ලබන සතිය වන විට සම්බා සහ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 10,000ක් ආනයනය කර කිලෝව රුපියල් 50ත් 60ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් බව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

රජයේ ගබඩාවල ද වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පමණ තිබෙන බව කී ඇමැතිවරයා එයින්ද මෙටි‍්‍රක් ටොන් 5,000ක් පමණ තබාගෙන ඉතිරිය ක‍්‍රමානුකූලව වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපයා ඇති දත්ත අනුව ගිය කන්නයේ ලැබුණු සහල් අස්වනු ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් බවත් ඇතැම් සහල් මෝල් හිමියන් හා ව්‍යාපාරිකයින් වෙළඳපළේ සහල් හිගයක් මවා පා මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා සහල් නිෂ්පාදන දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛන අනුව ලබන පෙබරවාරි අවසානය දක්වා සහල් නිෂ්පාදනය කර ඇති බවත් සහල් හිගයක් පෙන්වා එහි මිල වැඩි වීමට හේතුව රටේ කොහෙ කොහේ තැනක සහල් සගවා තිබීම බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ඡනරාල් ආචාර්ය රොහාන් විඡේකෝන් මහතා අද (19)  පැවැසිය.

වසරකට මෙරටට අවශ්‍ය සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් බවත් යල කන්නයේ හා මහ කන්නයේ සාර්ථක වි වගාව තුලින් නිෂ්පාදනය කල සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් මිලියන 2.7 ක් බවත් මේ නිෂ්පාදිත සහල් ප්‍රමානය ලබන වසරේ පෙබරවාරි අවසානය දක්වා සැහෙන බවත් අධ්‍යක්ෂ ඡනරාල් වරයා පවසයි.

DSC_0257

වීඩියෝ - ඉෂංක සුනිමල්

වීඩියෝ - චමිල් රූපසිංහ