ජනවාරි අට වැනි දා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවා රට නැවත පිටුපසට ගෙන යෑමට උත්සහ කරන කල්ලියක් ආණ්ඩුව තුළම සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (28) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි පවසන අමාත්‍යවරුන් පිරිසක් එසේ කටයුතු කරන බව කනගාටුවෙන් වුවත් කිව යුතු බව ද ඇමැතිවරයා කීවේය. එම පිරිස 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි පිරිසක් බවත්, ඔවුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වෙමින් ඔහුට වැරැදි උපදෙස් දෙන බවත් මනෝ ගනේෂන් මහතා කීවේය.
ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකමුතු කර ජාතික ප්‍රශ්නය විසඳීමට යැයි ද අවශ්‍ය වුවහොත් මන්ත්‍රීවරුන් ගෙන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කොළඹ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල හිතන් ඉන්නේ දැන් රට ඉස්සරහට යනව කියලද බොලේ. (බ)
ඇම්බැට්ටයෝ මොනවා කීවත් රජ මොළය පාවිච්චි කරලා තීරණ ගන්න ඕනෑ. නැත්නම් මොකටද රජෙක් ? (බ)
අනේ පවු නේද? (නි)
හලෝ ජනවාරි 8 වෙනිදා ඕගොල්ලෝ කළේ ත්‍රස්ත වාදය පරදා ඉදිරියට ගිය රට අංශක 180 හරවා ඉදිරියට යාමයි. මේගොල්ල කොරන්න හදන්නේ නැවත 180 හරවා ඉදිරියට යන්නයි හැබැයි එතකොට ඉඩම් හා පොලිස් බලතල ලැබෙන්නේ නැත. (බ)
මුන්ට දෙන්න උත්තර නෑ අපිට (බ)
පැණි වරක ගහට හෙන ගහල. මුන් ඔක්කොම රට කෑවා. (බ)
අපිට දැන් කතා අහලා ඇතිවෙලා (නි)