විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමැති රජිව් විජේසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට එකතු විය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමැති රජිව් විජේසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට එකතු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් නැගිය යුතු මුළු පඩි ගණන නොව හර්ද සාක්කියට අනුව තබන මුල් පියවර වේ.(ම)
මුන් ඔක්කොම හොරු අයතා විදියට විශ්ව විද්‍යාලයට සිසුවන් ඇතුල් කරපු ක්ෂණික වෙනුවෙන් පෙනීසිටීම යහපලනයද ? මේ මන්ද බුද්ධික මහාචාර්‍ය හොරු (ම)
මඩේ හිටවපු ඉන්න. (ස)
මොන පාලනේ ආවත් පුවක් ගහට නැග්ගත් දෙබලක් තියෙනවා වගේ දෙයක්. (ස)
පැනි වරකා ගෙඩියට හෙන ගසා ඇත .....(ස)
කොතැන හිටියත් වැඩක් කරන්න බැරි මොකක් හරි කොක්කක් පටලවා ගන්න මිනිස්සු ඉන්නවා. (ස)
යහපාලන ගැටළුවක් වගේ. (ස)
බොහොම ස්තුතියි. (ර)
කාටවත්ම වැඩක් නැහැ .ජන පදනමක් නැහැ මෙයාලට. (ර)
ලොකු දෙයක්. (ර)
දැන් කොහෙද විපක්ෂයක් තියෙන්නේ? (ර)
දේශපාලකයෙක් උනාම හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදියි කියන්නත් කොන්ද පන තිබිය යුතුය. ඒ අතින් ගත් කල රජීව් විජේසිංහගේ මෙම හැසිරීම අගය කලයුතුයි, තමන්ට ලැබෙන වරප්‍රසාද හා වරදාන නොතකා එතුමා පසුගිය ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනවන්න වැඩකල අතර වර්තමානයේදී මෙම ආණ්ඩුවේ වැරදි සහ අඩුපාඩු පිළිබදවද පෙන්වාදෙමින් කටයුතු කල අතර දැන් එයිනුත් ඔබ්බට ගොස් විපක්ෂයේ අසුන් ගැනීමට තරම් එතුමා එඩිතර වීම පැසසුම් කටයුතුයි. (ර)
මට හිතන විදියට ඔබ තුමා නිවරදි තීරනයක් ගෙන ඇත. ස්තුතියි! (ර)
මේකත් රඟ පෑමක්ද ? අපිට දැන් මේවා ඇතිවෙලා. (ර)
නියම යහපාලනය. (ර)
ලිපිලේඛන හදාවිද ? (ර)
හිටපු සැබෑ නායකයාව ඉවත් කරන්නනේ මේ හැමකෙනෙක්ම දැඟලුවේ. (ර)
මෙයා කවදාවත් ජන වරමක් තිබුන කෙනෙක්ද? (ර)
පාටට වඩා බුද්දියට ඉඩදී ගත් තීරණයක්. (ර)
ගියාට වඩා වේගයෙන් අපහු තේරිලා අවා. ඉදිරියට ඔක්කොටෝම තේරෙයි. (ර)
මාස දෙකට මෙහෙම ප්‍රශ්න නම් ටිකක්කල් යද්දී වෙන දේ හිතාගන්න තමයි වෙන්නේ (නි)
සමන්ති, දැන් ඉන්න සමහර අනෙක් අය ජනවරමක් තිබිලද තනතුරු හොබවන්නේ? (නි)
සත්‍යපාල, මේ රජීව් මහත්තයගේ වරප්‍රසාද නොතකන එක කියන්නේ එයා ඡන්දයක් දිනලා ඇවිල්ලා කියලා හිතාගෙනද? දැන් වැරදුනාම හිටපු පැත්තටම යනවා. (නි)
අනේ ඔන්න ඔහේ යන අය ගියාවේ! (නි)
දැන් දැන් අහන්න ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත් තමයි (නි)
අපිට ගොඩක් දේවල් ගැන හිතාගන්න පුළුවන් (නි)
අර කතාවක් කියන්නේ ගොඩක් සද්දෙට ගන්න මඟුල කටුගාන්න වෙනවා කියලා (නි)
ගිය එකමයි වැඩේ. ආපු දා ඉඳලා එක එක කතානේ! (නි)
අපිට අහලා තියෙන විදියට රතිඤ්ඤා සද්දය විතරයි වැඩ නැහැ කියන කතාව නම් ඔප්පුවෙන්න තියන්න එපා (නි)
අපිට කලින් තිබුණ පාලනය හොඳයි (නි)
අනේ! මම වගේ නම් දේශපාලනයෙන් සමුගන්නවා. මේ වගේ අයට කවුද දුන්නේ මේවැනි පත්වීම්? මට අපේ රට ගැන හරිම දුකයි. හොඳ මොළ තිබෙන,කරුණාවන්ත, උගත් මේ සේරම ලංකාව අත්හැරලා ඇමරිකාවට ඇවිල්ලා. අපේ රටට මොනයා වෙයිද? (නි)
"හරියට මේ මාරුවීම් ගෙදර යන ගමන්" වගෙයි. ගිය එකමයි හොඳ. (නි)
යහපාලනය අච්චාරුවක්. යහපාලනයක් ගැන කිසිදු දිනක දේශපාලනයේ නිරතව නොසිටි කණ්ඩායමක් පොරොන්දු දුන්නානම් ඒවා විශ්වාස කරන්න තිබුණා. ඒත් ජහපාලනයේ මෙකෙත් කල් යෙදී සිට එක්වරම යහපාලනයක් ගැන කථා කරන කොට මමනම් දැක්කා ඒ පෙර සේම බලයට එමට දුන් ඉටු නොවන පොරොන්දුවක් බව. (අ)
හිරිඹුරේගම නෝනා එක්ක මොකක්ද ඔච්චර තිබෙන ගනුදෙනුව? රටේ යහපත හිතනවා නම් යාළුකම් අමතක කරලා රට වෙනුවෙන් තීරණ ගන්න ඕනෑ. කබීර් හෂීම් ඇමතිතුමා හරි. (නි)
හිටපු ජනපති සහ අපි ඔබව සාදරයෙන් පිළිගනිමු. (නි)
යාලු වේවි, සණ්ඩු වේවි හරියට මොන්ටි සෝරි ළමයෙක් වගේ . (නදී)
ඔහුට මන්ත්‍රීකම දෙනකොට දෙවරක් හිතාබලන්න තිබුණා නේද කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති (නි)
කවුරු ගියත් අපිට කමක් නැහැ. අපි වෙනස් වෙන්නේ නැහැ (නි)
මට නම් හිතෙන්නේ කට්ටියටම වෙනස්වෙලා වගේ (නි)