(වීනීතා එම් ගමගේ)
මේ රටේ දැන් ඇතිවී තියෙන නොසන්සුන්කම් වලට හේතු වී ඇත්තේ සංහිඳියාකාරයින්ගේ කුණුගොඩවල් යැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල් කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.
2002 ජනාධිපති කොමිෂන් වාර්තාව එදා ක්‍රියාත්මක කළා නම් අද මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිවරයාට මේතරම් කුණු අදින්නට නොවෙන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
සංහිඳියාව ගෙනෙන්නට යැයි කියමින් දඟලන විවිධාකාර කණ්ඩායම නිසා අද සංඝ සාමග්‍රිය තබාගන්නට වත් නොලැබෙන සෙයක් පෙනෙන්නේ යැයි ද සුදත්ත හිමියෝ කීහ.
සුදත්ත හිමියෝ මේ අදහස් පළ කළේ අද (10) පැවැති බොදු බල සේනා මාධ්‍ය හමුවේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවන්ට මොකක්ද වෙලා තියෙන්නේ?
හාමුදුරුවනේ නොදන්නා දේවල් වදාරන්නේ නැතුව දන්නා බණ පදයක් දේශනා කරගෙන හිටියොත් නරකද?
රට ගිනි තියන්නේ ඒ අයම බවයි අපට පේන්නේ...
ඔබ තුමාලා වගේ චීවර ධාරීන් කියන කතා කියවන අපිටත් පව් සිද්ධ වෙනවා.
මේකේ කොමෙන්ට්ස් දාන සමහරු හිතන්නේ හාමුදුරුවෝ මොනවත් දන්නේ නෑ කියලා. ගිහියාට වඩා ලෝකාවබෝධය හාමුදුරුවන්ට තියෙනවා. මේ හාමුදුරුවෝ ලෝක ඉතිහාසය සහ ලංකා ඉතිහාසය ගැන කළ හර-බර දේශනා මම අහල තියෙනවා. දවසක් ඇමෙරිකන් පිරිසක් පුදුම වුණා මේ හාමුදුරුවන්ගේ දැනුම ගැන. ඉතිහාසය පුරාමත් හාමුදුරුවරු බණ කියා කියා හිටියනම් අද අපට ලංකාවක් නෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට ලංකාවේ ඉන්න අපට වගේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් නෑ වගේ. කරුණාකර ලෝක පුජිත මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ "හෙරිටේජ් ඔෆ් අ භික්ඛු" පොත කියවන්න, අනගාරික ධර්මපාල තුමාගේ චරිතය ගැන කියවන්න. හැම හාමුදුරුවෝම බණ කියා කියා වනගත වෙලා භාවනා කර කර තමන් විතරක් නිවන් දකින්න ගියානම් අද ලංකාවේ බුද්ධාගමක් නෑ. මෝඩකමට කොමෙන්ට්ස් දාන අයට දෙන්න බෙහෙතක් නෑ.
ධර්මය දේශනා කරන්න හාමුදුරුවනේ.
බුද්දාගමට අවලාද නැගීමට දතකන පරගැති සිංහලයින්ට ස්වාමින්වන්සේලා දෙන මෙවැනි අවවාද තේරුම් ගැනීමට ශක්තියක් නැත.