(ඉන්දිකා රාමනායක)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියා කෝවිඩ් ආසාදියකු බවට තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
මෙම පුද්ගලයා දරුවාගේ පුද්ගලයික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමේ ඔහු කෝවිඩ් 19 වයිරසය ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇත.
දරුවාගේ පියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂණයේදී ද මෙම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු වශයෙන් තහවුරු කර තිබු බවද නලීන් ෆෝන්සේකා මහතා කියා සිටියේය.
අයි.ඩී.එච්. රෝහල මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් වයිරසය ආසදිත වී නොමැති බවට ඊයේ (10) තහවුරු වී ඇති බවද නලීන් ෆෝන්සේකා මහතා කියා සිටියේය.
මෙම පුද්ගලයාට තවත් දින කිහිපයකින් තෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර එම පරීක්ෂණයේදීත් ඔහු කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් රෝහලින් මුදා හැරීමට සිදුකරන බවද ඒ මහතා කීය.
මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි කොටිකාවත්තේ නිවසේ සිටි 6 දෙනො පී.සී.ආර්. පරීක්ෂණය ලක් කර ඇති බවත් එම වාර්තාව අනුව ඔවුන් කෝවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී නොමැති බවද පරිපාලනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිජ්වේ ආර්යා රෝහලේ සිටි බිළිදාගේ පියාට කොරෝනා නැහැ