ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවතත් දෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බව හිටපු ඇමැති හා සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මහතා අද (9) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඡන්දෙට එන එක හොඳ බවත් ඔහුට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යාමට සන්ධාන රජයක් බිහිවීම වැදගත් බවත් විජේසිංහ මහතා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපා ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට නිකන් පාර්ලිමේන්තු එන්න දෙන්න එපා දන්නා ඡන්දෙට . දිනලා එන්න කියන්න. පිංගුත්තර දේශපාලනය නවත්වන්න. (ස)
ලංකාවේ හිටිය වැඩිම කුඩුකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තු ගියේ එජාපයෙන් . එනිසා රට කන ජරාව රටට ගෙනාවේ එජාපය මුන්ව පන්නන්න මිනිස්සු ලෑස්ති වෙන්න .(ස)
පෙරලුනපිට හොඳයි කියනවාආ.....ඔහොම...... යාන්.....(බ)
මෙයාට තියෙන්නේ රනිල් එක්ක පෞද්ගලික තරහක්.. කැබිනට් ඇමතිධූරයක් නොදුන් නිසා... 2010 මෙයාට මේ මන්ත්‍රීකම හරි ජාතික ලැයිස්තුවෙන් දුන්නේ මෙයාගේ තාත්ත සෑම් විජේසිංහ මහත්මයට කරන ගෞරවයක් විදියටයි.. මෙයාගෙන් රටට වැඩක් නෑ. මීට හොඳයි සර්වෝදය නිර්මතෘ ආරියරත්න වගේ කෙනෙකුට ඒ ජාතික ලයිස්තු අවස්තාව දෙනවනම්..(බ)
මාවත් පත් කරන්න කරුණාකරලා (ම)
මොහු හොඳ උගතෙකි (නි)
අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි ඉතින් (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
දෙන්න එපා වහාම මිනිස්සු අතරට ග්‍රහලෝකාගාරයෙන් ගැහුවා මිලියන 200 (බ)
එපා දෙන්න මන්ත්‍රීකමක්. අපේ සල්ලි වලින් මෙයාලා සුවපහසු දිවියක් ගතකරනවා. අහිංසක අපි වෙනුවෙන් මොනවද කළේ? (නි)
ඒ වගේ උගතෙකුගෙන් වැඩගන්න රට වාසනාවන්ත නැහැ (නි)
ජාතික ලැයිස්තුවෙන් ඉල්ලලා හිඟාකන්න ඕන නෑනේ, මිනිස්සු ඉස්සරහට ඇවිත් චන්දෙ ඉල්ලලා දිනලා පෙන්නන්නකො. (ස)
උගත් මෝඩයෝ ඉන්න බැරිද ? (ස)
මේ මහත්තයත් ප්‍රතිපත්තියක් නැති තනතුරුලෝභී පුද්ගලයෙක්. (ස)
ඡන්දෙට ජනතාව ඉස්සරහට යන්නකෝ (නි)
පසුගිය පාර්ලිමේන්තුවේ සුළුතරයක් වූ උගතුන් අතර බැබලුණ මෙතුමාගේ ඉංග්‍රීසි වාග් චාතුර්යය තුළින් අපට උකහා ගත හැකි දේ බොහෝය.ඔබතුමාට මෙවරත් පාර්ලිමේන්තු ආසනයක් ලැබීමට හේතු වාසනා වේවා! (නි)
ඒ ඉල්ලීම සලකා බලන්න.(හේ)
පිනට පසුගිය පාර්ලිමේන්තුවේ හිටියට මොනවද රටට කළේ. (හේ)
ඒ ඉල්ලීම හරි නෑ නේද?(හේ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්! (නි)
රජීව කියන්නේ හොඳ කෙනෙක් බව අපි දන්නවා (නි)
සමහර කට්ටිය මොන පක්ෂයෙන් හරි ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට එන්න බලනවා.මහජන විශ්වාසයක් නැහැ.ගමේ බසින් කියනවා නම් පොළොවේ පයගහලා නැති කට්ටිය. (නි)
මහින්ද මෙදා සැරේවත් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ගියොත් හොඳයි (නි)
මේ රට ගොඩගත හැක්කේ එජාපයට පමණයි. අපේ රට දියුණු කරන්න නම් ඡන්ද අයිතිය අපොස උසස් පෙළවත් සමත් අයට පමණක් දියයුතුයි. අද හොරු ඡන්දේ ගන්නේ ගමේ අහිංසක නුගත් මිනිස්සු රවට්ටලා. අද මේ රටේ ඡන්ද දෙකට බෙදිලා තියෙන්නේ. (නි)
මෙලෙස එක්වෙන තවත් නාමයක් සාදරයෙන් පිළිගනිමු. (නි)
ඉතාම හොඳ, නිහතමානි මහත්මයෙක්. අපි ජයෙන් ජය පතනවා (ස)
රට බේරගන්න පක්ෂෙ පැත්තකට දාලා සංධානගතවෙලා ඡන්දේ ගන්නවා. ඊට පස්සේ පක්ෂෙ බේරගන්න කියලා අමාරුවෙන් පරාජය කල අයව නැවත ගෙන්න ගන්නවා. රටද? පක්ෂයද? රැකිය යුත්තේ? (ස)
එයාව ඡන්දෙ ඉල්ලන්න දාන්න.ජනතාව තීරණය ගනීවි (නි)
අනේ අපොයි බැහැ අබලං ලැයිස්තුවෙන් දාන්න කටිටියක්ම ඉන්නවා මර්වින් සිල්වා මැතිතුමා දුමින්ද සිල්වා මැතිතුමා සරන ගුණවර්ධන සචින් වාස් එහෙම දාන්න ඉන්නේ අබලං ලැයිස්තුවෙන්. එතකොට ජීඑල් වාසු සීයලා ටික මාලනි පබා වගේ අයත් අපි අබලං ලැයිස්තුවට දාන්න ඉන්නේ (ස)
දනුක ඔයා හරියටම හරි මුන් රොත්තම ගෙදර යවන්න නම් එජාපය ඉහළින්ම ජන්දය දිනවන්න ඕනේ. නැත්නම් සාමාන්‍ය පෙළවත් පාස් නැති කුඩු කාරයෝ හොරු ටික ආයිත් පාර්ලිමේන්තුවට යවන්න වෙනවා. ගම්මල මිනිස්සුන්ගේ නුගත් කමින් අහිංසක කමින් තමයි මේ රොත්තම පාර්ලිමේන්තුවට ගියේ. (ස)
අනේ! දැන් ජාතික ලැයිස්තුව මොකටද? (නි)