
(නිමල කොඩිතුවක්කු)
“ජනාධිපති කවුදැයි තනතුරු වෙනුවෙන් පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වට මේස සාකච්ඡාවක් අවශ්‍ය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.
ඊළඟ ජනාධිපතිවරයා රාජිතද, සජිත්ද, පාඨලීද, අනුරද කියා ජනතාවට වැඩක් නැති බව මේ සියලු දෙනා තේරුම් ගත යුතු යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
හිසරදයට කොට්ටය මාරු කරනවා වෙනුවට දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක් ස්ථානයක සිට සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට විනාශකළ තම යහපත සඳහා පක්ෂ මාරුකළ මිනිසුන් සමග රට හැදීමට කුමන කථාද?
ඒ කියන්නේ හිතේ තියෙනවා..! මොකද මෙතෙක් කිසි කෙනෙක් රාජිතව ජනාධිපතිකමට නිකං මතක් කරලාවත් නැහැ...
2005 මහින්දට ඉංග්‍රීසි බැහැ කියලා 2006 ඇමැති කෙනෙක් වුණා වගේ ගේමක්ද මේකත්... ඔයා දැන් ගෙදරට වෙලා ඉන්න රටේ ඉතුරු ටිකත් කන්නේ නැතිව...
ඔව් ඔව් රටට හෙන හතම වැදුණාට කමක් නැහැ. පොරකන්නේ නැතිව පෝලිමේ ගිහින් ලොක්කා වෙමු. මෙහෙමත් මූසලයින් ටිකක්... මෙම අදහස් දියවන්නාව පට්ටියේ මොංගල් මන්ද බුද්ධිකයින් 226 වාචාල සංසදයේ ප්‍රධාන අනුශාසක වන "අරාජිතයාට" පුද්ගලිකව කියවීමට හැකිවේවා...!!!
කාලෝචිත යෝජනාවක්...! පීඩිත ජනතාව ගැන හිතන්න..! පළමුව තවදුරටත් රට විනාශ වෙන එක වළක්වන්න පියවර ගන්න..
ජනාධිපති කවුදැයි තනතුරු වෙනුවෙන් පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වටමේස සාකච්ඡා පවත්වා වර්තමාන දේශපාලනයේ සිටිනා පුද්ගලයන් නැවත පාර්ලිමේන්තුවට පත්කොට පවතින දුෂිත ක්‍රමවේදය ඉදිරියට ගෙනයාමට ජනතාව සූදානම් නැත. ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වුවද දක්ෂ, බුද්ධිමත් නවකයින් බහුතරයක් පාර්ලිමේන්තුවට පත්කර ලංකාවේ දේශපාලන දිශානතිය වෙනස් කිරීමට ජනතාව ඉදිරි මැතිවරණය පැමිණෙන තෙක් බලා්සිටියි. හිසරදයට කොට්ටය මාරු කරනවා මෙන් විපක්ෂය හෝ දූෂිත දේශපාලකයින් නැවත නැවතත් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සිදු නොවනු ඇත...
අප්පා... නියම මිනිහා කියන්නේ...!
මේ නැව් ගිලපු හොර දෙටුවෙක් කියන්නේ අසව්.. අසව්...!
දවසේ හොඳම විහිළුව...
මෙයා නැව් 8ක් ගත්තු කෙනෙක්... කතාව කපුහාමිලා වගේ...
කට්ටියට ටික ටික චතුරාර්ය සත්‍යය අවබෝධ වේගෙන එනවා වගේ...