ළමා අපයෝජන සිද්ධියකට ඩුබායි අධිකරණයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකිකයාගේ සිර දඬුවම මාස හයක් දක්වා ළිහිල් කිරීමට එම අධිකරණය තීන්දු කර තිබෙන බැව් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙලෙස සිර දඬුවම් ලිහිල් වී ඇත්තේ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ගොනු කළ ඇපෑලක් ඉකුත් 12 වැනිදා ඩුබායි අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුවය.
සිංගප්පූරුවේ සිට ඩුබායි දක්වා ගුවනින් පැමිණෙමින් සිටි 13 හැවිරිදි සිංගප්පුරු ජාතික දැරියක අපයෝජනයක් කර ඇති බවට චෝදනා එල්ල වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.
ලාංකිකයාගෙන් තම දියණියට අපයෝජනයක් සිදු වූ බවට දැරියගේ මව්පියන් ඩුබායි පොලිසියට දැනුම් දුන් අතර පසුව ඩුබායි පොලිසිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීය.
ඉකුත් මාර්තු මාසයේදී එම නඩු විභාගය අවසන් කළ ඩුබායි අධිකරණය මෙම වසරක සිර දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අාවම දඩුවම් 2 ක් දෙන්න ඕන. 1.රටේ නම කැත කළාට, 2. තම වයසට අනුව ළමා අපයෝජනය කළාට දැඩි දඩුවම්. (බ)
මෙහෙත් අර මරණ දඬුවම දෙන්න රටේ කතිකාවතක් හදන්න කියලා කිවුවා නේද? (නි)
විජේතුංග, ඔබ ඇස් දෙකෙන් දැක්කද මේ සිද්ධිය? ඔබලා වගේ මෝඩ මත දරන මිනිස්සු හින්දා තමයි අපිට අපේ කියලා අනන්‍යතාවයක් ගොඩ නඟාගන්න බැරි. කරුණාකර වැරදි පුර්වාදර්ශ සමාජගත නොකර ඉන්න. ඔබව සමාජයෙන්, පවුලෙන්, මිතුරන්ගෙන් කොන්කළ පළියට සමස්ත සමාජයෙන් පළිගන්න එක වසලකමක්. (නි)
ඔව් වැඩේ වැරදි මරන්න ඕන. එ්ත් මම කල්පනා කරන්නේ අම්මා තාත්තා කොහෙද හිටියේ දැරිවිව අපයෝජනයට ගන්නකම්.අනික ගුවන් යානයක.(බ)
මේ වගේ පව්කාරයන්ගේ නම් ගම ප්‍රසිද්ධ කරන්න ඕනි . නැතිනම් "සුදනා" වගේ ඉඳල අායෙත් ඔය වගේ වැඩක් කරනවමයි (බ)
බාලවයස්කාර කියලා දැනගන්න ඇත්තේ පස්සෙ වෙන්න ඇති (නි)
අපේ මිනිසුන්ට ජන්ම ගති අත්හරින්න අමාරුනේ ඉතින්! (නි)
අපොයි! මීටවැඩිය අපේ ප්‍රාදේශීය සභා අය රටේ නම කැතකරලා තිබෙනවා (නි)
ඇත්තටම මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ (බ)