විදේශ රැකියාවක නිරතවීම ගෞරවනීය සේවයක් ලෙස සලකා විශ්‍රාම වැටුප් ක්‍රමයක්, නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ‘රට ගිය ඇත්තෝ‘ සංවිධානය අද (11) බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
විදෙස් ගතවී සිටින්නන්, නැවත මව්බිමට පැමිණි අය හා විදෙස් ගතවීමට බලාපොරොත්තුවන්නන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් මෙම සංවිධානය තම ඉල්ලීම් ඉදිරිපත් කළේය.
ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.(හේ)
ඉතාමත් වැදගත් කාලීන හා සාධාරණ ඉල්ලීමක්. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට බැංකු ණයක් ගන්න ගියාම විදින්නවෙන දුක්ගැහැට අනන්තයි. නිවාඩුවකට ඇවිත් හදිස්සි කාර්යයකට රජයේ ආයතනයකට ගියොත් නිවාඩුව ඉවර වෙලා ගියත් වැඩේ කෙරෙන්නේ නැහැ. ප්‍රශ්නනම් අනන්තයි. විසදුම්නම් සීමිතයි.(හේ)
ජය වේවා..අපි ඔබ සමග ඉන්නවා.(හේ)
රජින්දගේ අදහස හරි . බැංකුවකින් ණයක් ගන්න ගියාම ණය දෙන්නේ අවුරුදු 5 කින් ගෙවන්න විතරයි. සාමාන්‍ය කෙනෙකුට අවුරුදු 15-20 දක්වා කල් දෙනවා . "රට විරුවෝ" කියන්නේ දේශපාලන කැරට් අලයක්.(හේ)
අපි ඔබ සමඟයි (දිල්)
අපි අවුරුදු 32යි, අපිත් ඔබ සමඟ එකතු වෙනවා.(හේ)
රජින්ද, ඔබගේ අදහස හරියට හරි. අපි මේ මැද පෙරදිග විදින දුක දන්නේ අපි විතරයි (නදී)
රජින්ද "ඔබගේ කියමන රටක් වටිනවා විදේශ සේවා කාර්්‍යංශයේ තවම අපට වැඩක් නැහැ බොරුවට සල්ලි ගෙවනවා පමණයි (නදී)
හරිම වැදගත්. බැංකු නය ක්‍රමයක් හදන්න (නදී)
අප ඔබලාට සුභ පතනවා (නදී)
"රට විරුවන්" කියල අඩුම ගනනේ දරුවන්ව පාසලකට දා ගන්නවත් පුලුවන්ද? (ර)
රජින්දගේ, අදහස හරියටම හරි. බැංකු ණයක් ගන්න ඉන්න ගේ ඉඩම උගසට තියලවත් ඉක්මනින් කර ගන්න බැහැ. නිවාඩු දින 40 ඉවර වෙලා එනකනුත් කර ගන්න බැහැ. (ර)
"සෙරෙප්පු දෙකක් " නැතිව හිටය අය පසු ගිය අවරුදු 5-6 තුලදී කෝටි ප්‍රකෝටි පතියන් වෙලා. අපි අවරුදු 5-6 පිටරට ඉදලත්,අ පිට වැලේ වැල් නැති වෙලා. (ර)
පුදුම රටක්. ......රටට මේ තරම් විදේශ විනිමය ගෙනත් දෙන මේ මිනිස්සුගේ ප්‍රශ්ණ ගැන බලන්න එකම රජයක් වත් ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. දැන් කරන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට තැපැල් ඡන්දය ඉල්ලලා උද්ඝෝෂණය කරන එක තමයි. (හේ)
මේ ගොල්ලෝ මාස් පතා වෙනම ඉතිරි කිරීමේ ගිණුමකට මුදල් එව්වානම් කරදරයක් නෑ නේද ? වැටුපෙන් කොටසක් ඉතිරි කරන්න විදේශ සේවා කාර්යාංශය සැලැස්මක් හැදුවානම් හරි . (හේ)
සංවිධානයේ දුරකථන අංක 0094312232100.0094777694870 (බ)
මම නිවාඩු ගියාම බැංකු ඔක්කොටොම ගියා ගෙයක් හදන්න ණයක් ගන්න රට රස්සාවක් කරන අයට දෙන්නේ නැහැ කිව්වා. අන්තිමට මම ඉතිරි කරලා තිබුණු ටිකෙන් වැඩ ටිකක් කරගත්තා. (ර)
විදේශ ගත වෙලා ඉන්න අයගේ ඉතිරිකිරීම් සම්බන්ධව නෙමෙයි මේ ඉල්ලීම කරන්නේ. විදේශ විනිමය ලබාදෙන අය වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුත්තේ මොනවාද කියන එකට අවධානය යොමු කරවන්න කියන එක මෙහි අදහස් පලකරන අය දැනුවත් විය යුතුයි .(හේ)
සමන්ති.ඉතිරි කරන්නේ කොහොමද දරුවන්ට අඩුවක් නැතිව තුන් වේල කන්න අදින්න දෙන්න පුළුවන්.ඒකාධිපතියෙක් පාලනය කරපු රටේ හැමදේකටම බඩු ගහලාරටේ බඩු මිල මොන තරම් වැඩිද?(හේ)
කාලෝචිත හොද වැඩක් ......සැවොම සහයෝගය දෙමු.(හේ)
රටේ ගසා කාපු දනස්කන්දය නැවත ජනතා සතු කර ගන්න පුලුවන්නම් සමස්ත ජනතාවටම බදු සහන යටතේ අවරුදු 10-15 ක් කන්න,අදින්න,ඉන්න නවසක් දෙන්න පුළුවනි.(හේ)
කලින් ආණ්ඩුවෙන් රට ගිය අයට දෙනවා කියපු වාහන පර්ම්ට් එක අපිට ලැබෙන්නේ කවදද? (නදී)
හොද වැඩක්. රටේ පාලකයන් මේ ඉල්ලීම් ඉටුකරදෙන්න ඕනේ. රටට ඕන විදේශ විනිමය හොයල දෙන්නේ පිටරට වැඩකරන ශ්‍රමිකයන්. නමුත් ප්‍රශ්න විසදලා දෙන්නේ නැහැ. (නදී)
වසර 22 ක් නාවික හමුදාවේ සේවය කරලා, දැන් වසර 8ක් විදෙස් සේවයේ. එදා අපිට කිවුවේ රණවිරුවෝ කියලා. අද අපිට කියන්නේ රටවිරුවෝ කියලා. ඒත් අඩුම තරමින් අපිට බදුරහිත වාහනයක්වත් ගෙන්වාගන්න අවස්ථාවක්වත් දෙනවද? (නි)
විදේශගත අපි නීත්‍යානුකුලව, බැංකු මාර්ගයෙන් රටට එවූ මුදල් පිළිබඳ ලිඛිත සාක්ෂි අප ළඟ ඇත. මේවා පදනම් කරගෙන අපට විශ්‍රාම වැටුපක් ගණනය කිරීමට හා ගෙවීමට රජයට හැකියාව තිබේ. අපිටත් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකමක් තිබුනා නම් දේශපාලයින් අප ගැනත් සැළකිළිමත් වේවි. (නි)
තිලක්, ඔබ ඩුබායි වල තවමත් මොකද කරන්නේ? එන්න ලංකාවට (නි)
විදේශ විනිමය හොයන්න ගිහින් කීදෙනෙක් ජීවිතයෙන් සමුගත්තද? ඒ අයගේ අසරණ පවුල් වලට මොන රජයද සහන සැළසුවේ? මේ කරන දෙය සාර්ථක වේවි! (නි)
අපිත් ඔබ සමඟයි (නි)
ගසාකෑවා යැයි කියූ ධනස්කන්ධය, සුදු අශ්වයෝ, හෙලිකොප්ටර්, ලැම්බෝගිනි ආදිය ගැන තවම හෝඩුවාවක්වත් නැති හැටියක් හැබෑට? (නි)
මේ සංවිධානයේ දුරකතන අංකය දැනගන්න විදියක් නැද්ද අපිට? (නි)
රට ගෙනියන්නේ අපේ සල්ලි වලින්. අපි අවුරුදු 10 සල්ලි එව්වත් අපිට ගෙයක් හදාගන්න ණය මුදලක්,විශ්‍රාම වැටුපක්,වාහනයක් ගන්න සහනයක් කිසිම රජයකින් සළසා නැහැ. ඒ වුණාට අවුරුදු දෙකෙන් තුනෙන් බිලියන ගණන් හම්බකළ ජනාධිපතිවරු,මැති ඇමතිවරු 99% අපේ රටේ ඉන්නවා. මේ යහපාලනය යටතේවත් අපිට සහනයක් ලැබේවා! (නි)
අනිවාර්යයෙන්ම මේ ගැන සළකා බලන්න ඕනෑ. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ ශ්‍රමිකයන් එවන මුදල්ය. (නි)
විකාර වැඩ කරන්න එපා. පිටරට වැඩකර ඒ සල්ලි ආණ්ඩුවට දුන්නාද? නැත්නම් රට රස්සාවට ගියේ ආණ්ඩුවේ උවමනාවකටද? විශ්‍රාම වැටුප් ලංකාවේ හැමෝටම දෙන්න ගියොත් කොහෙන්ද සල්ලි? (නි)
හොඳ වැඩක්. අපෙන් සුබ පැතුම්! අඩුගණනේ අපිට ණයක්වත් ගන්න විදියක් හැදුවා නම් ගොඩක් හොඳයි (නි)
මේ අදහස් වලින්ම පෙනෙනවා මෙතන බරපතල ප්‍රශ්නයක් ඇති තැනක් බව. ඇත්තටම රටවිරුවෝ කිය කියා උදම් ඇනුවට වැඩක් නැහැ. මොවුන්ට සහන සැළසිය යුතුමයි. අපේ රටේ හුඟක් දෙනා හිතන්නේ රටගියා කියන්නේ නිකන් සල්ලි ගස් වලින් කඩනවා වගේ ලැබෙනවා කියලා. ඒක එහෙම නැහැ. (නි)
ලාංකිකයන් ගෙවන බදු මුදලකින් මේ අයට විශ්‍රාම වැටුප් ගෙවියයුතු නැහැ. ඒ අය ගෙවන මුදලින් විශ්‍රාම ක්‍රමයක් සැකසිය යුතුය. (නි)
ධම්ම, ඔබ වගේ කෙනෙකුට කියන්න දෙයක් නැහැ මට (නි)
විශ්‍රාම වැටුපක් ලබාදීම, තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව, බදුරහිත වාහනයක් ගෙන්වා ගැනීම, බැංකුවකින් ණය ගැනීම යන මේවා මැතිවරණ පොරොන්දු පමණද ? . රටට විදේශ විනිමය ගෙනඑන ලාංකිකයන්ට අවශ්‍ය කිසිදු පහසුකමක් නැත. රටවිරුවෝ සංවිධානයට අපගේ සුබපැතුම්. (නි)
මම සිතනවා වඩා හොඳයි විදේශ ශ්‍රමිකයන් එවන මුදලේ වටිනාකමට යම් ප්‍රතිශතයක් රජය ගෙවනවා නම් (නදී)
සමීර, ඔබ වැරදියි. විශ්‍රාම වැටුප් ගෙවන්නේ කාගෙවත් බදු මුදලකින් නෙමෙයි. මාසිකව ඔවුන් යම්කිසි මුදලක් විශ්‍රාම වැටුප වෙනුවෙන් රජයට ගෙවිය යුතුයි. අදටත් අනෙක් රස්සාවල අයගෙනුත් කපාගන්නවනේ ඒ වෙනුවෙන් ගානක්. ඒ විදියට තමයි මෙයත් කෙරෙන්නේ. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහත්තුරු මොකද කියන්නේ? (නදී)
මට රට රැකියාවක් ලැබුනා යාලුවෙකුගේ මර්ගයෙන්. බියුරෝ ගෙවන්නයි ටිකට් එක ගන්නයි මට මුදල් නෑ. මම ගියා වි.සේ.නි.කාර්‍යංශයට මහජන බැංකුවෙන් නය මුදලක් ගන්න. සුභසාධන අංශයේ විෂය භාර නිලධාරිනිය ඇවිදින්න ගිහිල්ලා. මගේ බලවත් ඇවිටිල්ල නිසා යාබද මේසයේ සිටිය නිලධාරිනිය ඇගේ ජංගම දුරකතනය සම්බන්ධ කරලා දුන්නා." මොකක්ද ප්‍රශ්නේ " ඇය මගෙන් ඇසුවා මම විස්තරය කියපුවහම "මහජන බැංකුවෙන් නයගන්න බෑ ද පිනෑන්ස් ආයතනයට යන්න " කිව්වා. මම එම ආයතනයට ගියා ඇප කාරයෝ දෙන්නෙක් ගේන්න කිව්වා. දැන් මාස තුනක් තිස්සේ වීසා එක අතේ තියාගන ඇප කාරයෝ සොයනවා.(නදී)
අවරුදු 5ක් සම්පුර්ණ උනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් දෙනවා නම් ලංකාවේ ප්‍රදාන විදේශ විනිමයක් සොයා දෙන අපට විශ්‍රාම වැටුපක් දෙන්න බැරිද. (නදී)
මේ විතරක් නෙමෙයි අපෙන් විදේශ සේවා එක අය කරන මුදලට අපට එයින් සේවයක් ලැබෙන්නේ නැහැ. ගුවන්තොටුපොළේදී පාස් පෝට් චෙක් කරලා අය කරගන්නවා. අපෙන් සල්ලි ගත්තට කමක් නැහැ එහි ප්‍රතිලාබ අපිට ලැබෙනවා නම් (නදී)
අවරුදු 5 ක් සම්පුර්ණ උනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් දෙන එක නම් වැරදියි කියලයි හිතෙන්නේ ඇත්තටම. සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුපක් ගන්න අවුරුදු 25 ක් වත් සේවය කරන්න ඕනේ කියලා නීති තියෙනවා නේද? ඒ ගෙවන්නෙත් ටික ටික වැටුපෙන් කපාගත් මුදල් උපයෝගි කරගෙන නේද? අවරුදු 5 න් මහ ගානක් කපා ගන්නත් බැහැ. හැබැයි ජිවිත කාලෙටම විශ්‍රාම වැටුපක් ගෙවනවා. මෙය වැරදියි (නදී)
වසර ගණනාවක් තිස්සේ මේ විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන කතා කරනවා. තව වසර කීපයක් මේ ගැන කතා කරයිද? කියල දන්නේ නැහැ. කොහොම නමුත් මැද පෙරදිග ඇතුළු අනෙකුත් විදේශ ගත ශ්‍රමිකයන්ටත් කිසියම් සාධාරණත්වයක් ඉටුවිය යුතු බව පෙනී යන කරුණක්.(නදී)
අපි ඇස් දෙකටම මාධ්‍යයෙන් දැක්කනේ අර ගබ්සා සිද්ධිය වෙලේ කාර්‍යංශයේ වගකිව යුතු නිලධාරින් හැසිරුනු ආකාරය. තව කවර කතාද ඉතිං අනිල්. ඒත් ඒ ගබ්සාව කරපු ළමයිට සාදාරණයක් ඉටු උනේ නැහැ නේද ? (නදී)
මොවුන්ට අනිවාර්යෙන්ම විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටප අහෝසි කර මෙය ක්‍රියාත්මක කරන්න (නදී)
රට රැකියා කල අයට කලකට ඉහතදී මෝටර් රථයක් ගෙන්වා ගැනීමට බල පත්‍රයක් දුන්නා. නමුත් එය පසුව නැති කලා. මේ අය විදේශ විනිමය උපයන අය නිසා එම කපා හැරීම ඉතාමත් අසාධාරණයි. රට ඇතුලත රැකියා කරන අයට, දේශ පාලකයන්ට මේ බල පත්‍ර දෙනවා. එම නිසා නැවතත් එම බල පත්‍ර ක්‍රමයත් ක්‍රියාවට නැංවුවොත් ඉතාමත් හොඳයි. (ර)
විදේශගත අප නිත්‍යානුකුලව රටට එවන විදේශ විනිමයෙන් පිරෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයයි. රටේ ආයෝජන හා වියදම් වලට යොදන්නේ එම මුදලුයි. ඒ නිසා අප අමුතුවෙන් මුදලක් විශ්‍රාම වැටුප සඳහා තැන්පත් කල යුතුයයි මා සිතන්නේ නැහැ. විශ්‍රාම වැටුප අපේ අයිතියක්. (ර)
රට යන අපේ ශ්‍රමිකයන් ගැන රජය වැඩි යමක් සිදු කළ යුතුයි.(හේ)
රට ගිය අපිට ඊපිඑෆ්/ ඊපටිඑෆ් නැහැ. මේක අනිවාර්යෙන්ම කලයුතු දෙයක්. (ර)
වංචා දුෂණ රටෙන් සදහටම තුරන් කලානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙකුට විශ්‍රාම වැටුපක් අනුමත කිරීම සාදාරනයි. ඒ වගේම විදේශ විනිමය රටට ලබාදෙන මෙවැනි පුරවැසියන්ටත් සාධාරයක් ඉටුවිය යුතුයි නේද.? (ර)
පිටරටවල් වල ඇවිත් විදින දුක දන්නා අපි විතරයි (හේ)
අපේ දුක අලුත් ඇමතිතුමියට පෙනේවා. (හේ)
මිනිසුනේ "රට විරුවෝ" යනු මෑතකදී උපන් දේශපාලන වචනයක් පමණි. ඔබලාගේ ශ්‍රමය කවදාවත් කිසිම ආණ්ඩුවක් මනිනු නැත.(දිල්)
විදේශ සේවා කාර්යාලයට මම වන්දි ඉල්ලුම් පත්‍රයක් දීලා දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. ටෙලිෆෝන් කර රුපියල් 5000ක් විතර අපතේ ගියා. ලැබුණු දෙයක්නම් නැහැ. මේකත් හරියට නරිය එළුවා පස්සේ ගියාවාගේ වැඩක් .(හේ)