රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව සරසවි ආරංචිමාර්ග කියයි.
සිසුන් 28 දෙනකුගේ පන්ති තහනමක් ගැන මේ සාකච්ඡාව පවත්වා ඇත.
උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන කලමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ගේ මාපියන් සමග සාකච්ඡාවක් පවත්වද්දී සිසුන් පිරිසක් එහි පැමිණ උපකුලපති හා ගුරුවරු හිර කළ බව කියති.
උපකුලපති හා සරසවි ආචාර්යවරුන්ගේ ආරක්ෂාවට සරසවි ආරක්ෂකයනට අමතරව පොලිසිය ද කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද අනේ නිමාලි ඔයාගේ ආයතනය.ඔයාගේ අදහසින්ම ආයතනය ගැනත් හිතා ගන්න පුළුවන්.. (දී)
කවදත් අධ්‍යාපනයේ ජරමර තමයි (දී)
ළමයින්ට පුලුවන්ද මෙහෙම කරන්න? (නි)
අපේ ආයතනයේ පුරප්පාඩු වලට උපාධිදාරින්ට වඩා ගන්නේ අඩු සුදුසුකම් ඇති උසස් පෙළ සමතුන් . හේතුව මොකද කියල පැහැදිලියි. කාර්යාලයේ අපි හැමෝම අල්ලලා මේ ටිකම කරාවි. (අ)
සිර කිරීමක් වෙලා නෑ.ඒ ශාලාව වටලලා ළමයි.එතකොට එළියට යන්න බැරි වෙනවා,එහෙම නැතුව අල්ලලා කාමරේකට දාලා නෑ.දැන් ලංකාවේ මහජනයත් කෙහෙල් විකුණගන්න බෑ,පාර හදලා නෑ කියලා රජයේ කාර්යාල වටලනවා නම් ඒ වැඩිහිටියන්ගේ ළමයි මේ වගේ වැඩ කරන එක පුදුමයක් නෙවෙයි.(දී)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල. (අ)