IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට ගිය බ්‍රිගේඩියර් කැඳවයි

'වැලිවේරිය රතුපස්වල ගැමියන්ට වෙඩි තබා තරුණයන්  තිදෙනකු  ඝාතනය කර තවත්  26 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට යුධ හමුදාවට අන දුන්  බ්‍රිගේඩියර්වරයා  පසුගිය රජය විසින් විදෙස්  තානාපති කාර්යාලයක උසස් නිලයකට යැවු  බව තමන් හොඳින් දන්නා බවත් ඔහු ආපසු මෙරටට කැඳවීමටත් නඩු දැම්මේ කාටද, උසාවි ගෙනිච්චේ කාවද,   දඬුවම් දුන්නේ කාටදැයි කියා  කිසිත් නොදන්නා  රතුපස්වල සිද්ධියේ පරීක්ෂණ යළි ආරම්භ කරණ බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන්  අමරතුංග මහතා අද පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ වැලවේරිය, රතුපස්වල අවට ගම්වාසීන් විසින්  රතුපස්වල සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි ඉල්ලමින් ගම්වාසීන් විසින් වැලිවේරිය නගරයේ සිදු කළ  උද්ඝෝෂණයට  සහභාගී වෙමිණි. 

රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාව වසා දමා  පිරිසිදු ජලය ලබා දෙන ලෙස     ඉල්ලමින්  පසුගිය  2013 වසරේ අගෝස්තු පළවෙනිදා වැලිවේරිය  නගරයේ පැවති  උද්ඝෝෂණයට  යුධ හමුදාව කඩා වැදී  සිදු කළ  වෙඩි ප්‍රහාරයෙන්   ජීවිතක්ෂයට පත් වු  තරුණයින් තිදෙනා සහ තුවාල ලැබු 26 දෙනාට  පිළිබඳ  සිද්ධිය වහාම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී එහි විමර්ශණ කටයුතු නැවත  ආරම්භ කරන ලෙසත්,   වෙඩි වැදීමෙන්  ආබාධිත තත්වයට  පත් වුවන්ට යම් වන්දි මුදලක් ලබා දෙන  ලෙසත් ඉල්ලමින්  අද  වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වු ගම්වැසියෝ ඒ පිළිබඳ සංදේශ දෙකක්   නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සහ   බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය  කරූ ජයසුරිය යන අමාත්‍යවරුන්ට  පිළිගැන්වුහ.

රටේ මහත් ආන්දෝලනකට තුඩු දුන්   රතුපස්වල ජල සටනේදී   යුධ හමුදා   පහර දීම් වලට ලක්ව ජීවිතක්ෂයට පත්වු තරුණයන්ගේ ඝාතන පිළිබඳව සිදු කළ පොලිස්  පරීක්ෂණ  වැරදිකරුවන් ආරක්ෂා කරමින් පැවති රජයට පක්ෂ පාත ලෙද සිදු කළ බැවින් එම පරීක්ෂණ නැවත මුල සිට සිදු කළ යුතු යැයි වැලිවේරිය නගරයට පැමිණි උද්ඝෝෂකයෝ අමාත්‍යවරුන් හමුවේ පැවසූහ.

එම සිද්ධියෙන් යුධ හමුදාවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව උකුල් ඇටය ඉවත් කර පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින මෙලන් පෙරේරා මහතාට සියනෑ පරිසර සුරකීමේ ඒකාබද්ද සංවිධානයේ සාමාජිකයෝ එක්ව   මුදල් ආධාරයක් ද එම අවස්තාවේ ලබා දුන්හ.

රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාවකින්  මුදාහරින රසායනික අප  ද්‍රව්‍ය හේතුවෙන් වැලිෙවේරිය,රතුපස්වල අවට ගම්මාන රැසක  ළිං  ජලය අපිරිසිදු වීම නිසා පිරිසිදු ජලය ඉල්ලා  පසුගිය 2013 වසරේ අගෝස්තු පල වෙනිදා ගැමියන් ගෙන ගිය උද්ඝෝෂණයේදී ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන්  පාසැල් සිසුන් දෙදෙනෙකු ඇතුළු  තරණයෝ  තිදෙනෙකු  මිය ගිය අතර තවත් 26 දෙනෙකු බරපතල තුවාල ලැබ රෝහල් ගත කරනු ලැබුහ.

වෙඩි වැදී බරපතල තුවාල ලැබුවන් අතර  එවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුහු කිහිප දෙනෙක්ද සිටි බවත් විභාගයට දින කිහිපයකට පෙර  මෙම වෙඩි තැබීම  සිදුවු බැවින්  ඔවුන්ගේ   ජීවිත අකාලයේ අඳුරු කර දැමීමට මෙය හේතවක් වු බවත් ගම්වැසියෝ අමාත්‍යවරුන් හමුවේ කරුණු දැක්වූහ.

තුවාල ලැබුවන් අතර  පුුර්න අබාධිත තත්වයට  පත්වු දෙදෙනෙකු සිටින බවත්  අද ඔවුන්ගේ පවුල් අසරණ වී ඇතත් ඔවුනට පැවති රජයෙන් කිසිඳු වන්දි මුදලක් හෝ සහනයක් ලබා නොදුන් බවත් ඔවුහු  පැවසුහ.

මෙහිදී  අමාතය ජෝන් අමරතුංග මහතා ගම්වැසියන් හමුවේ  මෙසේ පැවසුවේය

   ''අද මට බාර දුන් කරුණු පිළිබඳව අදාල නිලධාරීන් දැනුම්වත් කර නිසි පියවර ගන්නවා. ගම්වැසියන්ට ඔවුන්ගේ අයිතිය ගැන කතා කරන්න ගිහින් වෙඩි කන්න සිද්ධ උනා.  ඒ විතරක් නෙමෙයි එදා රැකවරණ පතා දේවස්ථානයට  ගිය ජනතාවටද හමුදාව පහර දුන්නා. එතනත් තරණයෙක් පහරදීමෙන් මිය ගියා.   මේක මහා අමානුෂික ක්‍රියාවක්. මේ විදියේ දරුනු අපරාධයක් මම කිසි දා දැක  නැහැ.

මේ ජනතාව පාරට බැස්සේ සාදාරණ හේතුවක් නිසා. මේ අපවිත්‍ර ජලය පානය කර මේ අයට විවිධ ලෙඩ රෝග වැළදී තිබුනා. කර්මාන්ත ශාලාව ඉවත්කරන්න, අපිට වතුර දෙන්න කියල ඉල්ලපු ජනතාවට වෙඩි තියන්න අන දුන්න හමුදා නිලධාරියා මොන බලවතාගේ ඉල්ලීම පිට මෙය කලා දැයි අප දන්නේ නැහැ.

යම් උද්ඝෝෂණයක් මර්දනය කරන්න එවන්නේ පොලිසිය. පොලිසියට ඒකට අයිතියක් තියෙනවා. යුධ හමුදාව එවන්නේ නැහැ. යුධ හමුදාව එව්වේ පැවති රජයේ බලවතෙක් ද කියා අප දන්නේ නැහැ.

ඒ වගේම කාටද නඩු දැම්මේ, කාවද උසාවි ගිනිච්චේ කාටද දඩුුවම් දන්නේ කියා  කවුරුත් දන්නේ නැහැ. නමුත් මට එකක් ආරංචි උනා වෙඩි තියන්න අන දුන්න නිලධාරියාට තානාපති කාර්්‍යාලයක ඉහළ නිලයක් දීල පිටරට යැව්වා කියා.

එදා ඒ කරපු අසාධාරනය නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව අපිට ඡන්දය දීලා දිනෙව්වේ. මේ වගේ අසාධාරණ සිදුවීම් නැවත නොඑන්න අපි පියවර ගත යුතුයි.

මම මේ සංදේශ  ජනාධිපති තුමාට හා අගමැති තුමාට දීලා ඉල්ලීමක් කරනවා පිටරට ඇරල ඉන්න හමුදා නිලධාරියව වහාම ලංකාවට ගෙන්නන්න කියා. . ඒ නඩුවට මොකද උනේ කියා සොයා බලන ලෙසත් ඉල්ලනවා . නීති පතිට නඩුව ඇරිය නම් ඒ ගැන අවශ්‍ය පියවර ගන්නේ නැතුව ඉන්නේ ඇයි කියල අපි සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කරනවා.''

ලෝකෙට පේන්න කෝටි ගනන් වියදම් කරලා පාරවල් හැදුවා. එහෙනම් ඇයි මේ අහිංසක මිනිසුන් ගේ ජීවිත ආරක්ෂා  කර ගන්න  බොන්න වතුර ටික දෙන්න බැරි උනේ.

මෙහිදී අමාත්‍ය කරූ ජයසුරිය මහතා ජනතාව හමුවේ කියා සිටියේ වැරදි කරුවන්ට දඩුවම් ලබා දී සිද්ධියෙන් පීඩාවට පත් වු ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා ක්‍රියා කරන බවයි.

මෙම අවස්තාවට  ජල සටනේ මාරාන්තක උපවාසයක යෙදුන නැදුන්ගමුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමයෝද, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද,  සියනෑ ජල සුරැකුම් ඒකාබද්ධ පරිසර සංවධානයේ   ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රසන්න පෙරේරා,  සුරේෂ් පෙරේරා,  ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නායක තුෂාර ලියනගේ,  ප්‍රාදේශීය සභ මන්ත්‍රීවරුන් වන ප්‍රමිත හෙට්ටි ආරච්චි,   නිලන්ත පෙරේරා, ව්‍යාපාරික බන්දු ලියනගේ යන මහත්වරුන් ද සහභාගී වුහ.

 

2 3 4 5 6 7 8



අදහස් (0)

රට ගිය බ්‍රිගේඩියර් කැඳවයි

එරංග Sunday, 25 January 2015 10:46 AM

අපොයි මහත්තයෝ අපිනම් ඔයිට වඩා සහ ගහන අපරාද 88/89 කාලේදී ඕන තරම් දැකලා තියෙනවා..(හේ)

:       0       0

අනුරශාන්ත Monday, 26 January 2015 02:26 AM

අහිංසක මිනිසුන් බොන්න වතුර ටික ඉල්ලපු පලියට මහ රාජපක්ෂ රජයේ බත් බැලයෝ සහ මැරයෝ විසින් කරපු කුරිරු ඝාතනයට වන්දි ගෙවන්න ලැහැස්ති වෙයව් (නදී)

:       0       0

යෝෂිත Wednesday, 28 January 2015 01:32 PM

මේ රටේ බහුතර ජනතාව තම අයිතීන් සහ ජීවිත දිනාගනිමින් ඉදිරියට යන්න ඕනෑ! (නි)

:       0       0

තරංග Tuesday, 27 January 2015 05:39 AM

එරංග, 88/89 සිදුවූ දේවල් නිසා මෙම ක්‍රියාව සාධාරනයි කියලද ඔයා කියන්නේ? (නි)

:       0       0

සත්‍යපාල Sunday, 25 January 2015 09:50 AM

ජෝන් අමරතුංග ඇමතිතුමනි පොරොන්දු වූ ආකාරයටම වැඩ සිද්ධ වෙනවාද කියලා රටේ ජනතාව ඔබ තුමාලා දිහා බලාගෙන ඉන්න විත්තියත් අමතක කරන්න එපා ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site