උතුරු පළාත් සභාව විසින් යෝජනා සම්මත කොට ගත් ෆෙඩරල් යෝජනාවලිය සිංහල ජනතාවට විරුද්ධව හෝ රට බෙදීමකට නොවන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවට විසඳුමක් ගෙන එන යෝජනාවක් බවත් එහෙත් ඇතැම් පිරිස් ඇතුළු බොහෝ දේශපාලඥයින් පිරිසක් එම යෝජනාව සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති කොට වැරදි වැටහීමක් ඇති කරවන බවත් උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, බදාදා (01) පැවැති සාකච්ඡාවක දී නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති ටොර් හැටම් සමඟ කීවේය.
උතුරට බලපා ඇති ධීවර ගැටළුව හා වසර 30 ක සිට පවතින යුද්ධයෙන් අවතැන් වූවන් හට ඇති නිවාස ගැටළුව සම්බන්ධයෙන් ද මෙහිදී මහ ඇමැති කරුණු දැක්වීය.
රාජ්‍ය ලේකම්වරයා එදින උදෑසන කොළඹදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවී පසුව යාපනයේ සංචාරයක නිරතවෙමින් රෙජිනෝල් කුරේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද හමු විය.
මේ අතර ටෝර් හැටම් නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ෂෝ බියෝන් ගාස්ට් සැතර් යාපනයේ සංචාරයේදී යාපන ආරක්ෂක සේනා ආඥාපති පලාලි කාර්යාලයේදි හමුවිය.
උතුරේ ආරක්ෂක තත්ත්වය උතුරේ සිවිල් පාලනය හා සංහිඳියා ක්‍රියාවලියේ දී හමුදාව ගන්නා උත්සාහය ගැන ආඥාපති සේනානායක නෝර්වේ නියෝජිතයන්ට පැහැදිලි කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ අධ්‍යාපන වැඩ කරන මට සිංහලයාට වෙනස්කම් කරන බව හොදට පේනවා (බ)
සරත් කියන ඒකම මත කියන්නේ. දකුණේ හැමෝටම එකට ඉන්න පුළුවන්. මුන්ට බැහැ (බ)
රූපවතී, නිකන් කෑ ගහන්න එපා. පළාත් සභා අහෝසි කරලා දේශපාලු, තනතුරු නැතිකළාම හෙන්චයියලාට, නෑදෑයින්ට රට කන්න අවස්ථාව නැතිවෙනවනේ. (නි)
දැන් ඔය වැල්ලවත්තේ, ගල්කිස්සේ, කොළඹ යස අගේට කට්ටිය ඉන්නේ. මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. කාගේ උවමනාද මේ ඉටු කරන්න යන්නේ. (නි)
නොර්වේ කාරයින්ට මොකක්ද මේ තියෙන අමාරුව? අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුවක් තියෙනවා විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ ප්‍රශ්න අපට විසඳා ගන්න පුළුවන්. (බ)
එතකොට කොටියාගේ පුල්ලි මාරුකරගෙනද? (බ)
දෙමල අයට විතරක් තනි ප්‍රදේශයක් ,අනිත් පැති වල දෙමල අයයි සිංහල අයයි , මුස්ලිම් අයයි සතුටින් කල් ගෙවුවාවේ. අපි විතරක් තනි ජාතියක් විදියට උතුරේ ඉන්නම් .අපි ජාතිවාදී නැහැ (බ)
උතුරේ ෆෙඩරල් නම් දකුණේ ඉන්න උතුරේ මිනිසුන්ටත් උතුරට යන්න වේවි. මේ හදන්නේ නැවතත් කළු ජූලියක් ඇති කරන්නද?? (නි)
ඔබට සතුටුයිද දැන්? එච්චරයි මට සිංහලයන්ගෙන් අහන්න තියෙන්නේ (නි)
නෝර්වේ ස්වීඩනයෙන් පළමුව ගත්තේ ෆෙඩරල්. පසුව ජනමත විචාරණයකින් වෙන්වුණා. සිංහලයෝ මෝඩ නොවේවා! අපිව කඩේ අරින්න බැහැ. අපිත් ඉන්නේ බටහිර (නි)
සුද්දෝ එකා පසුපස එකා පැමිණ ශ්‍රී ලංකාව අරාජිත කිරීමට එක එක මැජික් පෙන්වමින් සිටිති. සාරංගගේ අදහසටද එකඟවන අතර ශ්‍රී ලංකාව නිවැරදි දිශාවට ගැනීමට නම් උගත් බුද්ධිමත් සුවේච්ඡා තරුණ දේශපාලන සේවය අවමයෙන් වසර 10ක්වත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකරවා ගතයුතුයි (නි)
නිම්මි සහ සරත් කියන එක හරියට හරි. මේකත් මතක තියා ගන්න. දකුණේ ඔක්කොටම එකට ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ, බහුතරය සිංහල හින්දා. බහුතරේ වෙනස් වූ දවසට වෙන දෙය එදාට බලාගන්න පුළුවන්. (නි)
ඔය රටවල් බෙදන්න එන රටවල අයට කියන්න ඕඈ එයාලගේ වියදමෙන් චීන මහා ප්‍රාකාරය වගේ බැම්මක් බැඳලා ඔය තනියම ඉන්න ඕනෑ කියන උදවිය වෙන්කරලා දෙන්න කියලා. හැබැයි හැමෝටම නීතිය එකයි. (නි)
අකුලා ගන්නවා ඇරෙන්න වෙන මොකුත් කරන්න වෙන්නෙ නැහැ. නෝර්වේ කරපු හරිය රටම දන්නවා. (නි)
ඇයි උතුර නැගෙනහිර එකතු කරන්නේ? පළාත් නමයම එකතු කරලා පළාත් සභාව ඉවත් කරන්නකෝ. නෝර්වේ අයට ලංකාව ගැන තියෙන කැක්කුම මොකක්ද? (නි)
ප්‍රභාකරන් සටන් විරාම තියන කොටත් ඔහොම තමය් කිව්වේ. නමුත් පසුවදාම හමුදාවට ගහල අපිට කොකා පෙන්නුවා. (ම)
අපේ රට සාමකාමී රටක් වෙන්නේ නම් මේ නාකි දේශපාලනඥයෝ ටික මේ ඉවත් වෙලා තරුණ ළමයින්ටත් අවස්ථාවක් දෙන්න ඕනෑ.(ම)
රට බෙදන්න දෙන්නෙත් නෑ. අපි සද්ද නැතුව ඉන්නෙත් නෑ (ම)
කලිනුත් කපු මහත්තුර ආවේ මේ මගුල හදන්න නේද? අර්යේත් එන්නේ මොකටද මන්දා. (ර)
සාරංග ඔබ හරියටම හරි සිංහල, දෙමල, මුස්ලිම් නායකයෝ කියාගන්න මහලු දේශපාලන රුකඩ ටික මෙරටින් තුරන් වෙනතුරු අපට ඉදිරි ගමනක් නම් නැහැ. ඔය හැම දෙනාම කරන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න එක. (ර)
මේ පළාත් සභා නැති කරනවා කියපු ඡන්ද කාලේ කෑගහපු දේශ පාලුවනේ? දැන්වත් පළාත් පළාත්සභා ක්‍රමය අහෝසි කරලා මුළු ලංකාවම එක පාලනයකට ගත්තනම් ඉවරනේ.(හේ)
ඔලුව අතගාලා අපිට ටොකු අනින්නේ නැතුව හිටියොත් තමයි හොඳ (නි)