(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි.
ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි.
ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත් සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ මහතා යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර ඇතැයි ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.
රට අර්බුදයෙන් මුදා ගැනීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව, ජනාධිපති වික්‍රමසිංහ දරන ප්‍රයත්නයට සහාය දෙන ලෙස සියලුම ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කඩා වැටුණේ රාජපක්ෂ දූෂණ නිසා නම් ඒවා සොයාබලා නිසි දඬුවම් දෙනවද? නැතිනම් මේවා ජනතාව මුලා කරන දේවල්ද?
රනිල් කියන්නේ පලපුරුදු නායකයෙක් .. වසර 45ක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති අභියෝගවලට බය නැතිව මුහුණ දෙන්න පුලුවන් කෙනෙක්... කියන දෙය හොඳට අහගෙන ඉඳලා එක වචනයෙන් පිලිතුරු දෙනවා නොහිතපු විදියට.... හැබැයි කොලයක් බලාගෙන නොවේ..! විදෙස් මාධ්‍ය දන්නවා රනිල් චතුරයි කියලා.. හැබැයි යකා නැග්ගම කලිසම් සාක්කු දෙකේ අත දාගෙන හිතනවා මෙහෙමත් මිනිස්සු තාමත් ඉන්නවනෙ කියලා...! වසර හයක් අගමැති පුටුව හොබවලා කෙටි කලකින් තුන්වරක් ජනපති නිළ පුටුවෙ ඉන්න කෙනෙක්.. රළු මුහුදක සයවරක් යාත්‍රා කරලා පුරුදු නැවක කපිතාන්වරයකු දන්නවා නැව කරදරයක් නොවෙන විදියට ක්‍රියාකරන ආකාරයට ඔහුගේ නවකයින්ට අණ දෙන්නට... මේ රනිල කුල මැණික මුතු ඇටය දිලිසවලා බබලනවාමයි ලොවට පේන්නම...! එයට දෙස් විදෙස් සෑම ආගම් අදහන බක්තිකයෙකුගේම ආශිර්වාදය ලැබෙනවා මුතු-රට ගොඩ නංවන්නට..!
බම්බුව තමයි...!
මේ අය ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න දැනගෙන උන්නාට ඒකෙ තේරුම දන්නේ නැතිව ඇති මගේ හිතේ...!
IDU එක තියෙන ජර්මනිවලවත් රාජ්‍ය නායකයා රනිල්ට සුබ පතලා නැහැ...!
එතකොට මහදවල් මහබැංකුව මංකොල්ලකෑවේ මමද?
එයාලාට බැරිද පෙට්‍රල් ටිකක් එවන්න..?
පස්වතාවක් අගමැති වෙලා ධුරකාලය නිමාකරගන්න බැරි වුණු එකමද සුදුසුකම...?
සහතික ඇත්ත. මහත්මා ගතිගුණ වලින් පොහොසත් වු නායකයෙක්...
අපි රටෙ මිනිස්සු 6 වතවක් රටෙ අගමෙති වෙල හිටිය මොන පලපුරුද්දක් නේද මෙ කියන්නෙ රටට නම් සෙතක් උනේ නෑ
අනේ ඔව්.. පල පුරුද්ද වැඩිකමට පස් වතවක් නාගත්ත හැටි දන්නෙ මෙ රටෙ ඉන්න උන්.. කරුනා කරල වන්දිභට්ටකම් කියාගෙන එන්න එප.. අපෙ රට වල පල්ලට යවපු එක්කෙනෙක් ඔහෙල මහලොකුවට ප්‍රශන්ස කරන පලපුරුදු කාරය. . නොදන්න මගුල් කියන්න අවිත් නිකන් නොන්ඩි වෙන්න එප.. කොහෙන් එන සංවිදානද මන්ද..
නව ජනාධිපතිවරයා වැඩ බාරගත් විගස කළ දේ ඩිමොක්‍රටික් සංගමය දුටුවේ නැද්ද?