විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සංවිධානයක් වන “රටගිය ඇත්තෝ” සංවිධානයට ලෝක ව්‍යාප්ත ප්‍රචාරයක් ලබාදීමේ අරමුණෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත විදේශ ගත ශ්‍රී ලංකා සංසදය විසින් සිකුරාදා මාධ්‍ය හමුවක් දමාම් නගරයේදී පැවැත්විණි.
විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, තීරුබදු රහිත වාහන හිමිකම්, ඡන්ද බලය ලබා ගැනීම සඳහා පවතින රජයට බලපෑම් කිරීම ඇතුළු විවිධ විෂයයන් සදහා රජයේ අවධානය යොමු කිරීම මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ සුජිත් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන රටගිය ඇත්තෝ සංවිධානයේ උපදෙස් පරිදි මැදපෙරදිග කලාපයේ වෙසෙන ලක්ෂ 15කට නොඅඩු ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීම මෙහි අරමුණ වූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයෙක් පැවසිය .
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින් රටගිය ඇත්තෝ සංවිධානයේ ලියාපදිංචි වීම සඳහා පහත සදහන් දුරකථන අංක හෝ “රටගිය ඇත්තෝ’තැපැල් පෙට්ටිය 28 කටුනායක ශ්‍රී ලංකාව යන ලිපිනයෙන් ලියාපදිංචි විය හැකි බවයි.
දුරකථන අංක 00966545214452,00966500998349 සහ 00966502434849



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ සයිප්‍රස් වල අපිත් කැමති මෙයට සම්බන්ධ වෙන්න . (අ)
මෙය ඉතාමත් හොඳ අදහසක්.(අ)
මේ වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් හොදයි .නමුත් මෙය ක්‍රියාත්මක වෙනකම් .විස්වාශ කරන්නබැහැ.(අ)
මෙවැනි සංවිධානයක් ඇති කිරීම ඉතාම හොඳයි. (අ)
මට කටුනායත දුරකතන අංකය ගන්න හැකිද ?
බොහොම හොද වැඩක්. මොන බාධක ආවත්, ඔය කරන්න ගත් වැඩය මග නතර නොකරන්න. අපි පුදුම දුකක් මේ රටවල විදින්නේ මුදල් හොයන්න. නමුත් එයට සරිලන ඇගයීමක් , අපට අපේ රටෙන් මෙතෙක් ලැබුනේ නැහැ (නදී)
මේ වගේ අය රෙජිස්ටර් කරගන්න කියා මුදල් අයකරනවා. ඒ සල්ලිවලින් පස්සේ ජෝගි නටනවා (නදී)
යුරෝපා රටවලට ගිහින් ඉන්න අයට මොනවද කියන්නේ.ඒ අය එවන සල්ලි විදේශ විනිමයට අයිති නැතිද ?(අ)
ඊමිල් ලිපිනය දන්වන්න. (අ)
ඇත්තටම හොද අදහසක් අපිත් අහයෝගය දෙනවා . (අ)
මෙය සාර්ථක කරගන්නට හැකිවේනම් හොඳය, නමුත්, සවුදි අරාබිය තුල, රාජ්‍යතාන්ත්‍රික නියෝජනයක මුවාවෙන් හැර කිසිම සන්විදානයක්, සාර්ථකව පත්වාගෙන යාම කල නොහැකිය. එම නිසා රියාධ් වල තානාපති කාර්යාලය හා ජෙද්දා වල දූත මණ්ඩල කාර්යාල දැනුවත් කොට මෙම සංවිදානයට පළමුවෙන්ම ආරක්ෂාවක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. ඒ අනුව, තානාපති වරයා හෝ, වෙනත් නිලධාරියෙක් අනුශාෂක හා සාමාජිකත්වයට පත්වෙන අතර ඉන් අනතුරුව සියලු කටයුතු සඳහා පහසුවෙන්ම ක්‍රියා කල හැකිය. සංවිදායක මහත්වරුන්ගේ කාරුණික අවධානය පිනිසයි. (අ)
ඔය මොන දේ කරත් හැම දේම ටික දවසකට තමයි. ඔය කියන සංගමය ලියාපදිංචි සංගමයක්ද ? නැතිනම් නමට වැඩකරන සංගමයක්ද ? (ම)
"සෙප්පඩ විජ්ජා" මැදපෙරදිග වහල් සේවයට කාන්තාවන් පටවන එකට නිසි ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදලා ඔවුන්ගේ ආරක්ෂාව සලසන්නේ නැතිව, මහා පරිමානයේ වචන පමණක් භාවිත කරමින් පුරසාරම් දොඩලා මගඩි වැඩ කරන්න නම් අපේ අය හරිම දක්ෂයි. (බ)
මැද පෙරදිග හරි යුරෝපේ හරි නැතිව අපි වගේ ඩොලර් හොයන අයත් ඉන්නවා (නදී)
අපි සතුටු වෙනවා අපි ගැන දැන්වත් හැරිලා බැලුවට. මේක ඉක්මනින් ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ (නදී)
ඇයි..?.. අපි කළුද ?..අපේ ඩොලර් ..සල්ලි නොවෙයිද ..?..අපි අයිති නැත්ත්ද..? (අ)
රට සිට මෙතෙක් එවූ සල්ලි රජයේ ගිනුමකටද මේ ගොල්ලෝ එවන්නේ?. එවන මුදල් ඉතිරි කලානම් හොඳයි නේද? මෙහෙත් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් නැහැ නේද? (නදී)
රාධා ඔබ හරියටම හරි.අපේ ඇත්තන්ට රට ගිහින් ටික දිනකින් අමුතු උණක් ගැනෙනවා.තමන් හිටි තැන ,තමන් සියල්ල (අඹදරු,දෙමාපියන්) තාවකාලිකව අමතක කර පිට රට පැමිණි කාරණය සියල්ල අමතක වෙනවා. අනුන් කරන දේ, අන්අය සතුදේ දෙස බල තමන්ද ඒ සදහා යොමුවෙනවා.කාලය අවසන් වී ගෙදර ගියාම උන්නටත් වඩා අමාරු තැනකට වැටෙනවා. සමහරු ජීවිත කාලයේම මැදපෙරදිගට කබුරනවා. ටිකක් හිතන්න.තමන් පසු කල ජීවිතය අමතක නොකර කීයක් හරි ඉතිරි කරන්න. එවිට විශ්‍රාම වැටුප් යදිමින් කා පසුපසවත් යායුතු නැහැ.(අ)
මෙය හොඳ වැඩක්. (අ)
රාදා, ටෙනිසන් ඔබලාගේ අදහස් ගැන ඉතා කනගාටුයි. මේ රටේ ආර්ථිකයෙන් 2/3 ක් උසුලන්නේ විදෙස් ශ්‍රමිකයින්. කරුණු දැනගෙන අදහස් පලකරන්න (නදී)
මේකට කියන්නේ , නොකෙරෙන දීගේ හෙවනල්ලත් ඇදලු (නදී)
මානවි සහ කැනඩා දිසා, මැද පෙරදිග ඉන්න අය ඔබ කියන දියුණු රටවලට වඩා වෙනස්. දියුණු රටවලට යන අය වැඩි දෙනෙක් එහි පවුල් වශයෙන් ජීවත් වෙනවා. ලංකාවට එවන මුදල් ප්‍රමාණය අඩුයි. මැද පෙරදිග අය ජීවත් නොවී හම්බ කරලා ලංකාවට එවනවා. කණගාටුව, ඒක තමයි දැන් ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය එන ක්‍රමය. තේ, රබර්, මැණික් නොවෙයි. (නදී)
විදේශ ශ්‍රමික අදායම ලංකාවට නොලැබුනොත් ඔය එක දේශපාලකයෙකුටවත් පැවැත්මක් නැහැ. එම නිසා ඔවුන්ගේ විශේෂ අවදානයට මෙය පත්වේවා. ජය වේවා ! (නදී)
මේකට විසදුම ජවිපෙ බලයට පත් කිරීම පමණි. නැතිව මේ ආණ්ඩු දෙකෙන්ම මේකට විසදුමක් නෑ.(බ)
අන්තර්ජාලය මගින් මෙයට සම්බන්ද වෙන්න පුළුවන් ගොඩක් හොඳයි (නදී)
මේ විදිහට අපේ රට විරුවන්ට සළකනවානම් විදේශ මුදල් ලැබෙන එක වැඩි වෙනවා (ම)
1. රටගිය අය සහ ලංකාවේ පුද්ගලික අංශය කියන දේ වෙනස්. රට ගිය අය අලුතින් රටට සල්ලි ගේනවා. ලංකාවෙ පුද්ගලික අංශයෙ වැඩ කරන අය ලංකාව ඇතුලෙම තියෙන සල්ලි පඩි විදිහට ලබනවා. අලුතින් ආර්ථිකයට වටිනාකමක් එකතුවෙන එක ඉතාම සුළු වශයෙන් වෙන්නෙ. නමුත් තර්කයක් නැහැ, හැමෝටම සාධාරණව හැම දේම ලැබෙන්න ඕනේ. 2. මැද පෙරදිගින් ලංකාවට වැඩිපුරම මුදලක් ආවට, ඊට වඩා මුදලක් මැදපෙරදිග නොවන, වෙනත් රටවල රැකියා කරන අය ලඟ තියෙනවා, නමුත් ලංකාවට එවන්නෙ නැහැ (මාත් ඇතුළුව) 3. රටින් පිට රැකියා කරන අය වෙනුවෙන් ශක්තිමත් සංවිධානයක් තියෙන්න ඕනෙ, ඒ මගින් පමණයි රට තුල යම් බලපෑමක් කර රට ගිය අයගේ අයිතීන් ලබා ගැනීමට හැකි වන්නේ. 4. සංවිධානයට පහසුවෙන් ලඟාවියහැකි ක්‍රමයක් අවශ්‍යයි, ඊමේල්, ෆේස්බුක්, අන්තර්ජාල පිටුවක් තිබීම ඉතාවැදගත් (ලිපි ලිවීමට හා දුරකතන මාර්ගවලින් සම්බන්ධවීම ඉතා අසීරුය) (නදී)
ගොඩක් හොඳ වැඩක් (ම)
ඒ වැඩ කටයුත්ත සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
රට ගිය ඇත්තෝ ඉන්නේ මද පෙරදිග විතරද ?යුරෝපා රටවලට ගිහින් ඉන්න අයට මොනවද කියන්නේ.ඒ අය එවන සල්ලි විදේශ විනිමයට අයිති නැතිද ?(අ)
පළමු පින්තුරයේ තුන් දෙනාම කතා කරනවා, එක කෙනෙක් අහගෙන ඉන්නවා.(අ)
මේ අර රට ගිය ඇත්තෝ ටෙලි නාට්‍යද? (ර)
විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, තීරුබදු රහිත වාහන හිමිකම්, ඡන්ද බලය ලබා ගැනීම සඳහා පවතින රජයට බලපෑම් කිරීම ඇතුළු විවිධ විෂයයන් සදහා රජයේ අවධානය යොමු කිරීම බොහොම වැදගත් මොකද අද වෙනකොට ශ්‍රී ලංකවේ ජාතික අදායමෙන් 67% උපයා දෙන්නේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදලින් නමුත් කිසිම රජයකින් මේ ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ කරුණා කරලා රජයට බලකරනවා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස. (බ)
මම සිටින්නේත් දමාම් නගරයේ. අපත් සමඟ තවත් බොහෝ ලාංකිකයෝ ඉන්නවා.අප කාටවත් මෙවැනි රැස්වීමක් තියන බවක් ආරංචි වුණේ නැහැ.මේ ලිපිය දැක්කම තමා දන්නේ මෙවැනි දෙයක් තිබුණ බව. මෙවැනි දෑ සංවිධානය කරන විට එ් අවට සිටින ලාංකිකයන් සැමට දැනුම් දීමක් කරන්න ඕන... (ම)
ඉන්දියාවේ පිලිපීනයේ මේ වගේ සංවිධාන හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපේ අයත් පටන් ගත්ත එක හොඳයි අකුල් හෙලන්න හොඳ නෑ (බ)
අනිවාර්යෙන්ම අපේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දෙන්න ඕනි දැන් වසර 15 ක ඉදන් රටට මුදල් එවනවා නමුත් රජයකින් අපි ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ බොරුවට ඡන්දෙ කාලෙට සීනිබෝල කතා කියලා මගහරිනවා. (බ)
මහා බැංකු වාර්තා අනුව මැදපෙරදිගින් තමයි රටට ලොකු අාදායම් මාර්ගයක් තියෙන්නේ කෙසේ වෙතත් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, තීරුබදු රහිත වාහන හිමිකම්, ඡන්ද බලය ලබා ගැනීම සඳහා පවතින රජයට බලපෑම් කිරීම විෂයයන් සදහා රජයේ අවධානය යොමු කිරීම වගකීමක් (බ)
මේ ගොල්ලන්ට වෙන වැඩක් නැද්ද දන්නේ නැහැ. නිකන් බොරුවට කාලේ නාස්ති කරන්නේ. (නදී)
තවත් සක්විති ව්‍යාපාරයක්. කපමුද ගගට ඉනි. (බ)
මහින්ද මහත්තයත් පරදින්ඩ ටික දිනකට පෙර පොරොන්දු උනා නේද තීරු බදු වාහන දෙන බවට? ඒකට මොකද උනේ ? (නදී)
වැඩේ හොඳ වෙන්න රාජ්‍ය අනුමැතිය ලබාගන්න ඕන , මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින් රටගිය ඇත්තෝ සංවිධානයේ ලියාපදිංචි වීම සඳහා, නවීන ක්‍රමයක් දෙන්න , විට එය වඩාත් ශක්තිමත් වේවි , අප නිරතුරුව ඔබ සමගි (ම)
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේනම් බොහොම හොඳයි දැන් වසර 18ක් ඉදලා මැද පෙරදිග සේවය කරන්නේ මේ ගැන රජයේ වග කියයුතු පුද්ගලයන් හරි තීරණයක් ගනියි කියා සිතනවා.(ම)
අපි බලාපොරොත්තු වෙනවා අගමති ගරු රනිල් මහතා මේ ගැන යම්කිසි අදහසක් ඉදිරිපත් කරයි කියලා.(ම)
රටගිය ඇත්තන්ට මීට වඩා ප්‍රමුඛත්වය දියයුතු වුණ්ත් තවමත් ඒ ගැන කිසිම රජයකින් යමක් නොකිරීම කණගාටුවට කාරණයක්. විශ්‍රාම වැටුපක් - තීරු බදු සහනය යටතේ වාහන වලට අමතරව පිටරට වල සේවය කරපු අයට ලංකාවේ බැංකු වලින් ණය ලබාගැනීමේදී ණය ගෙවීම සඳහා දෙන වසර පහක උපරිම කාලය මීට වඩා දීර්ඝ කරගැනීමත් ඇතුලත් කළ යුතුයි. විශ්‍රාම වැටුප් ක්‍රමයක් පටන්ගැන්මේදී එම ක්‍රමයට ඇතුලත් වන දිනයේ පටන් විශ්‍රාම යන දිනය දක්වා ඉදිරියට පමණක් කාලය නිර්ණය කරන නිසා මෙතුවක් කාලයක් වසර ගණනාවක් පිට රට වල සේවය කරපු අයට වෙන අසාධාරණයට පිළියමක් ද කළ යුතුයි.
වැඩේ නම් ඉතාම හොඳයි. ඒ වගේම අපේ රටේ දේශපාලකයෝ වාගේ වෙන්නේ නැතුව විදේශ ගතව ඉන්න හරි මිනිස්සුනට මේවා ලැබෙන්න ඕන. මමත් දැන් වසර 15ක් ඕමාන ඉන්නේ (ම)
හොඳ වැඩක් ලියා පදිංචි වෙන්න අපිටත් පුලුවන්ද ? (නදී)
මේක ඉතාම හොඳයි. අපි බොහොම අමාරුවෙන් හම්බ කරන මුදලට කිසිම වටිනාකමක් නෑ. අඩුම තරමේ තීරු බදු රහිත වාහනයක් වක් ගන්න ඉඩක් නෑ. වාර්තා නම් ඉහලින්. යන්ඩ ඕනේ බැංකුවකට. එතන ඉන්න අපේ සල්ලි වලින් යැපෙන අය. විදේශ සේවයේ ඉන්න අය දිහා බලන්නේ හරියට අපි ඒ ගොල්ලන්ගේ සල්ලි වලින් යැපෙනවා වගේ. ලංකාවේ තියන එක බැංකුවකින් පුලුවන්ද ණයක් ගන්ඩ. විදේශ සේවා කියල තව ආයතනයක් තියනවා. ඒක මොනව කරනවද දන්නේ නැහැ. හැබැයි ඉලුතෙන් රට යන අයගෙන් කප්පන් එකතු කරගන්නවා. (නදී)
මොහොමඩ් මහත්තය ඔබ තුමාට ප්‍රශ්නයක් නම් විස්තර සඳහා අමතන්න දුරකථන අංක දාල තියනවනේ,,,,(බ)
පසුගිය රජය සමයේ ලංකාවේ මඩ පුවත්පතක් උපයෝගී කොටගෙන විදේශ ගත ලාංකිකයින්ට මොන තරම් නම් අපහාස කලාද? අනේ අපිට ඔය මුකුත් එපා අපේ පාඩුවේ ඉන්න දෙන්න. මිනිස්සු පිටරටවල දුක් විඳලා හොයන සොච්චමත් ගසා කන්න තමයි ඔය කවුරුත් උත්සහ කරන්නේ. අනේ අපි නොදන්නවනේ ඔය කාගේ කාගේත් කෙරුවාව? (නදී)
අවරුදු 10 ට වැඩි සේවා කාලයක් ඇති මැදපෙරදිග අයට විශ්‍රාම වැටුපක් විශේෂයෙන්ම සලකලා දෙනවනම් ලොකු උපකාරයක් වෙනවා (අ)
අපි වැඩ කරන්නේ මාල දිවයිනේ. අපිට වරප්‍රසාද නැද්ද? (අ)