මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ ජලයේ වෙනස හේතුවෙන් භූමියේ රසායනික සංයුතිය වෙනස්වීම නිසා යැයි ද කෘෂි රසායන හේතුව හා ජල මුලාශ්‍ර විපර්යාස වලට ලක් වීම පිළිබඳව රජරට පුරා විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීය යුතුව ඇතැයිද මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයකු වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සුදර්ශන සෙනවිරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ දී ‘පුරා විද්‍යා හා උරුම කළමණාකරණය වාර්ෂික වාර්ෂික පර්යේෂණ සැසිය2013‘ අමතමින් මහාචාර්යවරයා මේ බව කීය.
ආදී වාසී ජනාවාස පැවැති කණ්ඩලම ප්‍රදේශයේත් පොස්පේට් නිධිය වරෙක සමාගම්කරණය වීම නිසා එප්පාවල ප්‍රදේශයේත් ජල පද්ධතිය වෙනස්කම්වලට ගොදුරු වු බැවින් ඒ පිළිබඳව වහා පර්යේෂණ පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
‘එප්පාවල හා කණ්ඩලමත් යෝධ ඇළ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.
වකුගඩු උරුමය හා කරුමයට ඒ ජල සාධකයත් භූමීයේ සිදුවන රසායනික සංයුතියේ වෙනස්කම් බලපෑ හැකියි.’
ජලය පැවැති ස්ථානයක ජලය නොමැති වු විටෙක රසායන ඇතිවන බව පැරැණි ශිෂ්ඨාචාරවලින් පැහැදිලියි.මාසයකට ජීවීත හාරසීයක් නැතහොත් දිනකට දිනකට ජීවීත 13 නැති වන හේතුව කෘෂි රසායන මිශ්‍ර වීමද යන්න මගින් තේරුම් ගත හැකියි ’.
රජරට විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යාපන අංශය මෙම සැසිය සංවිධානය කළේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන ප්‍රථම පුරා විද්‍යා ජාතික පර්යේෂණ සමුළුවක් ලෙසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිවේගයේ කාපට් පාරවල් අපිට අනුරාධපුරයේ තියෙනවා. නමුත් පානීය ජලය නැතිව ජනතාව වකුගඩු රෝගයෙන් මිය යනවා. කෝක කරන්නත් ජනතාව නිරෝගී වෙන්න ඕනා නේද? (නදී)
ත්‍රස්තවාදය අවසන් කළා වගේම අපේ පාලකයෝ උතුරු මැද පළාතේ "කෘෂි රසායන මාෆියා" ව ගැන මුනිවත රකින්නේ නොදන්නා කම නිසා විය නොහැකියි. දිනකට මෙපමණ ප්‍රමාණයක් ත්‍රස්තවාදයෙන් වත් මියගියේ නැහැ. බටහිර කුමන්ත්‍රණයක් ගැන මියගිය අයගේ දත්ත උපුටා ගෙන බෙරිහන් අයටත් මේවා නොපෙනෙනවා නොවේ. මේක පිටරටවල සහයත් ඇතුව කෙරෙන කුමන්ත්‍රණයක්.(නදී)
අපි තාමත් අතිසාරේට අමුඩ ගහනවා ? තව පැත්තකින් කුඩු වසංගතේ අනේ මන්ද රටකට ගිය කලක් (දිල්)
මේවා කිසි පරිත්ෂනාත්මක සාධක නැති මතවාද විතරයි. රසායනික යොදන එක නතර කරලා බලන්න අවුරුදු 10ක් විතර.(නදී)
මේක ටිකක් මත වාදයකට තුඩු දෙන ප්‍රකාශයක්. මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ භූමි කම්පා වල ප්‍රතිපලයක් හැටියට කියලයි මා අසා ඇත්තේ. ඒකනේ පොලොව කැණීමෙන් මේ ඉතිහාසය සොයන්නේ. ඔය තීරයේම ඇති කඳුවැටි පරීක්ෂා කර බැලුවොත් දැකගන්න පුළුවන් මුහුඳු පත්ලේ ඇති දේ ඒ කඳු මත ඇති බව. මතකද මේ ඊයේ පෙරේදා ඔය අවට ගවාදර් මුහුඳේ දුපතක් මතු උනා උතුරුකරයේ භූමි කම්පාවක ප්‍රතිපලයක් හැටියට.(නදී)
කොහොම උනත් වකුගඩු ප්‍රශ්නය හරිම භයානකයි. ඒකට හරි හමන් දෙයක් තවම කරන්නේ නැහැ. පව් දුප්පත් ගොවියෝ.(නදී)