
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් එතුමාගේ වැඩපි ළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ.
මෙහිදී ජනාධිපතිවරයා පැවැසූයේ රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය බාරගන්නා ලෙස ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි කළ ආරාධනය ද කෘතවේදීව සිහිපත් කළ යුතු බවයි.
මෙවැනි අර්බුදයකට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රණයක් ලබාගත් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
අසාධාරණ ඉල්ලීම් මත පදනම්ව ගුරු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පිරිහෙන්න තවත් එක හේතුවක් .සංඝ සභාවල් දේශපාලනීකරණය වෙච්ච එක
පිස්සුද නැත්නම් හැටිද ?
ඔව් ඔව් අවුරදු 50ක් විතර පාර්ලිමේන්තුවේ හිටිය රනිල් දැන් රට සැහෙන්න ඉදිරියට ගෙනල්ල තියෙන්නේ , ගෙවන්න තියන ණය කන්දරාවම බිලියන් 100 පැනල
පිනට දෙන දෙ කාලා හිටියනම්
අවසරයි නා හිමියනි.. මට ඇහුන් නෑ. රටට මෙච්චර විවින්නැහියක් කරලත් රනිල් තමයි පොර කියන්නේ ..
ඇත්ත මම හිතුවේ එය කළ හැක්කේ රාජපක්ෂලාට පමණයි කියලා නේ
අම්මෝ... පළතුරු වට්ටියේ ලොකු
යාළුවත් එක්ක එකතුවෙලා මහ බැංකුවට කෙලපු කෙලිල්ලෙන්ම ඔප්පු කරලා හමාරයි.
හාමුදුරුවෝ මුට බයේ ඔහොම කිව්වේ.? උන්වහන්සේට අමතක නැහැ මහබැංකුව කඩපු , මිනීමරු , බටලන්දේ වධකයයි මේ තමන් ඉදිරියේ සිටින්නේ කියලා.
ලස්සන තටු තියෙන කෘමියෙක්ද?
මහින්ද නැතිව බෑ කිව්වා වගේ කතාවක්...
පපඩම් ගත්තාද? බලාගෙන ඉස්මුරුත්තාවට එයි. ලැජ්ජයි...!
නොදකින්... නිකන් ලැබෙන දේට කහින මෙහෙමත් මිනිස්සු...
චීවරය දේශපාලනයට පිවිසීම සහ ආවැඩුම රටට වූ විශාලතම ව්‍යසනයයි... අගමැතිවරයකු මරණය දක්වාම ගිය තත්ත්වය සහ කිසිවක්ම බැරි අයෙක් පුම්බල ජනපති කෙනෙක් කර කල අපරාධය මතකනේද ?
අටපිරිකරක් අරන් ආවොත් ප්රභාකරන්ට වුණත් ආශිර්වාද කරලා හොඳම පොර කියලා කියාවි මේ උන්දැලා...!
මොනවා හම්බවුණාද දන්නෑ...?
කරුණාකර ඔබ වහන්සේගේ තත්වය තියාගෙන ඉන්න...
මේ හාමුදුරුවෝ පිටරට වෙන්න ඇති වාසය කරන්නේ... රනිල් කවුද කියලා මුලු ලන්කාවම දන්නවා.. කොන්ද පණ නැහැ කියලා පොඩි අයත් දන්නවා. නඩේව ආරක්ෂා කරන්නේ මේ හොරා කියලා වැඩි හිටියොත් දන්නවා... මහා නිකායේ හාමුදුරුවොත් කියන්නේ රට බාරදීලා රනිල්ට යන්න කියලා..
හාමුදුරුවන්ට මොනවයින් අඩුවක්ද? කොහොම කියන්ඩ බැරිද? හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මහ ජනතාවට. ඒවා නොපෙනෙන එකයි පුදුමේ?
රනිල් කියන්නේ ආර්තිකය බන්කොලොත් කරන්න දායක වෙච්චි කෙනෙක්. මහ බැන්කු හොරා කියලා කියන්නේ නිකම්ද. ඡන්දේ කිට්ටු වෙනකොට, හාමුදුරුවන්ට ලැබෙන තුටුපඬුරු වලට මොනවා කියන්න බැරිද?