රජරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් උප කුලපති හා ආචාර්යවරුන් කිහිප දෙනකු සිර කර තැබීමේ සිද්ධියෙන් පසු ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු සඳුදා (30) සිට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය සේවය අත්හිටුවන බව රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවසුහ.
මාතලේ විහාර පාරේ විද්‍යානන්ද පිරිවෙනේදී අද (29) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැනගෙනනේ විදුහල්පතිවරුන්ට හමුදා ට්‍රේනින් එකක් දෙන්නේ.ඒ නිසා සියලුම ගුරුවරුන්ට මේ පුහුණුව දිය යුතුයි තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. (දී)
සමහර ආචාර්ය වරු සුළු පිරිසක් ලමයි මේ වගේ වැඩ වලට පොලඹවලා ඒක තමයි ඇත්ත. මේ ලමයි ගෙන් වැඩි දෙනා දන්නෙ නැහැ එයාලා විකුණගෙන කන පිරිසක් ඉන්න බව. (දී)
දැන් දැන් ප්‍රසන ඇතිවී තිබෙන්නේ ආචාර්ය වරුන් සහ සිසුන් අතරේ. මෙයාලා කුලල් කාගන්නවා. හරි ෂෝක්! (දී)
මම ආචාර්ය වරු න්ගේ පැත්තේ (දී)
මේ ළමයින්ගේ ඉල්ලීම උනේ මොකද්ද ඇයි උපකුලපති හිරකලේ (දී)
මම පිට රට අධ්‍යාපනය ලැබූ කෙනෙක් කිසිම ගැටළුවක් නැහැ ගියා ඉගෙන ගත්තා ආවා දැන් රස්සාවකුත් කරනවා මට වයස 25 යි ලංකාවේ නම් පුලුවන්ද (දී)
ලංකාවේ සමස්ත අධ්‍යාපනයම කඩා වැටිලා පාසල් විශ්ව විද්‍යාල එකම මට්ටමේ තියෙන්නේ (දී)
ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එලියට එන පිරිස් වලට රස්සා නැත්තේ තාරුණ්‍ය ඉක්මවන වයසේ ඉන්න නිසා වෙන්න ඕනේ (දී)
මෙතැනදී එක පාර්ශවයක් ගැන විතරක් හිතන්න බැහැ ආචාර්ය වරුත් හරි ළමයිනුත් හරි එතකොට කවුද වැරදි...... සාධාරණ ලෙස ඉල්ලීම් ගැන සලකා බැලුවානම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද (දී)
මේ ළමයි නිකන් මේ වගේ හැසිරුනේ නැහැ, මේ ළමයි ඉල්ලපු ඉල්ලීම් තිබ්බා ඒවා සතපහකටවත් ගණන් ගත්තේ නැහැ එතකොට කවුද වැරදි ලමයිද (දී)
සිසිර කියන කතාව හරි විශ්වවිද්‍යාලයෙන් එලියට එනකොටම පෙන්ෂන් යන්න කාලේ හරි (දී)
වසර කියක් විශ්ව විද්‍යාලය තුල අධ්‍යාපනය ලබනවාද මේ සිසුන් රස්සාවක් කරන්න කාලයක් තියෙනවද (දී)
ආචාර්ය වරු කියන කතාව හරි මොකද ඒ ආචාර්ය වරු දරු පවුල් කාරයෝ ඒ මිනිස්සුන්ට මොකාක් හෝ උනොත් පවුල් කියක් අනාත වෙනවද (දී)
සිසුන්ට ආචාර්ය වරු ගැන හැඟීමක් නැහැ ආචාර්ය වරුන්ට ළමයි ගැන හැඟීමක් නැහැ (දී)
මේ ළමයිට ඉගෙන ගන්න කාලයක් තියෙනවද (දී)
විශ්ව විද්‍යාල පද්දතියම කඩා වැටිලා (දී)
ළමයින්ගේ ඉල්ලීම ඉෂ්ට කලානම් බය වෙන්න දෙයක් නැහැ (දී)
ආ මේ ආචාර්ය වරු බය වෙලා (දී)
ළමයින්ගේ ජිවිත වලින් තමයි මේ පව් යන්නේ (දී)
තමුන්ගේ අයතීන් ඉල්ලලා ළමයින්ගේ ජීවිත වලින් මාස 3ක් කාල දාපු විශ්ව විද්‍යාල ආචාර වරුන්ට ළමයින්ගේ ජීවිත වලින් සතියක් දෙකක් කන එක මහා දෙයක් නෙමෙනේ... (දී)
පන්ති 13 වසර සිට 14, 15,16.17 හා 18 වසර ලෙස නම් කරන්න. රුවූල් කොන්ඩ් කප්පලා සිසුන්ට සුදු නිල ඇදුමක් දෙන්න. කුලපති - විදුහල්පති ලෙසත්, කතිකාචාර්ය වරු - ආචාර්ය ලෙසත්, විශ්වවිද්‍යාල - විද්‍යාල ලෙසත් නම් මාරු කරන්න. වේවැල් තොග එම විද්‍යාල වලට යවා මහජන බදු මුදලින් අද්‍යාපනය ලබාදෙන්න. මීට (අටපාස්) කොල්ලෙක්. (දී)