විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ හැම දෙනා විරුද්ධ බවත්, එම ඉල්ලීම ශ්‍රී ලංකාවට අපහාසයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩනයේ අයි බී ටයිම්ස් පුවත්පත සමඟ පැවසුවාය.
එවැනි සිද්ධියක් ගැන එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් අන්තර් ජාතික පරීක්ෂණයක් කළ යුතු යැයි පැවසීය ශ්‍රී ලංකාවට කරන අවලාදයක් හා නිග්‍රහයක් බවත්, කළ යුත්තේ ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණයකට එක්සත් ජාතීන්ගේ සහාය දීම බවත් ඩුබායිහි දී ඇය කියා සිටියාය.
‘එහෙම පරීක්ෂණයක් මුළු රටට ඕනෑ නෑ. එය අපේ රටට කරන අපහාසයක්.‘
මෛත්‍රීපාල සිරිසේන ජනපති පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් කරන බවයි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවීයැයි ලන්ඩනයේ චැනල් ෆෝ රූපවාහිනියේ නිශ්පාදක කැලම් මැක්‍රේ කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක විශ්වාසනීයත්වයක් නැති බවයි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ දේශීය පරීක්ෂණයක් පවත්වන බවයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රට පරීක්ෂණයක් ලංකාවට අපහාසයක්‘ - චන්ද්‍රිකා
සොපී Monday, 16 March 2015 09:31 AM
දේශීය පරීක්ෂණයක් අන්තර්ජාතික ප්‍රමිතියටත් වඩා ඉහළින් කරලා පුද්ගලික තරහවල් පිරිමහන්න තමයි ඔය හදන්නේ (බ)
කුමාර් Monday, 16 March 2015 09:38 AM
දෝනකතිරිනාගේ කතා කිසිවෙක් විස්වාස කරන්නේ නැත (ම)
ජය Monday, 16 March 2015 11:37 AM
ඉවසයිද මන්දා (අ)