලන්න ..පුදුම හිතේවි..(නදී)
බන්දුල මහතාට නම් නියම උත්තර ටිකක් අපේ අනෙක් සහෝදරවරු දීල තියනවා. කුමාරණ මහත්තයෝ ජේ.වී.පී වෙබ් අඩවියට ගිහිල්ලා බලන්ඩ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඔක්කොම එකතුවෙන්න වෙනසක් කරලා බලමු රට හදන්ඩ. (නදී)
අපි මෙවර ගම් පිටින් ගිහින් ජනතා විමුකිති පෙරමුණට බලයක් දීලා බලමු. මගේ අදහස නම් රට යම්තාක් දුරකට හරි මඟට ගන්න පුළුවන් වේවි (නි)
නිර්මලා, ඔය කතාකරන්නේ දේශපාලනය නොවේ.පේනකීමයි. (නි)
ජනතාව මොකද තේරුම් ගත්තේ නැත්තේ අර්ශ මහත්තයෝ.තේරුම්ගත් හින්දා තමයි ඔය විදියට ගොඩඑන්න හදන්නේ. (නි)
දීපාල්, බන්දුල පෙරේරා, ඔය දෙන්නගේ මොළයේ තරම පේනවා කතාවෙන්. ඔයාලා වගේ අය නිසා තමයි තවමත් මේ රට සංවර්ධනය කරන්න බැරුව තියෙන්නේ. තමුන්ගේ ඔය ඔළුගෙඩි අස්සේ මොළයක් කියලා කළඳක් තිබේ නම් කල්පනා කරලා බලන්න මොකද්ද මේ රටට වෙන්නේ කියලා. (නි)
මේ අයවත් ඉන්න නිසා හොඳයි.නැත්නම් කෑගහන්න එක් කෙනෙක්වත් නැහැ. (නි)
88 - 89 කාලේ මීට වැඩිය හොඳද අනුර මහත්තයෝ? (නදී)
මේ දේවල් තේරෙන්නේ බත් කන අයට මිසක් බත් කියලා හිතලා වෙන දේවල් කන අයට නෙමෙයි. (නි)
ජනතාව මොකද තේරුම් ගත්තේ නැත්තේ? කවදත් ජනතාව වෙනුවෙන් හඩක් නගන, ජනතාවගේ දේපල හොරකන් කරපු ජනතාවාදී නායකයෙක්. ඔබට ජය නියතයි. ඔබ තුමා පාර්ලිමේතුවේදී කල කතාව විශිෂ්ටයි ජනතාවට බලය සහිත නිදහස් සමාජයක් ඉක්මනින් අපට ලැබේවා. (නදී)
මේ ක්රමය වෙනස් විය යුතු යැයි මහජනයාටද දැන් දැන් හැඟීමක් ඇතිවීම හොඳ ලකුණක් (නදී)
බන්දුල පෙරේරා කියන කතාවෙත් අැත්තක් තියනවා. අපිට බලන්න වෙන්නේ හැමදේම සාපේක්ෂව සංසන්දනය කරලා. මොකා ආවත් ගසා කෑම නතර කරන්න හම්බ වෙන්නේ නැ. ඉස්සර අය කලා නම් අපිට කියන්න වෙන්නේ අතන කාර්පට් පාරක් තියෙන්න තිබුන කියල විතරයි. දැන් කොච්චර ගසා කෑවත් කාර්පට් පාරවත් ඉතුරු වෙලා තියනවා. පිට රට ඉන්න දෙමල මිනිස්සුත් කියනවා දැන් ලංකාව ඉස්සර වගේ නෙවේ ගොඩක් ලස්සනයි පහසුකම් හොඳයි කියලා. ප්‍රසිද්ද්ද කලේ නැති උනාට එ්ක තමා ඇත්ත. (නදී)
බන්දුල පෙරේරා වගේ බත් ගෙලයෝ ඉන්නකන් මේ රට වෙනස්කරන්න වෙන්නේ නැති එකයි දුක. එහෙම හිතුවා නම් රට නැති කරපු කොටි නායකයෝ බන්දුලගේ ආණ්ඩුවේ ඉන්නේ කොහොමද ? (නදී) Diyunukaranna be. Ohoma hithuwoth rata nathi karpu LTTE nayakoya ada kohomada bandulage anuduwe inne ?
අවුරුදු 8 කට ඉස්සර තිබුණු ලංකාව සමග සසඳල බැලුවාම හරිම දියුණුවක් ලබා තියන බව නොකිය බැහැ. ලෝකයේ සැම රටකම ආහාර පාන අනිකුත් බඩු වල මිලගණන් වල වෙනසක් නැහැ. මොකද මේ අය බලේට ඇවිත් අඩුවට බඩු දෙන්න පුලුවන්ද. නැත්නම් නොමිලේ දෙන්නද. මේ යන ගමන් මඟ අමාරුවෙන් හරි ගියොත් වාසනාවන්ත අනාගතයක් සැමටම. බැරි එකට කොහොමත් බැහැ අනුන්ගේ වැරදි සොය සොයා ඉන්නවා මිසක්. (අ)
කෙරෙන දෙයක් ගැන බලමු නේද? (නි)