ජවුෆර් ඛාන්
මඩකලපුව කල්කුඩාවේ ඉදි කෙරෙන මත් පැන් කර්මාන්තශාලාවට විරෝධය පාමින් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අද (8) දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
යහ පාලන ජාතික පෙරමුණ මෙය සංවිධානය කළේය.
මෙවැනි මත් ද්‍රව්‍යන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ඉදි කිරීමට නැගෙනහිර ජනතාව දැඩි විරෝධය දක්වන බව ජාතික පෙරමුනේ සභාපති එම්.එම්.අබ්දුල් රහුමාන් මහතා පැවසීය.
අවසානයේ උද්ඝෝෂකයෝ මඩකළපුව දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මියට සංදේශයක් ද බාරදුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ ඔය රටබීම කම්හල හදන්නේ මහා බැංකුවෙන් හොරාකාපු අපේම මුදල්වලින්. ඉතින් එක ජාතික වස්තුවක්නේ අයි මේ උද්ඝෝෂණ....
මත්පැන් ස්කාගාරයට විරුද්ධයි, එතකොට හරක් මරණවට විරුද්ධ නැද්ද?
කව්රු කලත් වැඩේ නම් හරියටම හරි. මොවුන් සිංහලයන් නොවන නිසා ඔවුන්ගේ විරෝධය පිළිගෙන, මෙම මත් වතුර කර්මාන්ත ශාලාව සිංහලයන් සිටින ප්‍රදේශයකට එවීමට යහපාලන, සිංහලයාට මාරු පාලන රජය ත්‍යාගශීලී වීමට ඉඩ ඇත.
හොරාකාපු සල්ලිවලින් අඩුමතරමෙ රටට හොඳ නිෂ්පාදනයක් බිහිකරල විදේශ විනිමය ගේන්නවත් උත්සාහයක් කළානම් ටිකක් වත් හිත හදාගන්න තිබුණා. නුඹලා රට විපතින් තවත් විපතකට ගෙනයාම රටට දැරිය නොහැක.
ආ... උතුරු නැගෙනහිරනම් ඉතින් 2-3 දෙනෙක් උද්ඝෝෙෂණ කලත් එක රැයින් විසඳලා දෙනවනේ. ඒ පළාත්වල නම් උද්ඝෝෂකයින්ට පුදුම අාදරෙන්නේ සලකන්නේ පොලිසියත්. මෙහෙනම් උද්ඝෝෙෂණවලට පොලිස් උසාවි නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පාරවල් කොච්චර සාධාරණ ඉල්ලීම් උණත්....
මහා බැංකුව කොල්ල කාපු සල්ලිවලින් කොටසක් අර කොතේ ඡන්ද වැඩට තියාගෙන ඉතුරු කොටස බොහොම බුද්ධිමත්ව ආයෝජනය කරනවා මේ අය මොනවා උනත් - මාධ්‍ය ජාලයක්, මත්පැන් කර්මාන්ත ශාලා...
බැනර් වල එක සිංහල වචනයක් පේන්න නැහැ. මේක ලංකාවද? මොනවද මේ වෙන්නේ?
ලංකාවට මොකටද මහත්මා ගාන්ධි උද්‍යානයක්. ලංකාවේ වීරයෝ ඉඳල නැද්ද? උද්යානයක්වත් නම් කරන්න. මොනවද? මේ වෙන්නේ
කහ ඉරි සුදු කරනවා කියල ඔයිට කලින් පත්තරේක දැක්ක. මඩකලපුවේ තාමත් කහ ඉරි සුදුවෙලා නැහැ වගේ. ඉතින් කොහෙද? බැනර් සිංහලෙන් හදන්නේ... කියන දෙයක් තේරෙන මනුස්සයෝ නැහැ වගේ....
අරක්කු වලට විරුද්ද වෙන්න කොන්දක් තියෙන්නේ මුස්ලිම් සහෝදරයන්ට විතරයි. අද අපේ සිංහලයා අරක්කු බෝතලේට ළමයත් විකුණයි.
මේක සිංහල මිනිස්සු ඉන්න පැත්තක දැම්ම නං අයිතිකාරයට ඡන්දෙන් දිනන්නත් පුළුවන්.
1980 දසකයේදී සුදු ඉරි කහ ඉරි බවට පත් වුයේ හේතුවක් ඇතිව. එහෙත් උතුරු නැගෙනහිර සිංහල නැතිවෙන්නේ ජාතිවාදය මුල් කරගෙන.
මොන ඉටිගේඩියකටද අරක්කු වලට විරුද්ධ වන්නේ බොන මිනිහ බීපුවදෙන් අනික් අය නිකන් හිටියම ඉවරනේ.
රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය පාන්නේ, එහෙම එකක් ඒ පළාතේ පිහිටෙව්වොත් නීති විරෝධී කසිප්පු වගේ මත්වතුර නිෂ්පාදකයන්ට ඉන් මරු පහරක් වැදී, ඔවුන්ගේ ආදායම කඩා වැටෙන නිසා බව සක්සුදක් වගේ මේ උද්ඝෝෂණ වලින් පැහැදිලි වෙනවා නේද ?