‘‘සමහරු මට චෝදනා කරනවා මිනිහ පණ මදි නිසා නායකත්ව ලක්ෂණ නෑ කියනවා. ඇයි මෙහෙම කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය හදපු කාලේ ඉදලා ඇතිවෙච්ච සංස්කෘතියක් ජනතාවගේ හදවතට ඇතුළු වෙලා තියෙනවා. දැකලා තියෙන්නේ සෙනග පිරිවරාගෙන බලය භාවිතා කරන නායකයන්. මේ රටේ ජනතාව මාව පත්කර ගත්තේ මේ තනතුරේ වැජබෙන්න නෙවෙයි. සමහරු බුක්ති වින්දේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය
දින සියයට මොනවද කළේ කියලා අහනවා. පෝස්ටරුත් ගහල තියෙනවා දින සියය විවේචනය කරමින් මම ජනතාවට දුන් පොරොන්දුව අබ පියල්ලකින්වත් කඩන්නේ නැහැ කියා මම කියනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම ඉල්ලනවා රටේ ජනතාව වෙනුවෙන් මානවහිතවාදය වෙනුවෙන් 19 වැනි ව්‍යවස්ථාවට අත උස්සන්න කියා. “
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද සවස විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිරි පළාත් නියෝජිතයන්ගේ හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේවා ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා මම නම් මොකුත්ම කියන්නෙ නැහැ (නි)
අපේ රට විනාශ කරන්න ඉන්නා බලවේග හඳුනාගෙන ඇතැයි සිතමි (නි)
මේකට අත ඉස්සුවොත් ශ්‍රිලනිපෙ අවසානෙ තමයි (ස)
ජනතාව ඔබට පාඩමක් උගන්වන දවස ලඟදීම (ස)
නායකත්ව ලක්ෂණ කියන්නේ ජනාධිපති බලතල පාවිච්චි කරන එක නෙමේ.කොන්ද කෙලින් තියන් හිටගන්න පුළුවන් කමත් නායකත්වයේ ලක්ෂණයක් හිටන්.කැමරන් ලඟදි කෙලින් ඉන්න විධායක බලතල නෙමේ වැදගත්.පෞරුෂය ..එක තියේද කිව්වනම් හිටන්. (ස)
ඇත්තටම මෙයා පන මදි එම නිසා බලතල අගමැතිට පවරන්න යන්නේ (ස)
මොනා උනත් කමක් නෑ,රැජින මේස් එක ගලවල අත දුන්නනේ හිටං (ස)
සමහරු එක එක නම් වලින් ඇවිල්ලා අදහස් දානවා වගෙයි? වැඩේ කැතයි හොඳේ.... (නි)
ඕක පාස්වූනොත් ස්වබාවධර්මයා බොරුවෙනවා (අ)
නායකයෙකු සතුවිය යුතු ගුණාංග මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිවම දේශනාකර තිබෙනවා.පුද්ගලයෙක් වසලයෙකු වන්නේ උපතින් නොව කරන ක්‍රියාවෙන් බවයි බුද්ධ භාෂිතය පවසන්නේ (නි)
මේකට උඩින් තිබෙන සමහර ප්‍රතිචාර දැක්කහම හිතෙනවා මොන තරම් මෝඩ මිනිසුන් සමඟද අපි ජීවත්වෙන්නේ කියලා. (නි)
අඩුමසින් අංගවිකල දරු උපත - වියහැක ඉක්මන් විපත (නි)