රජරට විශ්ව විද්‍යාලයයයේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ සංගම් ද ඒවායේ සියලු නිලතල ද අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාළක සභාව තීරණය කළ බව ලේකඛාධිකාරී හා ලේකම් ඒ එම් ජී පී අබේසිංහ මහතා කියයි.
උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සිසුන්ගේ අත්අඩංගුවේ සිටීයදී කිසියම් එකඟතාවක් ඇති කැර ගත්තේ නම් එයද බලාත්මක නොකරන බවට පාළක සභාව ඒකමතිකව තීරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා තිලක්ගේ අදහසට මමත් එකඟයි. මොරටුවේ හා කැලණියේ විශ්ව විද්‍යාලවල උපාධිදාරියෙක් හැටියට, විශ්ව විදායල දේශපාලනය කිරීම තහනම් කළ යුතුයි කියලා මම කියනවා. සිසුන් එක එක දේශපාලන පක්ෂ වල අතකොලු වීම වැළැක්විය යුතුයි. ආචාර්යවරුන්ගෙන් හා ශිෂ්‍යයින්ගෙන් සමන්විතව විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන කොමිසන් සභා පිහිටුවා, ප්‍රශ්නයක් ඇති වූ විට නීතියේ පිළිසරණ ලබා ගැනීමට හැකිවෙන පරිදි නීති සකස් කළ යුතුයි. (නි)
බුද්ධිමත් තීරණයක් (නදී)
තම තමන්ගේ රාජකාරි හරිහැටි ඉෂ්ට සිද්ද කරනවානම් මෙවැනි ප්‍රශ්න උද්ගත වෙන්නේ නැහැනේ. (දී)
ඉතාමත් කාලීන තීරණයක්. පරිපාලයේ තියන දුර්වලතා නිසා තමා මේ වගේ සිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න සමිති ඕනේ වෙන්නේ. ඒ නිසා පරිපාලය විදිමත් සහ උසස් අන්දමින් කරන්න. තරුණ අයගේ මානසික තත්වය තේරුම් ගන්න (දී)
අර මිසීලගෙයි දොස්තර මහත්තුරුන්ගෙයි සංගම් වලටත් ඔය ටිකම කරලා දාන්න කෙනෙක් නැද්ද ...පුදුම දුකක්නේ මේ රටේ මිනිස්සුන්ට දෙන්නේ ....නිදහස් සෞඛ්‍ය සේවය නැති කරන්න හදන්නව...(ස)
මේ තීරණය මුළු රටේම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් සිසුන් නියමිත කාලයේදී බාධාවකින් තොරව අධ්‍යාපනය ලබල එලියට ඒවි. විශ්ව විද්යාල පද්ධතියේ තියෙන සියලු දෝෂ නිට්ටාවටම නිරාකරණය වේවි. අපෙත් ලේ පිරිසිදු වේවි. (නදී)
සංගම් අත්හිටුවීම නීතියට එකඟ නම් එහි වරදක් නැහැ. සිසු අත්අඩංගුවට පත් උපකුලපති සිසුන්ට දුන් පොරොන්දු දැන් බලාත්මක නොකරනවා නම් එය එම තනතුර හෑල්ලු කිරීමක්. ඔහුට මොන තත්වය යටතේවත් එවැනි පොරොන්දු නොදී ඉන්න තිබුනා. (නදී)
හොරු පොලීසිය ඕනෙ නෑ කියනව වගේ වැඩක්නෙ. අනේ මන්ද අපේ රටේ මිනිස්සු මොනව කියනවද කියල. (නදී)
විකීගේ අදහසට මමත් එකඟයි. 1986 ජනවාරි මොරටුවට ඇතුලු වූ මම එළියට ආවේ 1992 දෙසැම්බර වල. අවු 3 ක් එළියේ හිටියේ. බොහොම පැහැදිලියි, දැනුත් සරසවි දුවන විදිහ නම් අනුමත කරන්න බැහැ. (නි)
ධම්ම මහත්මයා ලංකාවේද පොරොන්දු ඉටු කරන්නේ.....? සේපාල ඒකනායකට අත්අඩංගුවට ගන්න නැහැ කියලා එදා හිටපු පාලකයෝ පොරොන්දු වෙලා මතක නේද ඒයාට කරපු වැඩේ.ඒවා එදත් එහෙමයි,අදත් එහෙමයි.....මේ කපේදී සිද්ධ නොවෙන දේවල් පොරොන්දු ඉටු කිරීම් . (දී)
තමන් ඉගෙන ගන්න ආවා නම් ඒ කටයුත්ත හොඳින් කරගෙන පිටත් ව යනවා කියන අදහස සිසුන් කීයෙන් කී දෙනෙකුටද තියෙන්නේ ? මගේ වැඩිමල් සොයුරා උපාධිය අරන් පිට වෙන කොට වයස 30 ට කිට්ටුයි. ඔහුගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හැමදාම සරසවියේ අරගල නිසා ප්‍රශ්න . ඒ කාලය අපේ පවුලේ සැමට හරිම කටුක කාලයක්. (දී)
ලංකා තිලක්, මේ තීරණේ ක්‍රියාත්මක කලොත් ලංකාවේ හැමෝටම ඉගෙන ගන්න වෙන්නේ සල්ලි ගෙවල තමයි. ඒ කියන්නේ ඉගෙන ගන්න වෙන්නේ නෑ. එතකොට ඕක විකුණගන්න ගොඩාක් පහසුයිනේ. (දී)
චතුරංග,ගාමිණී, ඔබ දෙපළ ගැන සතුටු වෙමි. (නි)
දැන් ඉතින් අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
සිසු සංගම් වලට පින් සිද්ද වෙන්න තමයි අද දක්වා නිදහස් අධ්‍යාපනය යම් තරමින් හෝ ඉතිරි වෙලා තිබුනේ.දැන් ඉතින් අනාගත දරුවන්ට පුළුවන් වේවි ලක්ස 65 ක් ගෙවල උසස් අධ්‍යාපනය හදාරන්න.. (දී)
මුදලට සියල්ලම යටයි අද.. (දී)
ගමේ පොල් ගෙඩි කඩපු "හරමානිස්ගේ" කොල්ල අද ඉංජිනේරුවෙක් වෙලා ඉන්නේ අන්තරයට පින් සිද්ද වෙන්නයි. . (දී).
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් දරුවෙකුගේ පියෙකුගෙන් කොලබ ප්‍රසිද්ද රජයේ පාසලකට ඇතුලත් කර දීමට ලක්ස 5ක් ඉල්ලලා තිබුන කියල නම් ගම් ඇතිවම විස්තරයක් අන්තර්ජාලයේ තිබුන.විශ්වවිද්‍යාලයකට ලක්ස 65 කුත් මදි වේවි මගේ හිතේ.....සුබ අර්නාගතයක් කියල දැන්නම් අපිට මැවිලා පේනවා. . (දී)
ලංකා තිලක් වැස්සකටවත් විශ්වවිද්‍යාලයක් අහලකින්වත් ගිය මිනිහෙක් කියලනම් පේන්න නැහැ.. (දී)
ලංකාව කියන්නේ පුදුමාකාර රටක්. (නි)
මෙතන අදහස් දාන අයගෙන් තුන් වේල කාලා ඇඳලා ඉන්න අය ඉන්නේ කී දෙනාද? හරියට ලක්ෂ 65ක් දීලා දරුවෙක් විශ්ව විද්‍යාලයකට දාගන්න සල්ලි තියෙන උදවිය වගේනේ කතාව. (නි)
මම නම් හිතන්නේ ඉගෙනගන්න එන සිසුන් ඉගෙනගන්න එක පැත්තකින් තියලා දේශපාලනය කරන එක වැරදියි. දෙමව්පියන් අමාරුවෙන් තමයි ඔතනටත් එවන්නේ. මහජනතාවගේ මුදලුයි, කාලයයි කොතරම් නාස්ති වෙනවද මේ වැඩ නිසා? (නි)