‘‘මේ ආණ්ඩුව රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ලහි ලහියේ සූදානම් වෙනවා. එවැනි දෙයක් කළොත් රට පුරා මහා වර්ජනයක් ක්‍රියාත්මක කර ආණ්ඩුව පරාජය කරන්නට පසුබට වන්නේ නැහැ.‘‘ යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (29) කොළඹ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.
රට බෙදන ව්‍යවස්ථාවකට විරෝධය දැක්වීම සඳහා හෙද නිලධාරීන් දස දහසක් ගෙනවිත් පාර්ලිමේන්තුව ඉදිරිපිට අරගලයක නිරත වන බවද එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
එක්සත් ජාතික පක්ෂ රාජ්‍යක් බලයට පත්වූ හැම විටම රට විනාශය කරා ගෙන ගිය බවද එම තත්ත්වය නතර කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ආනන්ද හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හෙදියන්ට දේශපාලනය කරන්නත් වෙලාද? (නි)
මේ ආණ්ඩුවට රට ජාතිය ගැන කැක්කුමක් නැති බව අපි නම් බලයට එන්න පෙර ඉඳගෙනම දැනගෙන හිටියා. එහෙම අය උපදින්නේ ජාතියේ අවාසනාවට. මෙහි අදහස් දක්වා තියන සමහර අය දැක්කම අපේ අවාසනාවට උපන් අය කොච්චර ඉන්නවද කියලා හිතෙනවා (නි)
හරිනේ. රජයේ දොස්තරවරු ලෙඩ්ඩු ගැන තැකීමක් නොකර, රටේ සිදුවෙන දේශපාලන තීන්දු තීරණ උනන්දු වෙනවා. මේ හිමිනමත් ඒ අඩි පාරේම ගිහින් රටේම හෙදියෝ ටික පාරට ගේනවලු. අවසරයි සාධු, ඔබ වහන්සේගෙන් රටට ශාසනයට වෙන්නෝන යුතුකම් වෙලාද . ඔය හැමෝම දේශපාලන අතකොලු වෙලා ඉවරයි. (බ)
බමුනුසින්හලා වගේ අය ඔහුට කඩේ ගියාට සමස්ත ජනතාවම ඔහුව ප්‍රතික්ෂේප කරලා හමාරයි ...එපමණක්ද ? ලෝක වාර්තාවකුත් බිහිවුණා ධූර කාලය නිමකර ගන්න නොහැකිව පරාජය වී ගෙදර යන්න වුණු ජනපති කියලා ...(බ)
මමත් දොස්තර කෙනෙක්. ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවට වඩා වැදගත් , අපේ මව් බිම ජාති ද්‍රෝහීන්ගෙන් බේර ගන්න එක. (බ)
චානක රට තමන්ගේ බුදලයක් ලෙස සින්නක්කරව තියාගන්න හැදුවේ ප්‍රබාකරන්. මේගොල්ලෝ හදන්නේ සින්නක්කරව තියාගන්න නොවෙයි බෙදල දෙන්න. එ්කනේ ඒගොල්ලෝ කියන්නේ ඒකීය බවය එපා ෆෙඩරල් දෙන්න කියල. එහාකොට හිතෙන්නේ නැද්ද අපේ කෙනෙක් මේක සින්නක්කර තියා ගත්තත් කමක් නැහැ කියයල. (බ)
මේ ගොල්ලෝ හිතුවේ ජේ අර අපු වෙලාවේ වගේ ආධාර වරුසාවක් ලබා දීල ආණ්ඩුව ස්ථාවර කරලා, ලංකාව හරහා ඉන්දියානු වෙළඳ පොලට ඇතුළුවෙන්න සුද්දෝ බුරුතු පිටින් ලංකාවට එයි කියල. එක බලාගෙන තමයි ඉන්දීය ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකළෙත්. නමුත් දීර්ඝ කාලින යුද්ධය අතරතුර ඉන්දියාව අපට වඩා සුද්දට කිට්ටු වුණා. (බ)
ඔවු බෙනට්. මේක සිංහලයාගේ රට කිය කියා එදා ඉඳලම ඔයවගේ මුලධර්මවාදීන් ඉන්න නිසා තමයි තාමත් අපේ රට දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. අපෙන් පස්සේ නිදහස ලබපු ලෝකේ බොහෝ රටවල් අද වෙනකොට සෑහෙන දියුණුවක් ලබලා. ඔය යල්පැනපු අදහස්වලින් දැන්වත් මිදිලා රටේ දියුණුවට තමන්ගේ උපරිම දායකත්වය හැකි අයුරින් දෙන එක රටේ පුරවැසියන්ගේ පරම යුතුකමක්. (බ)
පරණ අරගල දැන්බෑ මහින්ද එක්ක පන්සිල් වත් අරගෙන නිදාගන්න (බ)
රිෂාන්ලා කැමැති ඇති බෙදනවට රට . කොහොමත් එයාලගේ කැමත්ත එ්කනේ (බ)
යමෙක් වෛද්‍ය සේවය සහ දේශප්‍රේමය පටළවා ගැනීම, මුරුත්තෙට්ටුවේ හිමියන් වෘත්තීය සමිති ව්‍යාපාරය සහ දේශපාලනය සමඟ සිවුර දරා සිටීම වගේ වෙන්නට පුළුවන්. (නි)
ලුම්බිණි, දේශපාලනය කරන්නත් දේශයක් ඉතුරුවෙලා තියෙන්න ඕනෑ (නි)
පහුගිය කාලේ රතුපස්වල වෙඩි තියනකොට, නිදහස් වෙළඳ කලාපේ තරුණයන්ට වෙඩි තියනකොට, ධීවරයන්ට වෙඩි තියනකොට, මාධ්‍යවේදින්ව ඝාතනය කරනකොට හාමුදුරුවන්ගේ දේශප්‍රේමය කොහෙද තිබුනේ. අද මේ කෑ ගසන්නේ ඇයි කියලා ජනතාවට තේරෙනවා. (නි)
ලංකාව වැනි කුඩා රටකට, ෆෙඩරල් ක්‍රම, පළාත් ආණ්ඩු අනවශ්‍යයි. මේ ක්‍රමය ඇමරිකාව, ඉන්දියාව වැනි විශාල රටවවල ක්‍රම කොපිකිරීමක්. අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමක්. (නි)
මෙයාලා ඉන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන්නද? දේශපාලනය කරන්නද? (නි)
මේ තරම් මහන්සි වෙන්නේ රටට ආදරේට වෙන්න ඇති (නි)
මේවා අහල පණ පලයන් කිව්වලු. ඔය කියන කතා එච්චර ගණන් ගතයුතු නැහැ. (නි)
බැතිමතුන් දෙන දානයෙන් සප්පායම් වෙන, ඔවුන් හදාදෙන ආරාම වල වැඩ සිට, ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට සැදී පැහැදී සිටින සමහර හිමිවරුන්ගේ තර්ජන, ගර්ජන ඉතාම පිළිකුලෙන් හෙළා දැකියයුතු වෙනවා (නි)
හාමුදුරුවන්ගේ සටනට ජයවේවා! (නි)
හෙදියෝ විතරක් නෙමේ හාමුදුරුවනේ, මුළු රටම ඒ අදහසේ. (නි)
දැන් හෙදියන්ගේ අලුත්ම කාර්යය මේකද? (නි)
දැන් දොස්තරලා හෙදියන් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවට වඩා වැදගත් විදියට දකින්නේ දේශපාලනය කරන එකද? අනේ අපේ රටට ගිය කලක්! (නි)
හොඳ ශල්‍යකර්මයක් කරන්න වගෙයි හදන්නේ. ඇයි දොස්තර මහත්වරු ඔබ වහන්සේගේ කීම පිළිගන්නේ නැත්තේ? (නි)
ඒ චණ්ඩි පාට් දාපු කාලේ ඉවරයි. දැන් මේ බෙරපද වලට නටන්න සාත්තු සේවිකාවන් සූදානම් නැහැ. මේක මුළු ශාසනයටම මහා අවමානයක්. (නි)
ඇයි මේ සිවුරකුත් දමාගෙන තමාට නොගැළපෙන කාර්යයන් වලට දායක වෙන්නේ? දහමේ කිසිදු තැනක කියා නැහැ භික්ෂුන්ට දේශපාලනය කැපයි කියා (නි)
රට බෙදීමේ කතාවට දැන් අවුරුදු 56ක් වෙනවා.මේ කතාව මුලින්ම කරළියට ආවේ 1960 මැතිවරණවල සිට. හොඳ මතකයක් නැති අයට මේක හැමදාම අලුත් දෙයක්. (නි)
මේ භික්ෂුන් මෙම ජාතික ප්‍රශ්නයට කවදාවත් විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් ඕනෑම විසඳුමක් ගෙනෙනවිට ඊට විරුද්ධව අරගල කරන්න පමණක් සැදී පැහැදී ඉන්නවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙලෙස මිනිස් පලිහක් වශයෙන් රජයේ හෙද නිලධාරීන්ව දඩයම් කරන්න ඉඩ නොදෙන්න කියා (නි)
චානක කියන්න හාමුදුරුවරු හැරෙන්නට දැන් කාලේ රට රැකගන්න කවුද ඉදිරියට එන්නේ කියලා? හාමුදුරුවරුනට අයිති එක කාර්යක් තමයි රට පාවාදෙන්න යන දේශපාලුවන්ගෙන් රට රැකදෙන එක. මේ හාමුදුරුවෝ සුරා බලපත්‍රයක් ඉල්ලා නොවෙයි මේ සටන ගෙනියන්න හදන්නේ. සිංහලයාට ඔවුන්ගේ රට රැකදෙන්නයි මේ ව්‍යායාමය (නි)
දහමේ කිසිදු තැනක කියා නැහැ භික්ෂුන්ට දේශපාලනය අකැපයි කියා. එ්කත් මතක තියාගන්න. එ් වුණාට දස රාජ ධර්මයෙන් රට පාලනය කරන හැටි කියා දීලා තිබෙනවා. (නි)
ටෝනි - රියාද්, මොනවා කරන්නත් සිංහලයට රට ජාතිය ඉතුරු වෙලා තිබෙන්න ඕනෑ. එ්ක නැතිවුණාට පසු මොනවා තිබුනත් වැඩක් නැත. (නි)
චානක ලොස් ඇන්ජලිස්, අම්පයර්ලා ඉන්නේ ක්‍රිකට් ගහන හැටි කියලා දෙන්න නොවෙයි, හරියට ගහනවද කියලා බලන්න. (නි)
මේ රට පාලනය කරේ නිල් කොළ දෙමුද වෙනසකට එක්ක රතු මල්ලිලාට? (අ)
හැම රාජ්‍ය සේවා සංගමයකටම සභාපති ලෙස හාමුදුරුනමක් හිටියොත් හොඳයි වගේ. සිංහල සහ සිංහල රට නැතුව කාට කාටත් ලෝකයේ අනන්‍යතාවක් නැහැ. (නි)
මේ වගේ අයට ගහල පන්නනකල් මේ රට ගොඩ ගන්නවා බොරු! මොන ආණ්ඩුව ආවත්, මොකා ජනාධිපති වුනත් කකුලෙන් ඇදිල්ල විතරයි රටට කිසිම යහපතක් නැහැ ! (බ)
නව ව්‍යවස්ථාවේ පැහැදිලිව බුදු දහමට මුල් තැන නැත්නම් සහ රටේ ඒකීය භාවයට කෙලින්ම හෝ වක්‍රාකාරව තර්ජනයක් ඇත්නම් හෙදියෝ විතරක් නොවෙයි මුළු රටම එලියට බහින්න ඕනේ. (බ)
ජනාධිතිවරයා, කරයි කරයි. (බ)
මගේ සහෝදරයෙක් අැතුළුව ළඟම නෑයින් අටක් මැරුනේ යුද්දෙ නිසා,පසුගිය කාලයේ අැතිවුණ සාමකාමි තත්වය සහ අැසට දැකපු සංවර්ධනය නිසා අපි හිතහදාගත්ත ඔවුන් කැපකළ ජීවිතය වෙනුවෙන් රටට යමක් ලැබුන කියල, කවුරු හරි කෙනෙක් රටපාවල දෙන ගිවිසුම් වලට ගියෝත් මම වගේ දහස් ගණනකගේ දුක සහ වෙෙරය ඊට එරෙහි වනබව මතක තියාගන්න. (බ)
බන්දුල, රට රැකගන්නේ මොනවද දැන් රටට වෙලා තිබෙන්නේ? රට තමන්ගේ බුදලයක් ලෙස සින්නක්කරව තියාගන්න ගිහින් නොහැකිව ගෙදර යන්න වුණ අය බලය ඩැහැගන්න රටේ කඩාකප්පල් ක්‍රියා කළොත් මිසක් වෙන කිසිම උවදුරක් රටට සිදුවන්නේ නැහැ. (නි)
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන බව කොහිද කියල තියෙන්නේ ? මෙය සමාජ ගත කරන්නේ ඒකාබද්ධ විපක්ෂය මිසක් වෙන කිසිවෙකු නොවේ ඉතින් ආනන්ද හිමියෝ හෙදියන් සමග කලබල නොවී ඉන්න (බ)