‘ජාතික දින සමරුවට මෛත්‍රීපාල සිරිසේන ජනපති පැමිණියේ වෙඩි නොවදින ඇඳුමකිනි. නැත්නම් ඉන්දියා අගමැති මෝදිගේ ඇඳුමට සමාන ඇඳුමකින් ඔහු එහෙම කළේ ඉන්දියා ගැත්තෙක් නිසා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අගුණකොළපැළැස්සේදී පැවසීය.
‘සෑහෙන ප්‍රමාණයකට දැන් රට ශිලාචාරයි. හිටපු ජනාධිපති ඡන්ද ප්‍රතිපල අත්හිටුවන්න හැදුවා.අග්‍රවිනිශ්චයකාරයාත් ගෙන්වාගෙ තිබුණා.මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දක් ඇත්නම් ඊට පසුදාම ඔහු එළවන්න ඕනෑ.‘දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවක් පේන්නේ නෑ.එය අහෝසි කිරීමේ ඕනෑකම අත්තේ ජවිපෙට විතරයි.බලය අතහරින අශාව ඇත්තේ ජවිපෙට පමණයි.‘
‘අපි රැස්වීම්වල කුණුහරුප කියන්නේ නෑ.දේශපාලනයේදී බොරු කියන්නෙත් නෑ.එදා ගමේ සිටි පියදාස මරන්න සොයද්දී අපි ගමේ සිටි සියළුම පියදාසලාගේ හැදුණුම්පත් සෝදිසි කළා.එහෙම කළේ ඔවුන් සොයන පියදාස බේරාගන්නයි.දේශපාලනඥයින් පසුගිය කාලයේ කෑමට මහජන මුදල් ලක්ෂ ගණනක් වියදම් කළා.එය සාංඝිකය කෑමට වඩා දරුණුයි.යමෙක් අපිට කන්න දෙනවානම් එයින් හාමුදුරුවන්ට දෙන ආනිසංශයම ලැබෙනවා.අපි ‘බහුජන හිතාය-බහුජන සුඛාය ‘කට්ටියක් .‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන ඡන්දෙදි හොද කෑමක් කන බව පේන්න තියෙනවා. ඔහොම යන්.(නදී)
සෝමවංශ සහෝදරයාටත් දැන් දැන් සත්‍යය වැටහෙනවා දැකීම අපේ සතුටට කාරණයක්. ජවිපෙය නව රජයටත්, ළඟ එන ඡන්දෙටත් කොන්දේසි රහිතව සහාය දුන්නොත් එය මුළු රටටම සේවය කිරීමක් වෙනවා.(නදී)
බොරු කියන්න එපා එදා ජ වී පෙ කලේ පියදාසගේ විතරක් නෙමෙයි මුළු ගමේම හැදුනුම්පත් එකතු කරලා පුච්චපු එක. අපි මැරිලා ඉපදිලා නැහැ. කවද්ද එකම රජයක් වත් කරපු එක වැඩක් හොදයි කිවුවේ. (නදී)
යහපාලන නඩේට කඩේ යාම නවතා රට ගැන හිතීමට කාලය පැමිණ ඇති බව කව්රුත් දැනගත යුතුය. (නදී)
1971 දී හා 1989 දී සිංහල තරුණ ජීවිත ලක්ෂයක් පමණ බිල්ලටදී ලංකාව විනාස කල මේ අය දැන් මොනවද කියවන්නේ ? (නදී)
යකඩෝ..අදනේ දන්නේ අපේ හැදනුම්පත් එකතු කලේ පියදාසව බේර ගන්න කියල..එහෙම එකතු කරලා පියදාසවයි ඔක්කොමයි බිල්ලට දීල පැනපි බෝට්ටුවෙන් ඉන්දියාව හරහා එංගලන්තෙට..අද අනුන්ගේ හදනුම්පත්වල උපන් දින හොයන්නේ තොග ගානට මිනිස්සුන්ගේ හැදනුම්පත් ගිනි තියපු කට්ටිය...කරුනව දඩු කඩේ ගහනවානම් ඉතින් එයිට කලින් මෙයා කරලා තියෙන දේවල් වලට මෙයාවත් ඒකෙ අනෙක් පැත්තේ ගහල ඉන්න ඕන මුලින්ම..හොරෙන් පැන්නට නඩු නැහැ..එදා කරපු කෝටි ගානක මහජන දේපල විනාශ කරපු මිනි මැරුම් වලට නඩු නැහැ...පුදුම ලෝකයක්..(නදී);
දැන් බණක් දහමක් කරගෙන පාඩුවේ හිටියොත් මොකද (දිල්)
පියදාසලාගේ හැදුණුම්පත් විතරක් නෙමේ කී දෙනෙක්ගේ හැදුනුම් පත් හොරකම් කලාද අපිට මතකයි ඒවා. බොරු කීවද ඇත්ත කීවද කියල ජනතාව දන්නවා. ඔයාලට ආණ්ඩු පිහිටවන්න නම් බැහැ මේ ආත්මේ (නදී)
මෙයා කට ඇරියොත් අර අනුර කුමාර අමාරුවෙන් ගොඩ නගපු ටිකත් නැති කරනවා. (නදී)
සිංහල තරුණ පරම්පරා ගණනාවක් සමූල ඝාතනය කරපු අයගේ ශීලාචාර කම ගැන මොන කතාද? (නදී)
බුදු දහම ගැන අවබෝධය මදි. බුදු දහම ගැන නොදැන කියන කතාවලින් නිරයේ පැහෙන්නයි වෙන්නේ. සංඝගයාගේ ආනිසංස ලැබෙන්නේ කොහොමද පෘතග්ජනයන්ට කන්න දීලා. (නදී) .
ඇයි මේ ටික බලය ඇති අයට නොතේරෙන්නෙ? (නි)
ඔබතුමන්ලාවත් ඉදිරිපත්වී රට බේරාගන්න. ගැහැණු රට යවන එක නතර කරන්න. ලංකාව තුළදීම ඒ අයට රැකියා ලබාදෙන්න. ශ්‍රී ලාංකීය ගැහැණියට අභිමානයෙන් ජීවත්වෙන්න පාර හදාදෙන්න (නි)
කතාව සම්පුර්ණ ඇත්ත. (ර)