ශ්රී ලංකාව සම්බන්ධයෙන් තම සංවර්ධන උපායමාර්ග යළි ඇගයීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.
මේ යටතේ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාවට නැංවීම, වගකීම, යුක්තිය ඉටු කරලීම, නැවත පදිංචි කිරීම් මෙන්ම යහපාලනය සහ සංහිඳියාව වෙනුවෙන් දිගුකාලීන විසඳුම් ලබාගත හැකි පරිදි ඒ සඳහා සහය පළකිරීමට යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇත.
යුරෝපා සංගමයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී ජෝග් කබලේරියා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් ,මේ බව පිළිබදව දැඩි අවධානය යොමු කර තිබේ.
වසර 2020දක්වා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන සංවර්ධන ක්‍රමෝපාය පුළුල් කිරීමට ද මෙහිදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.