විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ හැම දෙනා විරුද්ධ බවත්, එම ඉල්ලීම ශ්‍රී ලංකාවට අපහාසයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනයේ අයි බී ටයිම්ස් පුවත්පත සමඟ පැවසුවාය.
එවැනි සිද්ධියක් ගැන එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් අන්තර් ජාතික පරීක්ෂණයක් කළ යුතු යැයි පැවසීය ශ්‍රී ලංකාවට කරන අවලාදයක් හා නිග්‍රහයක් බවත්, කළ යුත්තේ ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණයකට එක්සත් ජාතීන්ගේ සහාය දීම බවත් ඩුබායිහි දී ඇය කියා සිටියාය.
‘එහෙම පරීක්ෂණයක් මුළු රටට ඕනෑ නෑ. එය අපේ රටට කරන අපහාසයක්.‘
මෛත්‍රීපාල සිරිසේන ජනපති පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් කරන බවයි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවීයැයි ලන්ඩනයේ චැනල් ෆෝ රූපවාහිනියේ නිශ්පාදක කැලම් මැක්‍රේ කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක විශ්වාසනීයත්වයක් නැති බවයි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් පවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය පරීක්ෂණයක් අන්තර්ජාතික ප්‍රමිතියටත් වඩා ඉහළින් කරලා පුද්ගලික තරහවල් පිරිමහන්න තමයි ඔය හදන්නේ (බ)
දෝනකතිරිනාගේ කතා කිසිවෙක් විස්වාස කරන්නේ නැත (ම)
ඉවසයිද මන්දා (අ)