අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
රටක් අරාජික වන විට ඒකාධිපතීත්වයට අතවනන නමුත් ඒකාධිපති පාලකයෙක් හදපු රටක් ලොවේ කොතනකවත් නැති බවත්, කුඩු ව්‍යාපාරයේ යෙදෙන දේශපාලනඥයන් කිලෝ ගණනින් කුඩු ගෙනෙමින් නිදැල්ලේ සිටිය දී ග්‍රෑම් දෙක තුනක් කුඩු ළඟ තබාගත් පුද්ගලයන් එල්ලා මරා ලංකාවේ කුඩු මාෆියාව නැවැත්වීමට තීරණය කිරිම විහිළුවකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඌරුබොක්ක නගරයේ දී පැවසීය.
‘‘රටරකින රටහදන ජනතාවාදී පාලනයක්- ජනහමු දස දහසක්’’ වැඩ සටහනේ පළමුවැන්න ඌරුබොක්ක සණස ශ්රවනාගරයේ පවත්වමින් තවදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීවේය.
‘‘ඉස්සර මේ රටට මත්ද්‍රව්‍ය ගෙනාවේ ටික් බෝලයක් තරම් ගුලි දෙක තුනක් ගිලලා එයා පෝර්ට් එකෙන් එළියට ඇවිත් වස්ති කරලා ඒවා එළියට අරගත්ත ක්‍රම වලින්. අද එන්නේ කන්ටේනර් පිටින්. එදා වගේ නෙවෙයි අද මේ මත්කුඩු ජවාරාමට මැති ඇමතිවරුත් සම්බන්ධයි.
පසුගිය පාලන සමයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ නිමල් ලංසා කියන නියෝජ්‍ය ඇමැතිවරයාගේ නිවස එස්ටීඑෆ් එකෙන් වැටලූව. මහින්ද මහත්තයා හෙළිකොප්ටර් එකෙන් ඒ ගෙදරට ඇවිත් වැටලීමට බාධා කරලා නිමල් ලංසා ආරක්ෂා කළා. මීගමුව පැත්තේ අය ඔහුට කියන්නේ කුඩු ලංසා කියලා. එදා මහින්දගෙන් රැකවරණ අරගෙන අද රනිල් මෛත්‍රීගේ රැකවරණ ලබලා ආය මහින්ද ළඟට ගිහින්.
පහුගිය ඡන්ද කාලේ නුවරඑළියේ දී ජනපති ඉන්න වේදිකාවකදී එස්.බී. ඇමැති ප්‍රසිද්ධියේ කිව්වා නුවරඑළියට කුඩු ගේන්නේ දිගම්බරම් ඇමැති කියලා. කුඩු ජාවාරම පිටු පස්සේ ඉන්නේ දේශපාලනඥයෝ කියන එක ඉතාම පැහැදිලියි. දරුවන්ගේ රටේ අනාගතය ගැන නොසිතන කොහොම හරි මුදල් හොයන්න පෙළෙඹෙන නරුම දේශපාලනඥයෝ ටිකක් අපේ රටේ ඉන්නේ.
බන්ධනාගාරයේ දඬවම් විඳිමින් කුඩු බිස්නස් කරන මරණ දඬුවම නියමවුවන්ට මරණ දඬුවම දෙනවා කියලා ජනපති මෛත්‍රී කියනවා. බන්ධනාගාරයේ දඬුවම් විඳන අයට එහි ඉඳගෙන බිස්නස් කරන්න පුළුවන් ද?
කුඩු විතරක් නෙවෙයි පාතාලයේ අයත් දේශපාලනඥයින්ගේ රැකවරණ යටතේ හොඳින් ඉන්නවා. කඩුවෙල වසන්ත කාලයක් හිටියේ පවිත්‍රා ළඟ. ජූලම්පිටියේ අමරෙ හිටියේ මහින්ද ගාවා. මං ගාවා ඡායාරූපයක් ඇති. නාමල් රාජපක්ෂ වේදිකාවේ කතා කරනවා, අර අපේ වේදිකාවට වෙඩි තියා දෙන්නෙක් ඝාතනය කළ ජූලම්පිටියේ අමරේ අත්දෙක බැඳගෙන නාමල්ට ගාඩ් එක දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද හලෝ එකතාව? රට ආරාජික උනානම එකාධිපතියෝ ඉල්ලුවාට අපි ඉල්ලන්නේ ඍජු තීරණ ගන්න පුළුවන් මඩේ සිටවූ ඉන්න වගේ හැම පැත්තටම වැනෙන්නේ නැති රාජ්‍ය නායකයෙක්. කොන්දක් නැති දේශපාලකයෙක් නොවෙයි. ඒ තැනැත්තාට විවිධ පුද්ගලයෝ විවිධ නම් දාවි. සමහරු කියාවි හිට්ලර් කියල තවකෙනෙක් කියාවි ස්ටාලින් හෝ මුසලෝනි කියල. එහෙම ඔබලාගේ අර්ථදැක්වීමට අනුව ඒකාධිපතියෙක් නොතෙරුවොත් නැවත රට දෙන්න වෙන්නේ රට ආරාජික කරපු එකෙකුට නේද? ඔබලාට අයිති දැන් ඉන්න තැනම තමයි. අපිසොයන ඒකාදිපතියා අපි අතරේ ඉන්නවා 2020 දී අපි එයාව රටේ පාලනයට ගෙනෙනවා.
අනුර කුමාර දිසානායක ඔයා අහලා නැද්ද ඒකාධිපතියෝ හදපු රටවල්? කියුබාව, සිංගප්පූරුව චීනය මේ ඔක්කොම එකාධිපති පාලනවලින් තමා දියුණුවුනේ.
එංගලන්තෙ අද තියෙන්නෙ ඒකාධිපතිව රටවල් යටත් කරගෙන කාපු නිසා..ප්‍රංශ අතිතයත් එහෙමයි...ඉරාකය හැදුනෙ සදාමි නිසා...ලිබියාව ගඩාපි නිසා...ජර්මනියෙ තියෙන තාක්ෂණ දියුණුව හිටිලර් නිසා.... චීනය මාවො නිසා..රැසියාව ලෙනින්, පුටින් නිසා.....ඇමෙරිකාවත් අදටත් ඒකාධිපතියි........තව කියන්නද...?
ජවිපෙ අය වැඩ බැරි උන්ට ඡන්දෙ දනේනෑ කියලා බලයට ගෙනල්ලා දැන් එකාධිපතියෙ ඉල්ලනව කියල දැන් වැරැද්ද ජනතාව පිට දමනවා.
ඒකාධිපති පාලකයෙක් හදපු ලොවේ රටවල් කීපයක් ඩුබායි, කටාර්, සිංගප්පුරුව, උතුරු කොරියාව, චීනය, අසර්බයිජාන්, තායිලන්තය ....මේ හැම රටකම ආර්ථිකය අපිට වඩා ශක්තිමත්. සමහර රටවල් අද ලෝකේ දියුණුම රටවල්..දැන් මිනිස්සුන්ට බොරු කියන්න බැහැ. දැන් මිනිස්සු ඔබ හිතනවට වඩා උගත්.
මේ රට අරාජික කලේ ඔයාලම තමයි.
අපිට කියන්න එපා ඕවා. රැස්වීම් වල ඕවා කියකියා කෑ ගහන්නේ නැතුව ඔබතුමාලා ගෙනාපු යහපාලන ජනාධිපතිට කියන්න. 2015 ඔබතුමාලා කියපු දේ අහලා තමයි ජනතාව මහින්ද මහත්තයව යවලා එතුමාව පත්කර ගත්තේ. ඉතින් දැන් ජනතාවට ඕනෑ වැඩ වෙන්නයි. නැතුව අපි පාර්ලිමේන්තු ගිහින් කුඩු කාරයෝ අල්ලන්නද? බොරු සද්ද නැතුව වැඩ කරලා පෙන්නන්න.
ඇත්තටම විජෙවීර මහතා ගිය මගද මෙයා යන්නෙ, නෑ. විජෙවීර මහතාට අවසාන ගෙනා පක්ෂයටක් මෙයා සතුටු කරනවා, පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගන්නවා. මේ පක්ෂයට අලුත් නායකයකු අවශ්‍ය කාලයයි මේ. ලාල් කාන්ත මහත්තයො ඔබට වැටහෙනව නේද, පක්ෂයට ඔබේ නායකකම ඕන. විජේවීර මග යන්න.
අනිත් රටවල ඒකාධිපතියෝ හිටියට ලංකාවේ කොන්ද පණ තියෙන ඒකාධිපතියෙක් හදන එක අමාරු වැඩක්. ඒකාධිපතියෙක් වෙන්න විශ්වාසවන්ත මිනිස්සු ලඟින්ම ඉන්න ඕනෑ. ලංකාවේ ලඟින්ම ඉන්න කෙනා තමයි බෙල්ල කපන්නේ... එ්ක නිසා තිත්ත ඇත්ත තමයි ලංකාව පාලනය කරන්න ඒකාධිපතියෙක්ට බෑ. දුක තමයි ලංකාව දැන් තියන තත්වයෙන් ගොඩ දාන්න ඒකාධිපතියෙක්ටවත් බෑ.
මේ ආණ්ඩුවට කඩේ ගිහින් බලයට ගෙනාවේ මෙයාලා නොවේද? රෝහණ විජේවීර සහෝදරයා එදා දෙසැරයක් කරපු විප්ලව දෙක කරලා බැරි වෙලාවත් බලයට ආවානම් කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝ වගේ ඒකාධිපතියෙක් වෙන්නේ නැද්ද? අනුර කුමාර බොරුවට ජනතාව රවට්ටන්න යන එනමන් නැතුව කෑගහනවා. මම හිතන්නේ මේයා දැන් උපදෙස් ගන්නේ පුංචි අම්මගෙන් වෙන්න ඕනෑ.
අපගේ දේශපාලන ඇවතුම් පැවතුම්, ගිරිය කඩාගෙන ලේ කුපිත කරගෙන දේශානුරාගය ඔප්පු කරන්නට දඟලන වංචනික දේශපාලකයින්ගේ රැවටිලි බස්වලින් හිරිවැටි ඇත. එවිට ' බළලා මැටියෙන් ඇඹුවත් කමක් නැත' යන හීනමානයෙන් හිට්ලර් මුසෝලනි සරණ යාමට පෙළඹෙති. වසර 2500 කට වැඩි රාජාණ්ඩු පාලනයක් අත්විඳි කොදෙව්වන් වූ අපි ජානමය වශයෙන් ඒකාධිපතියන් ප්‍රිය කරමු. කුරිරු දේශපාලනයේ ස්වාභාවය ප්‍රථම වරට අනාවරණය කල මකියවෙලිගේ නවීන චින්තනයද අපි වැරදියට කියවමින් සිටින්නෙමු. අනුර දිසානායක සහෝදරයා ඉතා නිවැරිදිව ප්‍රකාශ කල අයුරු ඒකාධිපතියන් ගොඩ නැගු රටක් නැත. ඒකාධිපතියන් යටතේ තිබු කියුබාව, චීනය සමාජවාදීන් දිනා ගත්තා මිස නායකයින් ඒකාධිපතියන් වුයේ නැත. ජාත්‍යන්තර දේශපාලනය මුහුණ බලන කන්නාඩියකට අල්වා බලන්නන්ගේ විකෘති දැකීමක් මෙම සංවාදයේ කියවෙයි. අපේ පරම්පරාවේ විශිෂ්ට සොයාගැනීම නම් මිනිසකුට ස්වකිය ආකල්ප වෙනස් කරගැනීම මගින් තම රට නිවැරදි මාවතකට පිළිගත කරගත හැකිය යන්නයි. සිතන්න මහත්වරුනි, .
කළණි, අපි ඉල්ලන්නේ ඍජු තීරණ ගන්න පුළුවන්, මඩේ සිටවූ ඉන්න වගේ හැම පැත්තටම වැනෙන්නේ නැති රාජ්‍ය නායකයෙක්. එ්ක වැරදිද? ඉතින් ඒ ඉල්ලන කෙනාට විවිධ පුද්ගලයෝ විවිධ නම් දානවා. සමහරු කියනවා හිට්ලර් කියලා තවකෙනෙක් කියනවා ස්ටාලින් හෝ මුසලෝනි කියලා අනුර කුමාර කියනවා ඒකාධිපති කියලා. කවුරු මොන නම්වලින් කීවත් ඍජු තීරණ ගන්න පුළුවන් හැම පැත්තටම වැනෙන්නේ නැති රාජ්‍ය නායකයෙකුට අකමැතිද? කොටින්ම ප්රභාකරන් බේරගන්න පැමිණි ඇමරිකානුවන් ගුවන්තොටුපළේම හරවා යවපු අය ඍජු තීරණ ගන්න අය නොවෙයිද? ඉන්දියානු මහමැතිවරණයට කලින් යුද්ධය ඉවර කරන්න ටාගට් කර එසේ ඉවර කළ අය ඍජු තීරණ ගන්න පුළුවන් අය නොවෙයිද? මේ කරුණු පලකලේ මයිකල් රොබර්ට්ස්ගේ "2009දී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හදපු හැටි" කියන ලිපියේ. ඒ ලිපිත් කියවන්න.
කලනි ඔබේ අදහස් කියව්වම තේරෙනවා. ඔබට හොඳ කියවීමක් හා දැනුමක්, බුද්ධියක් තියනවා. තමන්ට නිතර අහලා පුරුදු රටවල්වලටයි එ්වගේ නායකයන්ටයි එ්කාධිපතියෝ කියන අය ඉද්දි ඔබේ අදහස සහරාවේ තිබෙන ක්ෂේම භූමියක් වගේ. මගේ අදහස දාන්න කල්පනා කරලා බලද්දි. මට දාන්න දෙයක් නෑ. ඔබ නිවැරදි
ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති මිනිස්සුන්ට හැමදාම අවශ්‍ය වෙන්නේ රජ කෙනෙක් වගේ ඒකාධිපතියෙක්. අපේ මිනිස්සු අවුරුදු දහස් ගණනක් රජ පරපුරට ආවඩපු අය නිසා ඒවා ජාන ගත වෙලයි තියෙන්නේ. ඒ නිසාම මිනිස්සු හැමදාම දේශපාලකයෝ ඉස්සරහ දනින් වැටිලා නමස්කාර කරනවා. මේ දීන මානසිකත්වය නැතිකර ගත්තේ නැත්නම් අපේ මතු පරම්පරාවත් අපිවගේම දනින් වැටෙයි.
බමුණු, ඔබ කියවීමෙන් පසු මම තේරුම් ගතිමි. මහා ඝන අන්ධකාරයකින් වැසුණු අහසෙහි ඇද ඇති කඹයක් මත ගමන් කරන්නෙක් මෙන් ඔබ හිස් අඳුරු අවකාශය ,ප්‍රවේසම් සඳහා අල්ලා ගැනීමට උත්සාහ කරමින් පිය ඔසවයි. ඔබ ගමන් කරන අඳුරු අවකාශය [දේශපාලනය ] තුළ සියල්ල අස්වාභාවිකය. හිස්ය. මිරිඟුවකි. අසත්‍යයකි. පතුල නොදකින අගාධයකි. යුද්ධය තුළ ඔබේ පක්ෂපාතිත්වය ගැන මම කිසිවක් නො ලියමි. රටක දේශපාලනයේ නොවිය යුතු එහෙත් සිදුවූ යුද්ධයේ දී ඍජු තීරණ ගැනීම [ ආරක්ෂක මණ්ඩලය සමඟ ] ජයග්‍රහණයට හේතු වූ බව පිළිගනිමි. එහෙත් පසු කාලය තුළ අල්ලස, මුදල් අව භාවිතය, හොරකම මැඩලීම සඳහා ගත් ඍජු තීරණ මොනවාද ? බිහිසුණු ණය උගුලක හිරකිරිම, දුෂණයෙන් අග තැන්පත් රාජ්‍යයක් සේ ලැයිස්තු ගතවීම, වඩාත් සැකෙවින් ගත්විට රට සෑම අංශයකින් ම රට පිරිහීයාම මැඩ පැවැත්වීම සඳහා ගත් ඍජු තීරණ මොනවාද? ජනතාව කෙරෙහි දක්වන අවධානය යහපත් පාලකයකුගේ සාධනීය ලක්ෂණයකි. යුධ ජයග්‍රහණය සතුටක් සේ විඳින ඔබ රට නොමඟට, අඳුරට ගිය බව නොදකින්නේද? සිතා බලන්න.
"ඒ නිසාම මිනිස්සු හැමදාම දේශපාලකයෝ ඉස්සරහ දනින් වැටිලා නමස්කාර කරනවා." එක තමයි ප්රජාතන්ත්රවාදී ගැතිකම. ඔබේ කතාව පරස්පර විරෝධී