රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේ සැප්තැම්බර් මස පෙරරිවාලන් හට සමාව ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රමාදය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ අධිකරණයට ලබා දී ඇති බලතල ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
1991 වසරේ රජීව් ගාන්ධි ඝාතනය වන අවස්ථාවේ අවුරුදු 19ක් වූ පෙරරිවාලන්, රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදා ගත් බෝම්බය සඳහා වෝල්ට් 9 බැටරි දෙකක් මිලදී ගත්තේ යැයි චෝදනා එල්ල වුවේය.
පෙරරිවාලන් හට ත්‍රස්තවාදය සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉන්දීය අධිකරණය මරණ දඬුවම නියම කළේය. වසරකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම අත්හිටවූ අතර 2014 වසරේදී එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට පරිවර්තනය කළේය.
2022 වසරේ මාර්තු 9 වෙනි දින පෙරරිවාලන් හට ඇප ලබා දුන්නේය. අද (18) වසර 31 කට පසු ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.
ඒ.ජී පෙරරිවාලන් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකික ජාතිකයන් වූ නලිනී සිරිහරන් සහ ඇගේ ස්වාමිපුරුෂයා මුරුගන් ඇතුළුව අනිකුත් වැරදිකරුවන් 6 දෙනාට ද නිදහස් වීමට මාර්ගය පෑදෙනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
(034)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස
Kule Wednesday, 18 May 2022 04:10 PM
කරනලද විනාශය වසර 31 ට සමකළ හැකිද?
fairoos Wednesday, 18 May 2022 04:52 PM
දැන්නම් කොටි නැගිටියි වගේ තමයි පේන්නේ...