ශ්රී ලංකාව සම්බන්ධයෙන් තම සංවර්ධන උපායමාර්ග යළි ඇගයීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.
මේ යටතේ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාවට නැංවීම, වගකීම, යුක්තිය ඉටු කරලීම, නැවත පදිංචි කිරීම් මෙන්ම යහපාලනය සහ සංහිඳියාව වෙනුවෙන් දිගුකාලීන විසඳුම් ලබාගත හැකි පරිදි ඒ සඳහා සහය පළකිරීමට යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇත.
යුරෝපා සංගමයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී ජෝග් කබලේරියා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් ,මේ බව පිළිබදව දැඩි අවධානය යොමු කර තිබේ.
වසර 2020දක්වා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන සංවර්ධන ක්‍රමෝපාය පුළුල් කිරීමට ද මෙහිදී තීරණය වී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අවශ්‍ය තද නීතියක්. සේරම ආගම් නීතියට පහළින් තිබිය යුතුය. මෙය නොකර කොපමණ දැගලුවත් වැඩක් නෑ.(ම)
යුරෝපා සංගමේ පාර්ලිමේන්තුවක් ලංකාවේ ස්ථාපිත කලානම් හොඳ නැද්ද?(අ)
අපි පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරලා මෙයාලටම දෙමුද. (නි)
දැනට ලංකාවට ආ සෙනඟ අනුව බැලුවොත් ලංකාව සිංගප්පූරුව වගේ දියුණු වෙන්න තිබුණා. (නි)
ගල් මිරිකලා තෙල් ගන්න බැහැ. සංවර්ධනයට ධනය ප්‍රධාන සාධකයක් වුණත්, යුරෝපිය රටවල බදු රැස්කරන ක්‍රමවේදයට නම් ශ්‍රී ලංකාවේ බදු රැස්කළ නොහැකියි. (නි)
අනේ අපිට කාගෙවත් අනුකම්පාවක් අවශ්‍ය නැහැ (නි)
අනේ හොඳට ඉතා වේගයෙන් දියුණු වෙමින් තිබුණු රටකට ගිය කලක්. මේකට 58 ලක්ෂයක්ම වගකිව යුතුයි. (ම)