
(අංජුල මහික වීරරත්න)
රට පුරා රුපියල් මිලියන 2500ක ආදායම් නිෂ්පාදන ව්‍යාපෘති සියයට අධික ප්‍රමාණයක වැඩ අද(14)අරඹන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කියයි. මෙම වසරේ අයවැය මගින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන සාධන වෙනුවෙන් රුපියල් මිලියන දෙදහස් පන්සියයක මුදලක් වෙන් කරනු ලැබීය.
වෙළෙඳ සංකීර්ණ, සෞඛ්‍යාරක්ෂිත මස්කඩ, ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂණාගාර, කොන්ක්‍රීට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක පහසුකම් සංවර්ධනය, හෝටල්, සෝලා පැනල, පෙර පාසල් හා ළමා උද්‍යාන, දේශීය ආහාර නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථාන, අපද්‍රව්‍ය හා ප්‍රයෝජනයට නොගන්නා ද්‍රව්‍ය නැවත භාවිතය, සංචාරක බංගලා හා නිවාඩු නිකේතන, ග්‍රහලෝකාගාර, විදුලි වාහන නැවත ආරෝපණය කරන හා වාහන සේවාකරණ මධ්‍යස්ථාන වශයෙන් මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසරේ දී දිවයින පුරා පළාත් පාලන ආයතන මට්ටමින් ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd